ඔබ යමක් (අපවිත්‍රතාවයක්) දුටු කල්හි ඇයව තුන්වරක් හෝ පස්වරක් හෝ ඊටත් වඩා වැඩි වාර ගණනක් ජලය හා මසන් කොළ භාවිතා කර සෝදා හරින්න. එහි අවසානයට කපුරු - කපුරු ස්වල්පයක්- යොදන්න. ඔබ අවසන් කළේ නම් මට දැනුම් දෙන්න." ඇය මෙසේ පැවසුවාය: "අපි අවසන් කළ කල්හි එතුමාණන්ට දැනුම් දුන්නෙමු. එවිට එතුමාණෝ එතුමාණන්ගේ සළුව අප වෙත දමා එය ඇයට පළන්දන්නැයි පවසා සිටියේය
උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දියණියක් අභාවයට පත් වූවාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිටතට පැමිණ මෙසේ ප්‍රකාශ කළහ. ඔබ යමක් (අපවිත්‍රතාවයක්) දුටු කල්හි ඇයව තුන්වරක් හෝ පස්වරක් හෝ ඊටත් වඩා වැඩි වාර ගණනක් ජලය හා මසන් කොළ භාවිතා කර සෝදා හරින්න. එහි අවසානයට කපුරු - කපුරු ස්වල්පයක්- යොදන්න. ඔබ අවසන් කළේ නම් මට දැනුම් දෙන්න." ඇය මෙසේ පැවසුවාය: "අපි අවසන් කළ කල්හි එතුමාණන්ට දැනුම් දුන්නෙමු. එවිට එතුමාණෝ එතුමාණන්ගේ සළුව අප වෙත දමා එය ඇයට පළන්දන්නැයි පවසා සිටියේය. "ඇය තවදුරටත් මෙසේ වාර්තා කරයි. "ඇගේ හිසකෙස් අපි ගෙතුම් තුනකින් සැකසුවෙමු."
تُوُفِّيَتْ إِحْدَى بَنَاتِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَخَرَجَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «اغْسِلْنَهَا ثَلاَثًا، أَوْ خَمْسًا أَوْ أَكْثَرَ مِنْ ذَلِكَ، إِنْ رَأَيْتُنَّ بِمَاءٍ وَسِدْرٍ، وَاجْعَلْنَ فِي الآخِرَةِ كَافُورًا -أَوْ شَيْئًا مِنْ كَافُورٍ-، فَإِذَا فَرَغْتُنَّ فَآذِنَّنِي»، قَالَتْ: فَلَمَّا فَرَغْنَا آذَنَّاهُ، فَأَلْقَى إِلَيْنَا حِقْوَهُ، فَقَالَ: «أَشْعِرْنَهَا إِيَّاهُ»، وَقَالَتْ: وَجَعَلْنَا رَأْسَهَا ثَلاَثَةَ قُرُونٍ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දියණියක් වූ සෙයිනබ් (රළියල්ලාහු අන්හා) තුමිය මරණයට පත් වූවාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඇයව නාවන්නට බලන කාන්තාවන් අතරට පිවිස "ජලයෙන් හා මසන් කොළවලින් වාර තුනක් හෝ පහක් හෝ ඊට වැඩි වාර ගණනාවක් හෝ එහි අවශ්‍යතාවක් ඇති වූ විටෙක ඔත්තේ සංක්‍යාවකින් සෝදා හරින්න. අවසන් සේදීමේ දී කපුරු ස්වල්පයක් භාවිත කරන්න. ඔබ අවසන් කළේ නම් මා වෙත දැනුම් දෙන්න." යැයි පැවසුහ. අපි ඇයව නාවා අවසන් කළ කල්හි එතුමාණන්ට දැනුම් දුන්නෙමු. සෝදා පිරිසිදු කරන ලද එතුමාණන්ගේ සළුව පිරිනමා ඇයව එමගින් ඔතන මෙන් ද ඇය ආවරණය කරන විට ඇගේ සිරුරට කෙලින්ම ස්පර්ශ වන පළමු වස්ත්‍රය එය බවට පත් කරන මෙන් ද පැවසූහ. පසුව ඇගේ හිසකෙස් කොටස් තුනකට ගොතනු ලැබීය.
මුස්ලිම්වරයකුගේ දේහය නෑවීම අනිවාර්‍ය වේ. සැබැවින්ම එය ෆර්ළු කිෆායා ගණයට අයත්ය. (එනම් සුළු පිරිසක් සිදු කිරීමෙන් වගකීම මිදෙනාකාරයේ නියමයකි.)
