ඔබ අතරින් වඩාත් ශ්‍රේෂ්ටතම උදවිය මාගේ යුගයේ උදවියයි. අනතුරුව ඔවුනට පරව සිටින්නෝ වෙති. පසුව ඔවුනට පරව සිටින්නෝ වෙති
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ඔබ අතරින් වඩාත් ශ්‍රේෂ්ටතම උදවිය මාගේ යුගයේ උදවියයි. අනතුරුව ඔවුනට පරව සිටින්නෝ වෙති. පසුව ඔවුනට පරව සිටින්නෝ වෙති" ඉම්රාන් තුමා මෙසේ පවසයි: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉන්පසු පවසා සිටියේ යුග දෙකක් ද තුනක් ද යන්න ගැන තමන්ට මතක නැති බව ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: සැබැවින්ම ඔබ අතරින් වඩාත් දුරස්ත පිරිසක් ද වෙති. ඔවුහු වංචා කරති; ඔවුන්ව විශ්වාස කළ නොහැක. සාක්ෂි දරති; ඔවුන්ගෙන් සාක්ෂි දෙන මෙන් ඉල්ලා නැත. ඔවුන් භාර වෙති; එය ඉටු කරන්නේ නැත. ඔවුන් අතර තරබාරුකම දිස්වනු ඇත."
«خَيْرُكُمْ قَرْنِي، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ» قَالَ عِمْرَانُ: لاَ أَدْرِي أَذَكَرَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعْدُ قَرْنَيْنِ أَوْ ثَلاَثَةً، قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ بَعْدَكُمْ قَوْمًا يَخُونُونَ وَلاَ يُؤْتَمَنُونَ، وَيَشْهَدُونَ وَلاَ يُسْتَشْهَدُونَ، وَيَنْذِرُونَ وَلاَ يَفُونَ، وَيَظْهَرُ فِيهِمُ السِّمَنُ».
එකම යුගයක එකිනෙකා මුණ ගැසෙන මිනිසුන් අතරින් ශ්‍රේෂ්ඨතම අය වනුයේ අල්ලාහ්ගේ දූතයාණන් හා එතුමාණන්ගේ සහගාමීන් ජීවත් වූ යුගය බවත් ඔවුනට පසුව අල්ලාහ්ගේ දූතයාණන් හමු නොවුණ ද සෙසු සහාබාවරුන් හමු වූ යුගයේ අය බවත් පසුව එම අනුගාමකියන් අනුගමනය කළ යුගයේ අය බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඉන් පසු ඔවුනට පසුව එන සිව් වැනි යුගය ගැන සඳහන් කිරීමේ දී එම සහාබිවරයා පසුබට වී ඇත. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: ඔවුන් අතරින් පිරිසක් වෙති. ඔවුන් වංචා කරති. ඔවුන් ගැන මිනිසුන්ට විශ්වාස කළ නොහැක. ඔවුන්ගෙන් සාක්ෂියට පෙනී සිටින මෙන් ඉල්ලා සිටීමට පෙර ඔවුන් සාක්ෂි දෙති. ඔවුන් භාර වෙති. නමුත් එය ඔවුන් ඉටු නොකරති. ඔවුන් තුළ තරබාරුකම පෙනෙන තරමට ආහාර පාන විශාල වශයෙන් ගනිති.
මෙලොව පවතින සියලුම යුගයන් අතර වඩාත් ශ්‍රේෂ්ඨතම යුගය හා සියවස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හා එතුමාණන්ගේ සහගාමීන් ජීවත් වූ යුගයයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සහීහ් අල්-බුහාරිහි මෙසේ සඳහන් කර ඇත. "ආදම්ගේ දරුවන්ගේ සියවස් අතරින් එක් සියවසකින් පසු අනෙක් සියවස ශ්‍රේෂ්ඨ වන යුගය මා එවනු ලැබූ යුගයයි. එය මා සිටින සියවසේ මා සිටි කාලයයි."
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: (නබිතුමාණන්ගේ සහගාමීන්ව අනුගමනය කළ) තාබීඊන් වරුන්ට වඩා සහාබාවරුන් (සහගාමීන්) උතුම් බවත් තාබිඊන් වරුන් අනුගමනය කළ උදවියට වඩා තාබිඊන් වරුන් උතුම් බවත් මෙම හදීසය තීන්දු කර ඇත. නමුත් මෙම ශ්‍රේෂ්ඨත්වය සළකනු ලබනුයේ සමස්ත සමාජය වෙත ද එහේ නැතහොත් එක් ජන සමූහයක් වෙත ද? එය පරශීලනය කළ යුතු ස්ථානයකි. බහුතරයක් දෙනා දෙවැනි මතය වෙත යොමු වී ඇත.
මුල් සියවස් තුනේ විසූ උදවියගේ මාර්ගය අනුගමනය කළ යුතු බව මෙය පෙන්වා දෙයි. ඒ අනුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට හිමි වක්තෘභාවයේ පටන් එයට සමීපව පිහිටන කාල අනුපිළෙවලට අනුව එම උතුම්භාවය පිහිටයි. ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මගපෙන්වීම අනුගමනය කිරීම, දිරි ගැන්වීම, දැනුම හා මහිමයට අනුව උතුම් සමාජය වේ.
භාරය යනු: අල්ලාහ් අනිවාර්යය නොකළ ක්‍රියාවන් තමන් වෙත අනිවාර්යය කර ගන්නා සෑම ප්‍රකාශයක් තුළින්ම එය පෙන්වා දෙයි.
වංචා කිරීම, භාරයන් ඉටු නො කිරීම හා මෙලොව සමග බැඳී සිටීමේ පහත් භාවය.
අදාළ තැනැත්තා යමක් දන්නා විටෙක, ඒ සඳහා සාක්ෂි දරන්නට ඉල්ලා නොසිටිය දී සාක්ෂි දැරීමට පෙළඹීමේ පහත්කම. ඔහු එය නො දන්නා විටෙක, එසේ සාක්ෂි දැරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය තුළට ඇතුළත් වේ. එනම්: "සාක්ෂි ඉල්ලා සිටීමට පෙර යමක් සම්බන්ධව සාක්ෂි දරණ සාක්ෂිකරුවන්ගේ යහපත ගැන මම ඔබට තොරතුරු දන්වා සිටිය යුතු නොවේ ද" මුස්ලිම් වාර්තා කරයි.
සහීහුුල් බුහාරි (3/ 171) (2651).
සහීහ් මුස්ලිම් (4/ 1964) (2535).
(3/ 1344) (1719).
තවත් බලන්න (2)
النهاية في غريب الحديث والأثر (747).
نيل الأوطار (8/ 341).
පොත්වල උපුටා දක්වා ඇත
4 පොත්තවත් බලන්න (4)
- الخطب المنبرية موسوعة الخطب المنبرية (القسم الثاني)«خَيْرُ النَّاسِ قَرْنِي، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ»
- فهم السلف الصالح للنصوص الشرعية والرد على الشبهات حوله"خيركم قرني، ثم الذين يلونهم، ثم الذين يلونهم"[8].
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)التربية الأسلامية 1« خيْرُ النّاسِ قرْنِي، ثُمّ الّذِين يلُونهُمْ، ثُمّ الّذِين يلُونهُمْ»
- مشروع منهاج زادكزادك 3 طالب نهائي«خَيْرُ النَّاسِ قَرْنِي، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ»