Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 56 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සවස් කාලයට එළැඹෙන විට හා උදෑසනට එළැඹෙන විට මෙම ප්‍රාර්ථනාවන් පවසා සිටීම කිසිවිටෙක අත් හැරියේ නැත. එනම්: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَتِي -أَو: عَوْرَاتِي- وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي තේරුම: (අහෝ දෙවිඳුනි! මෙලොව හා මතුලොව ජීවිතයේ සුවය සැබැවින්ම මම ඔබෙන් පතමි. මාගේ දහම, මාගේ මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සම්පත් යනාදියෙහි සුවය හා සමාව මම ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! මගේ අඩුපාඩු වසං කරනු මැනව. මගේ බිය තුරන් කරනු මැනව. මගේ ඉදිරිපස, පසුපස, දකුණුපස, වම්පස, ඉහළ හා පහල යන දිශාවන්ගෙන් මාහට ආරක්ෂා සලසනු මැනව. මට පහළින් විය හැකි අනතුරුවලින් ආරක්ෂාව ද ඔබේ ශ්‍රේෂ්ඨත්වයේ නාමයෙන් පතමි.)
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, නසාඊ, ඉබ්නු මාජා හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, ඇතැම් කරුණු පිළිබඳ කතා කළේය. එවිට ඔහු: 'අල්ලාහ් සහ ඔබ අභිමත කළ පරිදි සිදු විය' යැයි පැවසීය. එවිට එතුමාණෝ ‘අල්ලාහ්ට ආදේශයක් බවට නුඹ මා පත් කළෙහි ද? මාෂා අල්ලාහ් (අල්ලාහ්ගේ අභිමතය පරිදි) යනුවෙන් පමණක් පවසනු.' යැයි පැවසුහ.
මෙහි වාර්තා සම්බන්ධතාව හසන් ගණයට අයත්ය. رواه ابن ماجه والنسائي في الكبرى وأحمد
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අකබා උදෑසන තම ඔටුවා මත හිඳ මෙසේ පැවසූහ. "මට ගල් කැට අහුලා දෙන්න." එවිට මම එතුමාණන් වෙනුවෙන් ගල් කැට හතක් අහුලා දුනිමි. ඒවා බොරළු කැට විය. පසුව ඔහු ඒවා තම අත්ලෙහි සොලවා මෙසේ කීවේය: “මේවා මෙන් ඔබ විසි කරන්න.” ඉන්පසු එතුමාණෝ මෙසේ පැවසීය.“අහෝ මිනිසුනි! ආගම විෂයෙහි අතිශයෝක්තිභාවයෙන් (අන්තවාදයෙන්) පරිස්සම් වන්න. සැබැවින්ම ඔබට පෙර සිටියවුන් විනාශ කර දැමුවේ ආගම විෂයෙහි අතිශයෝක්තියයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය ඉබ්නු මාජහ්, අන්නසාඊ සහ අහ්මද් යන ඉමාම් වරුන් වාර්තා කොට ඇත.
"මස්ජිද්වල මිනිසුන් එකිනෙකා අලංකාරය ප්‍රදර්ශනය කර ගන්නා තෙක් අවසන් හෝරාව පැමිණෙන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, නසාඊ හා ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"මිනිසා තම කුසට වඩා නරක ලෙස පුරවන වෙනත් කිසිදු භාජනයක් නැත. ආදම්ගේ පුත්‍රයා තම කොඳු ඇට පෙළ ඍජුව තබා ගන්නා තරමට අනුභව කිරීම ප්‍රමාණවත්ය. එය නොවැළැක්විය හැකි නම්, තුනෙන් එකක් ආහාර සඳහා ද තුනෙන් එකක් බීම සඳහා ද ඉතිරි තුනෙන් එක ඔහුගේ හුස්ම සඳහා ද විය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අහ්මද්, තිර්මිදී, අන්නසාඊ සහ ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ඔබට සැකය ඇති කරන දෑ ඔබට සැකය දුරු කරන දෑ වෙත අත්හැර දමන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"තිදෙනෙකු පිළිබඳ (ලිවීමෙන්) පන්හි ද ඉවත් කරනු ලැබීය. නිදන්නා නින්දෙන් අවදිවන තුරු, ළඳරුවා වැඩිවියට පත් වන තුරු, උන්මත්තකයා සිහිබුද්ධිය ලබන තුරු"
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
"අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අල්කුබ්රා ග්‍රන්ථයෙ හි වාර්තා කර ඇත. තවද ඉමාම් අහ්මද් වාර්තා කර ඇත.