ඔබ වචනයක් පවසා සිටියෙහිය. මුහුදු ජලය සමග එය මුසු වූයේ නම්, එය මිශ්‍ර වී දූෂිත වනු ඇත
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: ඔබට සෆිය්යා මේ මේ අයුරින් ප්‍රමාණවත් - එක් වාර්තාකරුවකු පවසා සිටියේ - ඈ කොට තැනැත්තියක් යැයි එයින් අදහස් කළ බවයි. එවිට එතුමාණෝ "ඔබ වචනයක් පවසා සිටියෙහිය. මුහුදු ජලය සමග එය මුසු වූයේ නම්, එය මිශ්‍ර වී දූෂිත වනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "මම පවසා සිටියේ මිනිසකු පවසා සිටින අයුරිනි". එවිට එතුමාණෝ, "සැබැවින්ම මට මේ මේ තිබුණ ද මිනසාගේ අඩුපාඩු කතා කිරීම මම ප්‍රිය නොකරමි" යැයි පවසා සිටියහ.
قُلْتُ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: حَسْبُكَ مِنْ صَفِيَّةَ كَذَا وَكَذَا، -قَالَ أَحدُ الرُّوَاةِ: تَعْنِي قَصِيرَةً- فَقَالَ: «لَقَدْ قُلْتِ كَلِمَةً لَوْ مُزِجَتْ بِمَاءِ الْبَحْرِ لَمَزَجَتْهُ» قَالَتْ: وَحَكَيْتُ لَهُ إِنْسَانًا، فَقَالَ: «مَا أُحِبُّ أَنِّي حَكَيْتُ إِنْسَانًا وَأَنَّ لِي كَذَا وَكَذَا».
මුඃමින්වරුන්ගේ මාතාවක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: ඔබට සෆිය්යා ප්‍රමාණවත් - ඇය ඉන් අදහස් කළේ - ඇගේ ශරීරයේ අඩුපාඩුකම් අතර ඇය කොට තැනැත්තියක් වූ බවයි. එවිට එතුමාණෝ "ඔබ වචනයක් පිට කළෙහිය. මුහුදු ජලය සමග එය මුසු වූයේ නම්, එය ඉක්මවා ගොස් එය වෙනස් කර දූෂිත කරනු ඇත." යැයි පැවසුහ. ඇය මෙසේ පවසා සිටියාය: "මම එසේ සිදු කළේ (පොදුවේ) මිනිසා හෑල්ලු කර ක්‍රියා කරන ආකාරයෙනි." එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔහුට කවර ආකාරයේ අඩුපාඩුවක් තිබුණ ද ඊට වඩා කොපමණ අධික ප්‍රමාණයක් මෙලොවෙහි මට පිරිනමා තිබුණ ද ඔහුගේ අඩුපාඩු කතා කිරීම හෝ ඔහුව අනුකරණය කර කතා කිරීම හෝ ඔහු සිදුකරන්නාක් මෙන් මා ද සිදු කිරීම හෝ ඔහු ප්‍රකාශ කරන්නාක් මෙන් මා ද ප්‍රකාශ කිරම හෝ මා ප්‍රිය කරවන්නක් නොවේ." යැයි පැවසුහ.
කේළාම් හා අඩුපාඩු කීම ගැන අවවාදය හා ඒ ගැන අනතුරු ඇඟවීම.
මිනිසාට අපහාස කිරීමක් ලෙස ශරීර ස්වරූපයන් අනුකරණය කිරීම සහ මිනිසුන් අනුකරණය කිරීම තහනම් කරන ලද කේලාම් අතරින් එකකි.
ශරීර අඩුපාඩු ගැන විස්තර කිරීම උපහාස කිරීමේ එක් කොටසකි.
කාළි තුමා මෙසේ පවසයි: මිශ්‍ර වීම හා මුසු වීම යනු යම් වස්තුවකට වෙනත් යමක් එකතු වීමෙන් දූෂිත වී යාම ය. එහි අරුථ: සැබැවින්ම මෙම කේළම හා අපහාසය මුහුදු ජලය සමග මුසුවන දෙයක් නම්, මුහුද කොතරම් අධික වුව ද බහුල වුව ද එහි තත්ත්වය මෙය වෙනස් කර දමන බව ය.
බිරියන් අතර පැවතිය හැකි ඊර්ෂ්‍යාවන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම.
පිළිකුල් සහගත කරුණක් සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළ තිබූ අකැමැත්ත.
මෙලොව කටයුතු අල්ලාහ්ගේ තෘප්තිය හා ඔහු කෝප නොවීම යන කරුණ හා සසදා බලන විට මෙලොව හා එහි ඇති දෑ පහත්භාවයට වැටෙනු ඇත.
ඉස්ලාම් යනු සදාචාර ගුණාංගවලින් සපිරුණු දහමකි. වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ අපහාසයක් කිරීම ඔබව වළක්වාලමින් තවකෙකුගේ මාන්‍යය ආරක්ෂා කිරීමට නියෝග කර ඇත. ඊට හේතුව, එවැනි දෑ මුස්ලිම්වරුන් අතර සතුරුකම හා ක්‍රෝධය උරුම කර දෙනු ඇත.
සුනන් අබූ දාවූද් (7/ 237) (4875).
සුනන් අත් තිර්මිදි (4/ 275) (2502).
මුස්නද් අහ්මද් (41/ 433) (24964).
තවත් බලන්න (8)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (3/ 25).
مرقاة المفاتيح شرح مشكاة المصابيح.
للقاري (7/ 3046).
التيسير بشرح الجامع الصغير.
للمناوي (2/ 339).
فيض القدير شرح الجامع الصغير.
للمناوي (5/ 411).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الثانية«لَقَدْ قُلْتِ كَلِمَةً لَوْ مُزِجَتْ بِمَاءِ البَحْرِ لَمَزَجَتْهُ»، قَالَتْ: وَحَكَيْتُ لَهُ إِنْسَانًا، فَقَالَ: «مَا أُحِبُّ أَنِّي حَكَيْتُ إِنْسَانًا وَإِنَّ لِي كَذَا وَكَذَا» [130].
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الرابعة«لَقَدْ قُلْتِ كَلِمَةً لَوْ مُزِجَتْ بِمَاءِ الْبَحْرِ لَمَزَجَتْهُ». قَالَتْ: وَحَكَيْتُ لَهُ إِنْسَانًا، فَقَالَ: «مَا أُحِبُّ أَنِّي حَكَيْتُ إِنْسَانًا، وَإِنَّ لِي كَذَا وَكَذَا»[28].
- مجموعة زاد التربية الإسلامية (3)، والسيرة النبوية (3)السيرة النبوية (3)قُلْتُ لِلنَّبيِّ ﷺ: حَسْبُكَ مِنْ صَفيَّةَ كَذا وَكَذا - تَعْنِي: قَصِيرَةً. فَقالَ ﷺ: «لَقَدْ قُلْتِ كَلِمَةً لَوْ مُزِجَتْ بِماءِ البَحْرِ لَمَزَجَتْهُ».