۞ لَتَجِدَنَّ أَشَدَّ ٱلنَّاسِ عَدَٰوَةٗ لِّلَّذِينَ ءَامَنُواْ ٱلۡيَهُودَ وَٱلَّذِينَ أَشۡرَكُواْۖ وَلَتَجِدَنَّ أَقۡرَبَهُم مَّوَدَّةٗ لِّلَّذِينَ ءَامَنُواْ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّا نَصَٰرَىٰۚ ذَٰلِكَ بِأَنَّ مِنۡهُمۡ قِسِّيسِينَ وَرُهۡبَانٗا وَأَنَّهُمۡ لَا يَسۡتَكۡبِرُونَ
(නබිවරය!) ජනයා අතරින් දේවත්වය විශ්වාසකළවුනට සතුරුකමින් වඩා දරුණු අය ලෙස නුඹ යුදෙව්වන් හා දේවත්වයට ආදේශ කළවුන් දකිනු ඇත. තවද මිතුරුකමින් විශ්වාස කළවුනට වඩාත් සමීපතයින් ලෙස සැබැවින් ම අපි කිතුනුවෝ වෙමු යැයි පැවසූ අය නුඹ දකිනු ඇත. හේතුව ඔවුන් අතර උගත් පඬිවරුන් ද ආගමික නායකයින් ද සිටින බැවිනි. එමෙන් ම ඔවුහු උඩගු නො වෙති.