Skip to content

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ: يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ "යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික”

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ: يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ "යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික” (අහෝ හදවත් වෙනස් කරන්නානනි! මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවරව තබනු මැනව.) යනුවෙන් අධික ලෙස ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. එවිට මම:"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ඔබ හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කර ඇත්තෙමු. එසේ තිබිය දී ඔබ අප ගැන බියවන්නෙහි ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ: "ඔව්, සැබැවින්ම හදවත ඇත්තේ අල්ලාහ්ගේ ඇඟිලි අතරින් ඇඟිලි දෙකක් අතර ය. ඔහු අභිමත කරන පරිදි එය පෙරළනු ඇත." යැයි පැවසුහ.

كَانَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ أَنْ يَقُولَ: «يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ»، فَقُلْتُ: يَا رَسُولَ اللهِ، آمَنَّا بِكَ وَبِمَا جِئْتَ بِهِ فَهَلْ تَخَافُ عَلَيْنَا؟ قَالَ: «نَعَمْ، إِنَّ القُلُوبَ بَيْنَ أُصْبُعَيْنِ مِنْ أَصَابِعِ اللهِ يُقَلِّبُهَا كَيْفَ يَشَاءُ».

මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අධික ලෙස ප්‍රාර්ථනා කර සිටියේ ආගම හා අවනතභාවය මත ස්ථාවර ව තබන මෙන් හා අපගමනයෙන් හා නොමඟ යෑමෙන් දුරස් කරන මෙනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් මෙම ප්‍රාර්ථනාව අධික ලෙස ප්‍රාර්ථනා කිරීම ගැන අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා පුදුමයට පත් විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහුට දන්වා සිටියේ, සැබැවින්ම හදවත් අල්ලාහ්ගේ ඇඟිලි අතරින් ඇඟිලි දෙකක් අතර පිහිටා ඇති බවත් ඔහු අභිමත කරන පරිදි එය වෙනස් කරන බවත් ය. හදවත යනු දේව විශ්වාසය හා දේව ප්‍රතික්ෂේපය තැන්පත්ව ඇති ස්ථානයයි. අධික ලෙස වෙනස්වීමට ලක්වන බැවින් පෙරළීම යන අරුත ඇති ඛල්බ් යන පදය එයට යෙදී ඇත්තේ එබැවිනි. ‌අධික පීඩන එකතු වූ විටෙක අධික ලෙස එය පෙරළෙනු ඇත. එහෙයින් අල්ලාහ් කවරෙකු ‌කෙරෙහි අභිමත කරන්නේ ද ඔහුගේ හදවත යහමග මත පිහිටුවනු ඇත. ආගම මත රැඳෙන්නට ස්ථාවර කරනු ඇත. එමෙන්ම අල්ලාහ් කවරෙකු කෙරෙහි අභිමත කරන්නේ ද ඔහුගේ හදවත යහමගින් හරවා අවමානය හා මුළාව වෙත යොමු කරනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපතියාට යටත් වීම හා ඔහු වෙත තම අවංකභාවය පෙන්වීම සහ දෙවියන්ගෙන් එය ආයාචනා කර සිටිය යුතු බව තම සමූහයාට මග පෙන්වීම.

දහම මත ස්ථාවරව හා ස්ථීරව සිටීමේ වැදගත්කම, සහ සැබැවින්ම වලංගුභාව ඇත්තේ අවසාන ප්‍රතිඵල අනුවය.

ඉස්ලාම් දහම මත වන ස්ථාවරභාවය අල්ලාහ් තම ගැත්තාට තහවුරු කිරීමෙන් තොරව ඇසිපිය හෙළන මොහොතකටවත් ඔහුට ඔහුගෙන් ඈත්ව සිටිය නොහැක.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කරමින්, අධික ලෙස ප්‍රාර්ථනා කිරීම සඳහා උනන්දු කරවීම.

ඉස්ලාමය මත වන ස්ථාවරභාවය අතිමහත් ආශිර්වාදයකි. එය, ගැත්තා ඒ වෙත යුහුසුළු වීමට හා ඒ සඳහා ඔහුගේ පාලකයාට තුතිවන්ත වීමට ඇරයුම් කරයි.

මූලාශ්‍ර

සුනන් අත් තිර්මිදි (4/ 19) (2140).

මුස්නද් අහ්මද් (19/ 160) (12107).

තවත් බලන්න (10)

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (17/ 476).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 567).

نزهة المتقين.

لمجموعة من الباحثين (2/ 1014).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص808).

شرح رياض الصالحين.

لابن عثيمين (6/ 41).