Skip to content

ඔබ ඔහුට ශාප නො කරනු. අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම ඔහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ප්‍රිය කරන්නෙක් ලෙස මිස මා ඔහු හඳුනන්නේ නැත

උමර් ඉබ්නුල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සමයේ අබ්දුල්ලාහ් නම් කෙනෙකු විය. ඔහුට හිමාර් යනුවෙන් නම් තබන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහු ගැන සිනහසෙන්නට වූහ. ඔහු මත් පැන් පානය කිරීම හේතුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට කස පහර දීම නියම කර තිබුණි. දිනක් මත්පැන් පානය කළ ඔහුව ගෙන්වා ඔහුට කසපහර දෙන ලදී. එවිට එම පිරිසෙන් කෙනෙකු: 'අල්ලාහ් ඔහු විනාශ කරත්වා! කොපමණ වාරයක් ඔහුව ගෙන්වන ලැබුවේ ද! එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ ඔහුට ශාප නො කරනු. අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම ඔහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ප්‍රිය කරන්නෙක් ලෙස මිස මා ඔහු හඳුනන්නේ නැත."

أَنَّ رَجُلًا عَلَى عَهْدِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ اسْمُهُ عَبْدَ اللَّهِ، وَكَانَ يُلَقَّبُ حِمَارًا، وَكَانَ يُضْحِكُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، وَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ جَلَدَهُ فِي الشَّرَابِ، فَأُتِيَ بِهِ يَوْمًا فَأَمَرَ بِهِ فَجُلِدَ، فَقَالَ رَجُلٌ مِنَ القَوْمِ: اللَّهُمَّ الْعَنْهُ، مَا أَكْثَرَ مَا يُؤْتَى بِهِ؟ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لاَ تَلْعَنُوهُ، فَوَاللَّهِ مَا عَلِمْتُ أَنَّهُ يُحِبُّ اللَّهَ وَرَسُولَهُ».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ හිමාර් යනුවෙන් නම් තබන ලද අබ්දුල්ලාහ් යන නමින් මිනිසකු විය. ඔහුගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවා සිනහසෙන්නට වූහ. මත් පැන් පානය කිරීම හේතුවෙන් එතුමාණෝ ඔහුට කස පහර දීම නියම කර තිබුණි. දිනක් මත්පැන් පානය කළ ඔහුව ගෙන්වා ඔහුට කසපහර දෙන මෙන් නියෝග කළහ. පසුව එය ක්‍රියාත්මක කරන ලදී. එහි සහභාගී වී සිටි අයකු ඔහුට දොස් නගමින් "මත්පැන් පානය කර කොපමණ වාරයක් මෙහි පැමිණ තිබේ ද? ඔහුට අල්ලාහ්ගේ ශාපය අත්වේවා" යැයි පවසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් "ඔහුට එරෙහිව අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපාලීමට ප්‍රාර් ථනා නොකරන්න. සැබැවින්ම ඔහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ආදරය කරන වග මිස වෙනත් දෙයක් මා හඳුනන්නේ නැත." යැයි පවසා සිටියහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

තහනම් කරන ලද ක්‍රියාවක් කිරීම සහ එය කරන තැනැත්තාගේ හදවතේ අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් කෙරෙහි පවතින ආදරය අතර කිසිදු පරස්පරතාවයක් නොමැත. මන්ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සඳහන් කළ පුද්ගලයා ඔහු කළ දේ නොතකා අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට ප්‍රේම කරන බව අපට දන්වා ඇති බැවිනි.

යමෙක් බරපතළ පාපයක් කර, ඒ පාපයේ නියැලී සිටියදී මිය ගියහොත්, ඔහු අල්ලාහ්ගේ කැමැත්තට යටත් වේ. අල්ලාහ් කැමති නම්, ඔහු ඔහුට සමාව දෙනු ඇත. ඔහු කැමති නම්, ඔහු ඔහුට දඬුවම් කරනු ඇත. ඉස්ලාම් වාසීන් කිසිවෙකු නිරයේ සදහටම රැඳී නොසිටිනු ඇත.

නිශ්චිත බේබද්දෙකුට ශාප කිරීම පිළිකුල් සහගතය. මන්ද ශාපය ඉන් වැළකී සිටීමට බාධාවක් විය හැකි නිසාත්, නිශ්චිත පුද්ගලයෙකුට ශාප කර ඔහුට විරුද්ධව ප්‍රාර් ථනා කිරීම ඔහුගේ හැසිරීම දිගටම කරගෙන යාමට හෝ ඔහු තුළ පශ්චාත්තාපය පිළිගැනීමේ බලාපොරොත්තු සුන් වී යාමට හේතු විය හැකි නිසාත් ය.

මෙවන් ගුණයෙන් හෙබි නිශ්චිත පුද්ගලයෙකු නොවන වෙනත් අයට දොස් පැවරීමට අවසර ඇත.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 158) (6780).

තවත් බලන්න (2)

إرشاد الساري لشرح صحيح البخاري (9/ 452).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (29/ 394).