Skip to content

“සුබ්හානල්ලාහ් ! (අල්ලාහ් අති පිවිතුරුය.) සැබැවින්ම මුඃමින්වරයෙකු අපිරිසිදු නො වන්නේය” යැයි පැවසූහ

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ එතුමාව මදීනාවෙහි එක් වීදියක දී මුණ ගැසුණහ. එවිට ඔහු ජනාබත් තත්ත්වයේ පසු වූ බැවින් ඔහු එතුමාණන්ගෙන් සෙමින් ඈත් වී ගොස්, ස්නානය කර ගත්තේය. එවිට එතුමාණෝ ඔහුව සොයන්නට වූහ. ඔහු එතුමාණන් වෙත පැමිණි කල්හි, එතුමාණෝ: “ඕ අබූ හුරෙයිරා!” ඔබ කොහේ සිටියේ දැ?”යි විමසූහ. "ඕ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ මා මුණ ගැසුණේ මම ජනාබත් තත්ත්වයේ සිටිය දීය. එහෙයින්, මා ස්නානය කරන තෙක් ඔබ සමග අසුන් ගන්නට මම අකමැති වූයෙමි.’ යැයි කීහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: “සුබ්හානල්ලාහ් ! (අල්ලාහ් අති පිවිතුරුය.) සැබැවින්ම මුඃමින්වරයෙකු අපිරිසිදු නො වන්නේය” යැයි පැවසූහ.

أَنَّهُ لَقِيَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي طَرِيقٍ مِنْ طُرُقِ الْمَدِينَةِ وَهُوَ جُنُبٌ، فَانْسَلَّ فَذَهَبَ فَاغْتَسَلَ، فَتَفَقَّدَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَلَمَّا جَاءَهُ قَالَ: «أَيْنَ كُنْتَ يَا أَبَا هُرَيْرَةَ؟» قَالَ: يَا رَسُولَ اللهِ، لَقِيتَنِي وَأَنَا جُنُبٌ فَكَرِهْتُ أَنْ أُجَالِسَكَ حَتَّى أَغْتَسِلَ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «سُبْحَانَ اللهِ، إِنَّ الْمُؤْمِنَ لَا يَنْجُسُ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ එතුමාව මදීනාවෙහි එක් වීදියක අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාව මුණ ගැසුණහ. එවිට අබූ හුරෙයිරා පසුවූයේ ස්නානය අනිවාර්යය වූ ජනාබත් තත්ත්වයේ ය. තමන් සිටින්නේ නජීස් තත්ත්වයක යැයි සිතා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට කරන ගෞරවයක් ලෙස එතුමාණන් සමග වාඩි වී කතා කිරීමට පිළිකුල් කළේය. පසුව එතුමා සෙමින් ගොස්, ස්නානය කර, පසුව නැවත පැමිණ වාඩි විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු කොහේ ගියේ දැයි ඔහුගෙන් විමසන්නට වූහ. පසුව ඔහු සිටි තත්ත්වය ගැන ඔහු එතුමාණන්ට දන්වා, ජනාබත් තත්ත්වයේ සිටිය දී එතුමාණන් සමග වාඩි වීමට හෙතෙම පිළිකුල් කළ බව ද දන්වා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පුදුමයට පත්ව මෙසේ පැවසූහ. "සැබැවින්ම මුඃමින්වරයෙකු පිරිසිදු ය. ඔහු ජීවත්ව සිටිය ද, මිය ගිය ද කවර තත්ත්වයක පසු වුව ද ඔහු අපිරිසිදු නො වන්නේය."

හදීසයෙන් උගත හැකි පාඩම්

සැබැවින්ම ජනාබත් හෙවත් අනිවාර්යයෙන් ස්නානය කළ යුතු තත්ත්වයක කිසියම් කෙනෙකු සිටින්නේ නම් ඔහුව වළක්වාලනුයේ සලාතය, අල්-කුර්ආනය ස්පර්ශ කිරීම හා මස්ජිදයේ රැඳී සිටීමය. මුස්ලිම්වරුන් සමග වාඩි වීම, ඔවුන්ව හමුවීම එය වළක්වන්නේ නැත. එමගින් ජනාබත් තත්ත්වයේ සිටින්නා අපිරිසිදු අයකු වන්නේ නැත.

දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයා ජීවත්ව සිටිය ද මිය ගිය ද, ඔහු පිරිසිදුය.

ගෞරවණීය, දැනුමෙන් සපිරුනු, දැහැමි අයට ගෞරවය කිරීම හා ඔවුන්ගේ සභාවන්හි ඉතා අලංකාර අයුරින් වාඩි වීම.

අනුගමනය කරන්නා අනුගමනය කරනු ලබන්නාගෙන් වෙන්ව යන අවස්ථාවක අවසරය පැතීම ආගමානුගත කරන ලද්දකි. අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා තමන්ට නොදැනුවත්ව සෙමින් යාම පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පිළිකුල් කළහ. එය එසේ අවසර පැතීම යහපත් විනයක් වන බැවිනි.

පුදුමයට පත් වන අවස්ථාවක "සුබ්හානල්ලාහ්" (අල්ලාහ් සුවිශුද්ධය) යැයි පැවසීම.

යහපත් කටයුත්තක් සඳහා තමන් ලැජ්ජාවට පත් වූ කරුණ සම්බන්ධයෙන් තමන් ගැන කතා කිරීමට පුද්ගලයෙකුට අවසර ඇත.

දේවත්වය ප්‍රතික්ෂේප කරන ප්‍රචණ්ඩකාරී කාෆිර්වරයා නජීස් (අපිරිසිදු) වේ. ඔහු එසේ අපිරිසිදු වනුයේ ආධ්‍යාත්මික වශයෙන් ඔහුගේ ප්‍රතිපත්තියේ පවතින කිලිටි නිසාවෙනි.

නවවි තුමා මෙසේ පවසයි: මෙම හදීසය තුළ තවත් විනයක් ඇතුළත්ව ඇත. එනම් විද්වතෙකු තමන්ව අනුගමනය කරන්නා නිවැරදි දෑට පටහැනිව යමක් සිදු කරනු බිය වූ විටෙක, ඒ ගැන ඔහුගෙන් විමසා ඔහුට නිවැරදි දෑ පවසා සිටීම හා ඔහුට එහි ප්‍රඥාව පැහැදිලි කර දීමය. අල්ලාහ් මැනවින් දන්නාය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 65) (285).

සහීහ් මුස්ලිම් (1/ 282) (371).

තවත් බලන්න (6)

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (1/ 46).

تيسير العلام شرح عمدة الأحكام.

للبسام (ص61).

تنبيه الأفهام شرح عمدة الأحكام.

لابن عثيمين (1/ 74).