Skip to content
සූරා ලැයිස්තුව /

الدُّخان

الدُّخان is chapter 44 of the Quran and has 59 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

59 වැකි සූරා අංකය 44
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

حمٓ

හා මීම්.

Explanation & meanings · 1
  1. මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න.

وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ

පැහැදිලි ධර්ම ග්‍රන්ථය මත දිවුරමින්.

إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةٖ مُّبَٰرَكَةٍۚ إِنَّا كُنَّا مُنذِرِينَ

නියත වශයෙන් ම භාග්‍යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන් ම අපි අවවාද කරන්නන් වූයෙමු.

فِيهَا يُفۡرَقُ كُلُّ أَمۡرٍ حَكِيمٍ

එහි ප්‍රඥාවෙන් යුක්ත සෑම නියෝගයක් ම තීරණය කරනු ලබයි.

أَمۡرٗا مِّنۡ عِندِنَآۚ إِنَّا كُنَّا مُرۡسِلِينَ

(එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන් ම අපි (ධර්ම දූතයින්) එවන්නන් වූයෙමු.