සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ෆජ්ර් සලතයේ රකආත් දෙකෙහි "කුල් යා අය්යුහල් කාෆිරූන්..." සහ "කුල් හුවල්ලාහු අහද්..." යන සූරා දෙක පාරායනය කළහ
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ෆජ්ර් සලතයේ රකආත් දෙකෙහි "කුල් යා අය්යුහල් කාෆිරූන්..." සහ "කුල් හුවල්ලාහු අහද්..." යන සූරා දෙක පාරායනය කළහ.
أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَرَأَ فِي رَكْعَتَيِ الْفَجْرِ: {قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ}، وَ{قُلْ هُوَ اللهُ أَحَدٌ}.
ෆජ්ර් සලාතයට අදාළ රකආත් දෙකෙහි සූරතුල් ෆාතිහාවෙන් පසු පළමු රකආතයේ 'කුල් යා අය්යුහල් කාෆිරූන්' (සූරා අල්-කාෆිරූන්) සහ දෙවන රකආතයේ 'කුල් හුවල්ලාහු අහද්' (සූරා අල්-ඉහ්ලාස්) පාරායනය කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රිය කළහ.
ෆජ්ර් සලාතයට අදාළ සුන්නා සලාතයේ දී සූරා අල්-ෆාතිහාවට පසු මෙම සූරාවන් දෙක පාරායනය කිරීම සතුටුදායකය.
මෙම සූරාවන් දෙකට සූරා අල්-ඉහ්ලාස් යනුවෙන් කියනු ලැබේ. ඊට හේතුව සූරා අල්-කාෆිරූන්හි අල්ලාහ් හැර දමා බහුදේවවාදීන් වන්දනාමාන කරන සියලු දැයින් නිදහස් වීම එහි ඇතුළත්ව ඇත. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ ගැත්තන් නොවන්නෝය. මන්ද ඔවුන් අල්ලාහ්ට ආදේශ තැබීම මගින් ඔවුන්ගේ ක්‍රියාවන් නිශ්ඵල වනු ඇත. නැමදුමට සුදුස්සා වනුයේ සුවිශුද්ධ අල්ලාහ් පමණ ය. එමෙන්ම සූරා අල්-ඉහ්ලාස්හි අල්ලාහ්ව ඒකීය කරණයට පත්කිරීම, ඔහුට අවංකත්වය පුද කිරීම හා ඔහුගේ ගුණාංග විස්තර කිරීම ඇත.
සහීහ් මුස්ලිම් (1/ 502) (726).
තවත් බලන්න (2)
توضيح الأحكام مِن بلوغ المرام.
لعبد الله البسام (2/ 390).