“සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සලාතය ආරම්භ කරන විට ද රුකූඋ සඳහා අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට ද තම දෑත් තම උරහිස ට සමාන්තර ව ඔසවන්නෙකු වූහ
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී.
“සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සලාතය ආරම්භ කරන විට ද රුකූඋ සඳහා අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට ද තම දෑත් තම උරහිස ට සමාන්තර ව ඔසවන්නෙකු වූහ. රුකූඋවෙහි සිට තම හිස ඔස වන විට ද එලෙසම එතුමා තම දෑත් ඔසවා සමිඅල්ලාහු ලිමන් හමිදා රබ්බනා වලකල් හම්දු යැයි පැවසූහ." එතුමා සුජූද්හි එලෙස සිදු නො කළහ.
أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَرْفَعُ يَدَيْهِ حَذْوَ مَنْكِبَيْهِ إِذَا افْتَتَحَ الصَّلَاةَ، وَإِذَا كَبَّرَ لِلرُّكُوعِ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ، رَفَعَهُمَا كَذَلِكَ أَيْضًا، وَقَالَ: «سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ، رَبَّنَا وَلَكَ الحَمْدُ»، وَكَانَ لاَ يَفْعَلُ ذَلِكَ فِي السُّجُودِ.
සලාතයේ ස්ථාන තුනක තම දෙඅත් සමාන්තරව හෝ උරහිසට සමාන්තරව හෝ එතුමාණෝ එසවූහ. එනම්: උරහිසෙහි සන්ධිය හා බාහුව අතර පවතින කොටසයි. පළමු ස්ථානය: සලාතය ආරම්භ කරන විට, ආරම්භක තක්බීරය පවසන අවස්ථාවේ. දෙවන ස්ථානය: රුකූඋ ඉරියව්ව සඳහා තක්බීර් පවසන විට, තුන්වන ස්ථානය: රුකූඋ ඉරියව්වෙන් තම හිස ඔසවා "සමිඅල්ලාහු ලිමන් හමිදා රබ්බනා වලකල් හම්දු" යැයි පවසන විට. සුජූදය ආරම්භ කරන විට හෝ ඉන් නැගිටින විට හෝ එතුමාණන්ගේ දෙඅත් එසේ එසෙව්වේ නැත.
සලාතයේ දෙඅත් එසවීමේ යථාර්ථය නම්, සැබැවින්ම එය සලාතය සඳහා වන අලංකාරයක් මෙන් ම ශුද්ධ වූ අල්ලාහ්ව ගරුබුහුමන් කිරීමකි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම දෙඅත් එසවූ සිව්වැනි ස්ථානයක් පිළිබඳව සඳහන් වේ. අබූ හමීද් අස්-සාඉදී තුමා අබූ දාවුද් හා වෙනත් අය එසේ වාර්තා කර ඇත. එනම්, රකආත් තුනකින් හා රකආත් හතරින් යුත් සලාතයේ දී පළමු තෂහ්හුද් කීමෙන් පසු නැගිටින අවස්ථාව ය.
එමෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ස්පර්ශ කිරීමෙන් තොරව තම දෙකන්වලට සමාන්තරව තම දෙඅත් ඔසවා ඇති බවටත් සඳහන් වී ඇත. බුහාරි හා මුස්ලිම්හි සඳහන් වාර්තාවක මාලික් ඉබ්නු හුවෙයිරස් තුමා විසින් මෙසේ ප්‍රකාශ කර ඇත. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තක්බීර් පවසන විට තම අත් දෙක තම කන් දෙකට සමාන්තරව ඔසවා ගත්හ.
"සමිඅල්ලාහු ලිමන් හමිදා" යැයි පැවසීම සලාතය මෙහෙයවන ඉමාම් පමණක් සතු කාර්යයකි. ඔහුව පිළිපදින මඃමූම්වරු "රබ්බනා වලකල් හම්දු" යැයි පවසනු ඇත.
රුකූඋ ඉරියව්වෙන් පසු "රබ්බනා වලකල් හම්දු" යැයි ප්‍රකාශ කිරීම ක්‍රම හතරකින් පවතින බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් සහතික කර ඇත. මෙය ඒ අතරින් එකක් පමණි. වඩාත් උතුම් වන්නේ වාරයෙන් වාරය ඒ එක් එක් ක්‍රමයක් වෙනස් කර අනුගමනය කිරීමය.
සහීහුුල් බුහාරි (1/ 148) (735).
සහීහ් මුස්ලිම් (1/ 292) (390).
තවත් බලන්න (6)
الإلمام بشرح عمدة الأحكام.
لإسماعيل الأنصاري (1/ 122).
تيسير العلام شرح عمدة الأحكام.
للبسام (ص151).
تنبيه الأفهام شرح عمدة الأحكام.
لابن عثيمين (2/ 192).