Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 56 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“කෙනෙකු මූත්‍රා කරමින් සිටිය දී දකුණතින් තම ලිංගය නො ඇල්ලිය යුතු ය. වැසිකිළි ගිය පසු තම දකුණතින් නො සේදිය යුතු ය. (පානය කරන) භාජනය තුළ හුස්ම නො හැරිය යුතු ය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සැබැවින්ම ආහාර නොගන්නා තම කුඩා දරුවා සමග අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ඇය පැමිණියා ය. පසුව එතුමාණන් තම උකුලේ දරුවා වාඩි කරවීය. එවිට ඔහු එතුමාණන්ගේ ඇඳුමේ මූත්‍රා කළේය. පසුව එතුමා ජලය ගෙන්වා ගෙන එය මත ඉසූහ. එය සෝදා හැරියේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ජලය කුල්ලතෙයින් ප්‍රමාණයෙන් වී නම් එය කිලිට උසුලන්නේ නැත." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"උඩු රැවුල කොට කිරීම, නියපොතු කපා හැරීම, කිහිලි රෝම ඉවත් කිරීම, රහස්‍ය පෙදෙසේ ඇති රෝම බෑම යනාදිය දින හතළිහකට වඩා අත් නොහරින මෙන් එතුමාණෝ අපට නියම කළහ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැසිකිලියට පිවිසුනු විට, ‘අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් කුබුසි වල්කබාඉසි’ - අහෝ අල්ලාහ්! පුරුෂ හා ස්ත්‍රී ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි.- යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ අතරින් කවරෙකු ජුමුආ සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්නානය කළ යුතුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මම ශ්‍රාවය අධික ලෙස හට ගැනෙන පුද්ගලයකු වූයෙමි. අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාගේ දියණිය සිටින ස්ථානය ගැන අසන්නට මම ලැජ්ජා වූයෙමි. එනිසා මම අල් මික්දාද් ඉබ්නු අල් අස්වද්ට (ඒ ගැන විමසන මෙන්) නියෝග කළෙමි. එවිට හෙතෙම එතුමාණන්ගෙන් විමසූ විට එතුමාණෝ: (එවැන්නෙකු) ‘ඔහුගේ ලිංගේන්ද්‍රිය සෝදා වුළු ධෝවනය කර ගනු ඇත'යි පැවසීය.” බුහාරි හි සඳහන් වාර්තාවක: ‘වුළූ ධෝවනය කර ගන්න. එමෙන්ම ඔබ ඔබේ ලිංගේන්ද්‍රිය ද පිරිසිදු කර ගන්න' යනුවෙන් වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මළපහ කිරීමෙන් පසු බැහැර වූ විටෙක, එතුමාණෝ "ගුෆ්රානක" (ඔබෙන් සමාව අයැද සිටිමි) යැයි පවසන්නෙකු වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.