Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 3 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ නිරතව දිනක් උපවාසය රැක්කේ ද අල්ලාහ් ඔහුගේ මුහුණ අපා ගින්නෙන් වසර හැත්තෑවක් දුරස් කරනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සැබැවින්ම ඔබ කාලය පුරාවටම උපවාසයෙහි නිරත වන්නෙහි ද. රාත්‍රිය පුරාවටම සලාතයෙහි නිරත වන්නෙහි ද?" යැයි විමසන ලදී. එවිට මම, "එසේය" යැයි පැවසුවෙමි. සැබැවින්ම ඔබ එසේ කළ විටෙක ඔබට ඇස්පෙනුම දුර්වල වී යනු ඇත. ඔබේ ආත්මය වෙහෙසට පත්වනු ඇත. කාලය මුළුල්ලේම උපවාසය රකින්නා හට උපවාසය නැත. දින තුනක් උපවාසයේ නිරත වීම කාලය මුළුල්ලේම උපවාසය රකින අයකු මෙන් වේ. මම, "ඊට වඩා යමක් කිරීමට මට හැකියාව ඇතැ"යි පවසා සිටියෙමි. එතුමාණෝ, "එසේ නම් ඔබ දාවුද් (අලයිහිස් සලාම්) තුමාගේ උපවාසයට අනුව උපවාසයේ නිරත වන්න. එතුමා දිනක් උපවාසයේ නිරත වූ අතර දිනක් උපවාසයෙන් මිදී සිටියේය. එතුමා (සතුරන්) මුණ ගැසුණු විටෙක පළා ගියේ නැත." යැයි කීහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මාගේ මිතුරා වූ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම, ළුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම හා මා නින්දට යාමට පෙර විත්ර් ඉටු කිරීම යන කරුණු තුන පිළිබඳ මට උපදෙස් දුන්හ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.