Skip to content

“ඔබ අතරින් කවරෙකු ජුමුආ සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්නානය කළ යුතුය.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

“ඔබ අතරින් කවරෙකු ජුමුආ සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්නානය කළ යුතුය.”

«‌مَنْ ‌جَاءَ ‌مِنْكُمُ ‌الْجُمُعَةَ فَلْيَغْتَسِلْ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ජුමුආ සලාතය සඳහා පැමිණෙන උදවිය අඹු සැමි ඇසුර හේතුවෙන් ස්නානය කරන්නාක් මෙන් ස්නානය කර ගැනීම සතුටු දායක ක්‍රියාවක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සහතික කළහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

ජුමුආ දින ස්නානය කිරීම සහතික කිරීම. සැබැවින්ම එය සිකුරාදා දිනයේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාට සුන්නාවකි. සලාතය සඳහා පියනගන අවස්ථාවේ එය වඩාත් උචිත වේ.

පිරිසිදුකම හා සුවඳ විළවුන් ගැල්වීම සඳහා උනන්දු කරවීම. සැබැවින්ම එය මුස්ලිම්වරයකුගේ ගුණාංගයකි, සිරිතකි. එම කරුණ වඩාත් සහතික වනුයේ ජනයා හමුවන මොහොතේ හා ඔවුන් සමග වාඩිවන මොහොතේ ය. විශේෂයෙන්ම ජුමුආ දින හා සමූහ සලාත් ඉටු කරන අවස්ථාවේ එය පිළිපැදිය යුතු වේ.

හදීසයේ මේ ගැන ආමන්ත්‍රණය කර ඇත්තේ ජුමුආ අනිවාර්යය වන අයටය. එය ඔවුන් ඒ සඳහා සහභාගී වන බැවිනි.

ජුමුආ සඳහා සහභාගී වන්නන් පිරිසිදු වීම සතුටු දායකය. එබැවින් ඔහු ඔහුගේ ශරීරයේ ඇති දුර්ගන්ධය ඉවත් වන තරමට ස්නානය කර සුවද විළවුන් ගල්වා ගනු ඇත. වුළූ පමණක් ගත්ත ද එය ඔහුට ප්‍රමාණවත් වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (2/ 81) (1294).

සහීහ් මුස්ලිම් (1/ 99) (103).

තවත් බලන්න (6)

تيسير العلام شرح عمدة الأحكام.

لعبد الله البسام (ص239).

تنبيه الأفهام شرح عمدة الأحكام.

لابن عثيمين (2/ 302).

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (1/ 192).