කාන්තා දේහයක් නෑවිය යුත්තේ කාන්තාවන් විසින් පමණි. පිරිමි දේහයක් නෑවිය යුත්තේ පිරිමින් විසින් පමණි. නමුත් කාන්තාවක් ඇගේම පුරෂයා සම්බන්ධයෙන් හා වහළියක් ඇගේ ස්වාමියා සම්බන්ධයෙන් හැර. ඒ සෑම කෙනෙකුම අනෙත් සගයාව සෝදා හරියි.
නෑවීම වාර තුනකින් විය යුතුය. නමුත් එය ප්‍රමාණවත් නොවී නම්, පස් වාරයකින් විය යුතුය. යහපත හා අවශ්‍යතාව සැළකිල්ලට ගෙන ඊට අමතරව ද සේදිය හැකිය. ඉන් පසු ද ශරීරයෙන් පිටවන යම් අපවිත්‍රතාවයක් වී නම් එම අපවිත්‍රය බැහැර වන ස්ථානය වසා දැමිය යුතුය.
නාවන්නා විසින් නාවන වාර ගණන ඔත්තේ සංඛ්‍යාවකින් පිහිටුවාගත යුතුය. එනම් වාර තුනක් හෝ පහක් හෝ හතක් ලෙසිනි.
අස්-සින්දි තුමා මෙසේ පවසයි: "මියගිය පුද්ගලයා සේදීමට නිශ්චිත වාර ගණනක් නොමැති බව මෙම හදීසයෙන් පෙනී යයි. කෙසේ වෙතත් අවශ්‍ය වන්නේ පිරිසිදුකමය. නමුත් ඔත්තේ සංඛ්‍යාව සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම අවශ්‍ය වේ."
ජලය සමග මසන් කොළ ද භාවිත කළ යුතුය. මක්නිසාදයත් එය පිරිසිදු කරන්නක් වන අතර දේහය නැවුම්ව තබා ගන්නට බලයි.
දේහය සෝදා අවසන් වනවාත් සමගම ජලය පිට නොවන සේ සුවද හමන කපුරු තැන්පත් කළ යුතු ය. මක්නිසාදයත් එය සුගන්ධයත් සමග ශරීරය ශක්තිමත් කරයි. ඉක්මණින් ශරීරය නරක් වීමෙන් වළක්වයි.
ගෞරවණීය ශරීර අවයව සේදීමෙන් නෑවීම ආරම්භ කළ යුතුය. එනම් දකුණු අවයව හා වුළූ සඳහා ඇතුළත් වන අවයව වේ.
මියගිය කාන්තාවගේ කොණ්ඩය පීරා එය ගෙත්තම් තුනකට ගෙතීම සහ මියගිය කාන්තාවගේ පිටුපසට පිහිටන සේ එය තැබීම නිර්දේශ කරනු ලබන්නකි.
දේහය නෑවීමේ දී එකිනෙකා සහාය වීමට අවසරය ඇත. නමුත් අවශ්‍යතා ඇත්තන් හැර වෙනත් කිසිවෙක් එයට සහභාගී නොවිය යුතුය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඇඳුම වැනි එතුමාණන්ගේ වස්ත්‍ර මගින් ආශිර්වාද ලැබීම එතුමාණන්ට පමණක් සුවිශේෂී වූ කරුණකි. එය වෙනත් විද්වතුන් හෝ ධර්මිෂ්ඨ මිනිසුන්ට අදාළ වන්නේ නැත. මක්නිසාදයත් එම කරුණු දිව්‍යමය වශයෙන් නියම කරන ලද්දකි. නබි තුමාණන්ගේ සහගාමීන් වෙනත් කිසිවකු සමග එසේ කටයුතු කර නැත. මක්නිසාද යත්, එය වෙනත් අයගේ දේවල් සමඟ එසේ පැතීම බහු දේවවාදයේ මාධ්‍යයක් වන බැවින් හා එයින් ආශිර්වාද සොයන අයට පෙළඹවීමක් වන බැවිනි.
විශ්වාසය තබා පැවරිය හැකි කාර්යයක් විශ්වාසවන්ත තැනැත්තෙකුට පැවරීමට සුදුසුකම් තිබේ නම්, එසේ ඔහුට පැවරීමට අවසර ඇත.
සහීහුුල් බුහාරි (2/ 74) (1258 - 1259).
සහීහ් මුස්ලිම් (2/ 646) (939).
තවත් බලන්න (8)
تيسير العلام.
للبسام (ص281).
تنبيه الأفهام.
لابن عثيمين (2/ 360).
الإفهام في شرح عمدة الأحكام.
لعبد العزيز بن باز (ص344).
الإلمام بشرح عمدة الأحكام.
لإسماعيل الأنصاري (1/ 227).