“නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී:
“නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබනු ඇත. ජනතාවට නායකත්වය දරණ නායකයා මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. මිනිසා තම නිවැසියන් මත මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ නිවස හා ඔහුගේ දරුවා මත මෙහයවන්නියකි. ඇයගේ මෙහෙයවීම ගැන ඇය ප්‍රශ්න කරනු ලබනු ඇත. සේවකයා තම ස්වාමියාගේ දේපළ මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. ඒ අනුව නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙක් බවත් නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබන බවත් දැනගත යුතුය.”
«كُلُّكُمْ رَاعٍ فَمَسْئُولٌ عَنْ رَعِيَّتِهِ، فَالأَمِيرُ الَّذِي عَلَى النَّاسِ رَاعٍ وَهُوَ مَسْئُولٌ عَنْهُمْ، وَالرَّجُلُ رَاعٍ عَلَى أَهْلِ بَيْتِهِ وَهُوَ مَسْئُولٌ عَنْهُمْ، وَالمَرْأَةُ رَاعِيَةٌ عَلَى بَيْتِ بَعْلِهَا وَوَلَدِهِ وَهِيَ مَسْئُولَةٌ عَنْهُمْ، وَالعَبْدُ رَاعٍ عَلَى مَالِ سَيِّدِهِ وَهُوَ مَسْئُولٌ عَنْهُ، أَلاَ فَكُلُّكُمْ رَاعٍ وَكُلُّكُمْ مَسْئُولٌ عَنْ رَعِيَّتِهِ».
සමාජයේ වෙසෙන සෑම මුස්ලිම්වරයෙකුටම එය රැකබලා ගැනීමේ හා දරා ගැනීමේ වගකීමක් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා ඇත. නායකයා හා ප්‍රධානියා අල්ලාහ් ඔහුට භාර දී ඇති දේවල භාරකරුවන් වෙති. ඔහු ඔවුන්ගේ නීති ආරක්ෂා කළ යුතුය, ඔවුන්ට පීඩා කරන අයගෙන් ඔවුන් ආරක්ෂා කළ යුතුය, ඔවුන්ගේ සතුරා සමඟ සටන් කළ යුතුය, ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය නොකළ යුතුය. නිවැසියන් අතර වෙසෙන පිරිමියා කෙරෙහි, ඔවුන්ට නඩත්තු මුදල් සැපයීම, හොඳින් සැලකීම, ඔවුන්ට ඉගැන්වීම සහ ඔවුන්ට විනය කියා දීම යනාදිය වගකීමක් ලෙස පැවරී ඇත. කාන්තාව තම ස්වාමිපුරුෂයාගේ නිවසෙහි, ඔහුගේ නිවස හොඳින් නඩත්තු කිරීමේ හා ඔහුගේ දරුවන් රැකබලා ගැනීමේ වගකීම පැවරී ඇත. ඇය ඒ ගැන විමසනු ලබනු ඇත. වහලා, සේවකයා හා කුලී කරුවා තම ස්වාමියාගේ ධනයෙහි තම අතේ ඇති දෑ ආරක්ෂා කිරීම හා ඔහුට සේවය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු වේ. ඒ ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. සෑම කෙනෙකුම තමාට භාර දී ඇති දේවල එඬේරෙක් වන අතර සෑම කෙනෙකුම ඔහුගේ පාලනය ගැන වගකිව යුතුය.
...:
මුස්ලිම් ප්‍රජාව තුළ වගකීම යනු පොදු දෙයකි. සෑම කෙනෙකුම ඔහුගේ ප්‍රමාණය, ඔහුගේ හැකියාව සහ වගකීම අනුව වේ.
කාන්තාවක් සතු වගකීමේ භාරදූරත්වය. එනම් ඇගේ සැමියාගේ නිවසේ කටයුතු නඩත්තු කිරීම, දරුවන් රැකබලා ගැනීම වැනි වගකීම් ක්‍රියාත්මක කිරීමය.
සහීහුුල් බුහාරි (3/ 150) (2554).
සහීහ් මුස්ලිම් (3/ 1459) (1829).
තවත් බලන්න (4)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 369).
إرشاد الساري لشرح صحيح البخاري.
القسطلاني (4/ 326).