Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 10 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"ඔබලා අතරින් මරණාසන්නයේ සිටින පුද්ගලයන්ට 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යන ප්‍රකාශය මෙනෙහි කරන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ජනාසා (මිය ගිය දේහයේ) කටයුතු ඉක්මන් කරන්න. එය යහපත් එකක් නම් ඔබ ඉදිරිපත් කිරීම හොඳය. ඒ හැර වෙනත් දෙයක් වී නම් ඔබේ කරවලින් එය ඉවත තබන නපුරකි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ් ශාප කළේය. ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් ගැබ් මස්ජිද් බවට සකසා ගත්තෝය. ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: "එසේ නොවීනම්, එතුමාණන්ගේ මිනීවල හෙළි කරනු ලබන්නට තිබුණි. නමුත් එතුමා එය නැමදුම් ස්ථානයක් ලෙස ගනු ලැබීම ගැන බිය වූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අබූ මූසා තුමා දැඩි වේදනාවකින් පෙළුණහ. එහෙයින් ඔහුගේ පවුලේ එක් කාන්තාවකගේ ඔඩොක්කුව මත ඔහුගේ හිස තිබිය දී ඔහු ක්ලාන්ත විය. ඇයට කිසිවකින් පිළිතුරු දීමට ඔහුට නොහැකි විය. ඔහු අවදි වූ කල්හි මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර කෙනකුගෙන් ඉවත් වූයේ ද මම ද ඔහුගෙන් ඉවත් වන්නෙක්මි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මොර දී වැළපෙන්නාගෙන් ද හිස මුඩුගා වැළපෙන්නාගෙන් ද ඇඳුම් ඉරාගෙන වැළපෙන්නාගෙන් ද ඉවත් වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මිනිසා මිය ගිය විටෙක, කරුණු තුනක් හැර ඔහුගේ සෙසු ක්‍රියාවන් ඔහුගෙන් විසන්ධි වී යනු ඇත. එනම්, සදාතනිකභාවයක් ඇති දානය, ප්‍රයෝජනය ලබන දැනුම, ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දැහැමි දරුවා."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“මියගිය තැනැත්තන් හට දොස් නොකියනු. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ඔවුන් ළඟා වී ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
අවමංගල්‍ය පෙරහැරට සහභාගි වීම අපට තහනම් කර ඇති අතර, එය අපට නිර්දේශ කර නැත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දියණියක් අභාවයට පත් වූවාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිටතට පැමිණ මෙසේ ප්‍රකාශ කළහ. ඔබ යමක් (අපවිත්‍රතාවයක්) දුටු කල්හි ඇයව තුන්වරක් හෝ පස්වරක් හෝ ඊටත් වඩා වැඩි වාර ගණනක් ජලය හා මසන් කොළ භාවිතා කර සෝදා හරින්න. එහි අවසානයට කපුරු - කපුරු ස්වල්පයක්- යොදන්න. ඔබ අවසන් කළේ නම් මට දැනුම් දෙන්න." ඇය මෙසේ පැවසුවාය: "අපි අවසන් කළ කල්හි එතුමාණන්ට දැනුම් දුන්නෙමු. එවිට එතුමාණෝ එතුමාණන්ගේ සළුව අප වෙත දමා එය ඇයට පළන්දන්නැයි පවසා සිටියේය. "ඇය තවදුරටත් මෙසේ වාර්තා කරයි. "ඇගේ හිසකෙස් අපි ගෙතුම් තුනකින් සැකසුවෙමු."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.