Skip to content

මාගේ තටාකය මසක ගමන් කරන දුරකි. එහි ජලය කිරි පැහැයට වඩා සුදුවන් වේ. එහි සුගන්ධය කස්තූරියට වඩා සුවඳැති වේ

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"මාගේ තටාකය මසක ගමන් කරන දුරකි. එහි ජලය කිරි පැහැයට වඩා සුදුවන් වේ. එහි සුගන්ධය කස්තූරියට වඩා සුවඳැති වේ. එහි ගුරුලේත්තු අහසේ තරු මෙන් පවතී. කවරෙකු ඉන් පානය කළේ ද ඉන් පසු ඔහුට කිසිදා පිපාසය ඇති වන්නේ නැත."

«حَوْضِي مَسِيرَةُ شَهْرٍ، مَاؤُهُ أَبْيَضُ مِنَ اللَّبَنِ، وَرِيحُهُ أَطْيَبُ مِنَ المِسْكِ، وَكِيزَانُهُ كَنُجُومِ السَّمَاءِ، مَنْ شَرِبَ مِنْهَا فَلاَ يَظْمَأُ أَبَدًا».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට තටාකයක් ඇති බවත් එහි දිග මසක ගමන් කරන දුරකින් පිහිටා ඇති බවත් එහි පළල ද ඒ හා සමාන දුරකින් පිහිටා ඇති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. සැබැවින්ම එහි ජලය කිරියට වඩා සුදෝ සුදුවන් පැහැයෙන් වේ. සැබැවින්ම එහි ගන්ධය කස්තූරි සුවඳට වඩා මිහිරි සුවඳැති වේ. එහි ගුරුලේත්තු අධික ලෙස අහසේ තරුමෙන් පවතී. කවරෙකු එම තටාකයෙන් පානය කළේ ද ඔහුට කිසිදා පිපාසය හට ගැනෙන්නේ නැත.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තටාකය විශාල ජල පරිමාවකින් යුක්තය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම සමූහයා අතර සිටි දේවත්වය විශ්වාස කළ මුඃමින්වරු එහි පැමිණෙනු ඇත.

එම තටාකයෙන් පානය කරන්නන් හට ආශිර්වාද හිමි වේ. එවිට කිසිදු අවස්ථාවක ඔහුට පිපාසය ඇති වන්නේ නැත.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 119) (6579).

සහීහ් මුස්ලිම් (4/ 1793) (2292).

තවත් බලන්න (4)

المفهم (6/91).

فتح الباري (11/472).

التنوير شرح الجامع الصغير (5/387).

فتح المنعم شرح صحيح مسلم (9/125).