Skip to content

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත්වීම ලබන්නට මිනිසුන් අතර වඩාත් භාග්‍යවන්තයා වනුයේ තම හදවතින් හා සිතින් අවංකවම 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) යැයි පවසන්නාය

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබේ මැදිහත් වීම ලබන්නට වඩාත් භාග්‍යවන්තයා කවුරුන්දැයි විමසන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "අහෝ අබූ හුරෙයිරා, මෙම හදීසය කෙරෙහි ඔබ තුළ ඇති උනන්දුව මම දකින බැවින් ඒ ගැන ඔබට පෙර මගෙන් කිසිවකු විමසා නැතැයි මම සිතමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත්වීම ලබන්නට මිනිසුන් අතර වඩාත් භාග්‍යවන්තයා වනුයේ තම හදවතින් හා සිතින් අවංකවම 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) යැයි පවසන්නාය."

قيل يا رسول الله من أسعد الناس بشفاعتك يوم القيامة؟ قال رسول الله صلى الله عليه وسلم: «لقد ظننت يا أبا هريرة ألا يسألني عن هذا الحديث أحد أول منك لما رأيت من حرصك على الحديث، أسعد الناس بشفاعتي يوم القيامة، من قال لا إله إلا الله، خالصًا من قلبه أو نفسه».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මැදිහත්වීම ලබන්නට මිනිසුන් අතර වඩාත් භාග්‍යවන්ත අය වනුයේ තම හදවතින් අවංකව 'නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත' යැයි පවසා සිටින්නාය. එනම් අල්ලාහ් හැර සැබෑ ලෙස නැමදුම් ලබන කිසිවෙකු නොමැති බව විශ්වාස කිරීම හා දේව ආදේශයෙන් හා මිනිසුනට ප්‍රදර්ශනය කිරීමෙන් ඉවත්ව සිටීමය.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

මතුලොවෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සතුව ඇති මැදිහත්වීමේ භාග්‍යය මෙය තහවුරු කරයි. එය දේවත්වය ඒකීයකරණය කරන්නන් හට හැර වෙනත් කිසිවකුට පිහිටන්නේ නැත.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මැදිහත් වීම යනු දේවත්වය ඒකීය කරණය කරන්නන් අතරින් අපා ගින්නට සුදුසුකම් ලැබූවන් හට ඔවුන් අපා ගින්නට ප්‍රවේශ නොවනු පිණිසත්, කවරෙකු එහි පිවිසුනේ ද ඔහු එයින් බැහැර කරනු පිණිසත් උත්තරීතර අල්ලාහ්ගෙන් එතුමා කරන කන්නලව්වයි.

උත්ත්තරීතර අල්ලාහ් සතු අවංක ඒකීයකරණ ප්‍රකාශයේ මහිමය හා එහි පවතින විශාල බලපෑම.

ඒකීයකරණයේ ප්‍රකාශය සාක්ෂාත් කර ගැනීම යනු එහි අර්ථය දැනගෙන ඒ අනුව ක්‍රියා කිරීමයි.

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාගේ මහිමය හා දැනුම ලබන්නට එතුමා තුළ තිබූ උනන්දුව.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 31) (99).

තවත් බලන්න (4)

منار القاري شرح مختصر صحيح البخاري.

لحمزة محمد قاسم (1/ 197).

القول المفيد على كتاب التوحيد.

لابن عثيمين (1/ 343).