ඔබ ඔහු වෙත ගොස් සැබැවින්ම තමුන් අපා ගින්නේ වැසියන් අතරින් කෙනෙකු නොවන බවත් ස්වර්ගයේ වැසියන් අතරින් කෙනෙකු බවත් ඔහුට පවසන්න යැයි පැවසූහ
අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සාබිත් ඉබ්නු කය්ස් (රළියල්ලාහු අන්හු) තුමාව දුටුවේ නැත. එවිට මිනිසකු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහු ගැන තොරතුරු මම ඔබට දන්වන්නම් යැයි පවසා ඔහු වෙත ගියේය. එවිට ඔහු තම නිවසේ හිස නමමින් වාඩි වී සිටිනු දුටුවේය. එවිට ඔහු: "ඔබේ කරුණ කුමක් දැ?"යි විමසා සිටියේය. ඔහු 'නපුරකි' නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ හඬට වඩා ඉහළින් තම හඬ පැවතුනු බවත් එහෙයින් තම ක්‍රියාව නිෂ්ඵල වී ඇති බවත්, තමන් අපාගින්නේ වාසීන් අතරින් කෙනෙකු වී ඇති බවත් පවසා සිටියේය. පසුව එම මිනිසා පැමිණ සැබැවින්ම ඔහුගේ තත්ත්වය මෙසේ මෙසේ යැයි ැන්වීය. පසුව ඔහු නැවතත් හැරී ගියේ අතිමහත් ශුභාරංචියක් සමගය. එනම් එතුමාණෝ: ඔබ ඔහු වෙත ගොස් සැබැවින්ම තමුන් අපා ගින්නේ වැසියන් අතරින් කෙනෙකු නොවන බවත් ස්වර්ගයේ වැසියන් අතරින් කෙනෙකු බවත් ඔහුට පවසන්න යැයි පැවසූහ.
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ افْتَقَدَ ثَابِتَ بْنَ قَيْسٍ، فَقَالَ رَجُلٌ: يَا رَسُولَ اللهِ، أَنَا أَعْلَمُ لَكَ عِلْمَهُ، فَأَتَاهُ فَوَجَدَهُ جَالِسًا فِي بَيْتِهِ، مُنَكِّسًا رَأْسَهُ، فَقَالَ: مَا شَأْنُكَ؟ فَقَالَ شَرٌّ، كَانَ يَرْفَعُ صَوْتَهُ فَوْقَ صَوْتِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَدْ حَبِطَ عَمَلُهُ، وَهُوَ مِنْ أَهْلِ النَّارِ، فَأَتَى الرَّجُلُ فَأَخْبَرَهُ أَنَّهُ قَالَ كَذَا وَكَذَا، فَرَجَعَ الْمَرَّةَ الْآخِرَةَ بِبِشَارَةٍ عَظِيمَةٍ، فَقَالَ: «اذْهَبْ إِلَيْهِ فَقُلْ لَهُ: إِنَّكَ لَسْتَ مِنْ أَهْلِ النَّارِ، وَلَكِنْ مِنْ أَهْلِ الْجَنَّةِ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සාබිත් ඉබ්නු කය්ස් (රළියල්ලාහු අන්හු) තුමාව දුටුවේ නැත. ඔහු ගැන එතුමාණෝ විමසා සිටියහ. එවිට මිනිසකු මම ඔහුගේ තොරතුරු හා නොපැමිණීමට හේතුව දැන එමි යැයි පැවසීය. පසුව ඔහු වෙත ඔහු ගියේය. එවිට ඔහු තම නිවසේ හිස පහත් කර දුකින් සිටිනු දුටුවේය. "ඔබේ කරුණ කුමක් දැ?"යි ඔහු විමසා සිටියේය. එවිට සාබිත් තුමා තමන් අත්වී ඇති නපුර ගැන ඔහුට දන්වා සිටියේය. හේතුව සැබැවින්ම ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ හඬට වඩා ඉහළ හඬකින් කතා කරන්නෙකු විය. සැබැවින්ම එම ක්‍රියාව හේතුවෙන් තම ක්‍රියාවන් නිෂ්ඵල වන බවත් නිරා වාසීන් අතරට පත්වන බවත් අල්ලාහ් තර්ජනය කර ඇත. පසුව එම මිනිසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ ඒ ගැන තොරුතුරු දන්වා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, "නැවත හැරී ගොස් සැබැවින්ම ඔහු අපා ගින්නේ වාසීන් අතරින් කෙනෙකු නොව, ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු බව ඔහුට ශුභාරංචි දන්වා සිටින" මෙන් ඔහුට නියෝග කළහ. ඊට හේතු වූයේ, සැබැවින්ම ඔහුගේ හඬ සහජයෙන්ම උස් හඬක් වූ බැවිනි. ඔහු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශකයා වූ අතරම අන්සාර්වරුන්ගේ ද ප්‍රකාශකයා ද විය.
...:
සාබිත් බින් කය්ස් (රළියල්ලාහු අන්හු) තුමාගේ මහිමය හා ඔහු ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු බව පැහැදිලි කිරීම.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහාබාවරුන් ගැන සැලකිලිමත් වූහ. ඔවුන් ගැන සොයා බැලූහ.
සහාබාවරු තම යහපත් ක්‍රියාවන් නිෂ්ඵල වී යනු ඇතැයි බියෙන් හා චකිතයෙන් පසු වූවෝය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජීවතුන් අතර සිටිය දී එතුමාණන් ඉදිරියේ කතා කරන විට, විනයානුකූල විය යුතුය. එතුමාණන් මියගිය පසුව ද එතුමාණන්ගේ සුන්නාව ලැන සවන් දෙන අවස්ථාවේ හඬවල් පහත් විය යුතුය.
සහීහුුල් බුහාරි (4/ 201) (3613).
සහීහ් මුස්ලිම් (1/ 110) (119).
තවත් බලන්න (3)
فتح الباري لابن حجر (6/ 620).
عمدة القاري شرح صحيح البخاري (16/ 146).
النهاية في غريب الحديث والأثر (ص 183).