Skip to content

“නියත වශෙයන්ම ශාප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැදිහත්වන්නන් ලෙස හෝ සාක්ෂිකරුවන් ලෙස හෝ පෙනී නො සිටිනු ඇත.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“නියත වශෙයන්ම ශාප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැදිහත්වන්නන් ලෙස හෝ සාක්ෂිකරුවන් ලෙස හෝ පෙනී නො සිටිනු ඇත.”

«إِنَّ اللَّعَّانِينَ لَا يَكُونُونَ شُهَدَاءَ وَلَا شُفَعَاءَ يَوْمَ الْقِيَامَةِ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ශාප කිරීමට සුදුසු නැති අයට, අධික ලෙස ශාප කරන්නා දඬුවම් දෙකකට සුදුස්සන් බවට පත් වනු ඇත. පළමුව: ප්‍රජාවක් වෙත ඔවුන්ගේ දූතවරුන් දිව්‍ය පණිවිඩය දන්වා සිටීම ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ඔවුන් වෙනුවෙන් සාක්ෂිකරුවකු ලෙස පෙනී නො සිටිනු ඇත. ඔහුගේ දුෂ්ටකම හේතුවෙන් මෙලොව ජීවිතයේදී ද ඔහුගේ සාක්ෂිය පිළිගනු නොලැබන අතර ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ ජීවිතක්ෂයට පත්ව සිටිය ද එය සාක්ෂියක් බවට පිළිගනු නොලබනු ඇත. දෙවැන්න: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නට නියම වූ තම සහෝදරයන් විෂයයෙහි දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් මැදිහත් වන මොහොතේ, මැදිහත් වීමේ අවස්ථාව මොහු නො ලබනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

ශාප කිරීමේ තහනම, එසේ අධික ලෙස ශාප කිරීම පහා පාපයන්ගෙන් එකකි.

හදීසයේ සඳහන් දඬුවම නියම වනුයේ අධික ලෙස ශාප කර සිටින්නන් හට මිස එක් වරක් හෝ එවැනි යම් අවස්ථවක දී ශාප කර සිටින අය කෙරෙහි නොවේ. එමෙන්ම අනුමත කරනු ලැබූ ශාප කිරීමේ අවස්ථාවන් ද මින් බැහැර වනු ඇත. එනම් නියම කිරීමකින් තොරව නීච ගුණාංග ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් එසේ සඳහන්ව ඇති පරිදිය. උදාහරණ ලෙස "යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ්ගේ ශාපය අත්වේවා!", අපරාධකරුවන්ට අල්ලාහ්ගේ ශාපය අත්වේවා", "රූප අඹන්නන් හට අල්ලාහ්ගේ ශාපය අත්වේවා!", "ලූත්ගේ ජනයා සිදු කළ ක්‍රියාවක් වැනි යමක් සිදු කරන්නන් හට අල්ලාහ්ගේ ශාපය අත්වේවා!", අල්ලාහ් නොවන අය වෙනුවෙන් සතුන් බිලිදෙන්නන් හට අල්ලාහ්ගේ ශාපය අත්වේවා!", "පිරිින් කාන්තාවන් මෙන් ද කාන්තාවන් පිරිමින් මෙන් ද ඇඳ පැළඳ ගන්නා අයට අල්ලාහ්ගේ ශාපය ලැබේවා!

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ පෙනී සිටීම සහතික කිරීම.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 2006) (2598).

තවත් බලන්න (6)

توضيح الأحكام من بلوغ المرام.

لعبد الله البسام (7/ 469).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 297).

فتح ذي الجلال والإكرام.

لابن عثيمين (6/ 412).