Skip to content

ඔබ 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත) යැයි පවසන්න. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ වෙනුවෙන් ඒ ගැන මමා සාක්ෂි දරමි

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම මහප්පාට මෙසේ පවසා සිටියහ. "ඔබ 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත) යැයි පවසන්න. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ වෙනුවෙන් ඒ ගැන මමා සාක්ෂි දරමි" ඔහු: 'එසේ කිරීමට මා පෙලඹවූයේ (මරණයට ළං වන) බිය යැයි කියමින් කුරෙයිෂිවරුන් මට දොස් නැගීම ගැන මා බිය නොවන්නේ නම්, මම නිසැකවම ඔබේ දෑස් සතුටු කරන්නෙමි.' යැයි කීය. එවිට අල්ලාහ් මෙසේ හෙළිදරව් කළේ ය: "නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට, ඔබට මග පෙන්විය නොහැක. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි…" (අල්-කසස්: 56)

قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِعَمِّهِ: «قُلْ: لَا إِلَهَ إِلَّا اللهُ، أَشْهَدُ لَكَ بِهَا يَوْمَ الْقِيَامَةِ»، قَالَ: لَوْلَا أَنْ تُعَيِّرَنِي قُرَيْشٌ، يَقُولُونَ: إِنَّمَا حَمَلَهُ عَلَى ذَلِكَ الْجَزَعُ لَأَقْرَرْتُ بِهَا عَيْنَكَ. فَأَنْزَلَ اللهُ: {إِنَّكَ لا تَهْدِي مَنْ أَحْبَبْتَ وَلَكِنَّ اللهَ يَهْدِي مَنْ يَشَاءُ } [القصص: 56].

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම මහප්පා වන අබූ තාලිබ් වෙනුවෙන් එතුමාණන් පෙනී සිටිනු පිණිසත්, ඔහු වෙනුවෙන් ඉස්ලාමය ගැන සාක්ෂි දරනු පිණිසත් ඔහු මරණ වේදනාවේ සිටිය දී ලා ඉලාහ ඉල්ලල්ලාහු යැයි පවසන මෙන් එතුමාණෝ ඔහුගෙන් ඉල්ලා සිටියහ. නමුත් කුරෙයිෂ්වරු දොස් නගා මරණය හේතුවෙන් හා දුර්වලකම හේතුවෙන් ඔහු ඉස්ලාමය වැළඳ ගත් බව පවසනු ඇතැයි බියෙන් සාක්ෂියේ ප්‍රකාශය පවසන්නට ඔහු ප්‍රතික්ෂේප කළේය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට ඔහු මෙසේ පැවසීය: "එය එසේ නොවී නම්, සාක්ෂියේ ප්‍රකාශය තුළින් ඔබේ හදවතට ප්‍රීතිය ප්‍රවේශ කරවමි. ඔබ සෑහීමකට පත්වන තුරු ඔබේ කැමැත්ත මම ඔබට දන්වා සිටිමි. එවිට ඉස්ලාමයේ භාග්‍යය ආශිර්වාද කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට අයිතියක් නැති බවත්, තමන් කැමති අයට ආශිර්වාද කරනුයේ අල්ලාහ් පමණක් බවත් පෙන්වා දෙන පාඨය උත්තරීතර අල්ලාහ් පහළ කළේය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනිසුන්ට මග පෙන්වූ සාධක, පැහැදිලි කිරීම්, මඟපෙන්වීම්, ඍජු මාර්ගය වෙත ඇරයුම් කිරීම් තුළිනි.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

මිනිසුන්ගේ වචනවලට බිය වී සත්‍යය අත්හැර නොදැමිය යුතුය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට හැකි වූයේ මඟපෙන්වීම හා සාධක ඉදිරිපත් කිරීමෙන් මඟ පෙන්වීම පමණය. ආශිර්වාද කිරීම එතුමාණන් සතු නොවීය.

දේවත්වය ප්‍රතික්ෂේප කළ රෝගියා ඉස්ලාමය වෙත ඇරයුම් කරනු පිණිස ඔහුව බැහැදැකීම ආගමානුගත කර ඇත.

සියලුම අවස්ථාවන්හි උත්තරීතර අල්ලාහ් වෙත ඇරයුම් කිරීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු ව තිබූ උනන්දුව.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 55) (25).

තවත් බලන්න (2)

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (1/ 539).

النهاية في غريب الحديث والأثر (ص 742).