Skip to content

අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්‍රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක

අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්‍රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක.

«نَضَّرَ اللَّهُ امْرَأً سَمِعَ مِنَّا شَيْئًا فَبَلَّغَهُ كَمَا سَمِعَ، فَرُبَّ مُبَلِّغٍ أَوْعَى مِنْ سَامِعٍ».

මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කවරෙතු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයකට සවන් දී අන් අයට එය දන්වා සිටිය හැකි පරිදි එය කටපාඩම් කර ගත්තේ ද ඔහු වෙනුවෙන් මෙලොව අලංකාරය, සතුට හා ප්‍රමෝදය සඳහා ද ස්වර්ගයේ පවතින සැපත හා මතුලොවෙහි පවතින ආශිර්වාදය හා සතුට වෙත අල්ලාහ් සේන්දු කරවීම සඳහාද ප්‍රාර්ථනා කළහ. ඇතැම් විට හදීසය දැනුම් දෙන තැනැත්තාට වඩා එය ලබන තැනැත්තා වඩාත් ධාරණ හැකියාව ඇති, වඩාත් අවබෝධයක් ඇති ඉන් කරුණු මනා ලෙස පරිශීලනය කර ගත හැකි අයකු විය හැක. ඒ අනුව පළමුවැන්නා ධාරණය කිරීමට හා සම්ප්‍රේශණය කිරීමට බැඳී ඇති අතර දෙවැන්නා වටහා ගැනීමටත් කරුණු පරිශීලනය කර මතු කර ගැනීමටත් බැඳී සිටියි.

හදීසයෙන් උගත හැකි පාඩම්

නබි වදන් කටපාඩම් කර ගැනීමට හා ඒවා ජනයා අතර ප්‍රචාරය කිරීමට උනන්දු කරවීම.

හදීස්වාදීන්ගේ මහිමය හා එය සොයා හැදෑරීමේ ගෞරවය විස්තර කිරීම.

යමක් වටහා ගෙන, ඒවා පරිශීලනය කර, එහි කරුණු මතු කර ගන්නා විද්වතුන්ගේ මහිමය.

සහාබාවරුන්ගේ මහිමය. ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හදීස් ලබා ඒවා අපට දන්වා සිටියෝය.

මනාවී තුමා මෙසේ පවසයි: "සැබැවින්ම හදීසය වාර්තා කරන්නා සතුව අවබෝධයක් තිබිය යුතු යන කොන්දේසිය අදාළ නොවන බව මින් පැහැදිලි වේ. සැබැවින්ම ඔහු සතුව තිබිය යුතු කොන්දේසිය වනුයේ මනා ධාරණ හැකියාවය. විද්වතා වෙත පැවරෙනුයේ අවබෝධ කර ගැනීම හා පරිශීලනය කිරීමය.

ඉබ්නු උයෙයිනා මෙසේ පවසයි: "කිසියම් කෙනෙකු හදීසයක් සොයා යන්නේ ද ඔහුගේ මුහුණේ එම හදීසය හේතුවෙන් ප්‍රබෝධයක් දැක ගත හැක.

හදීස් වාදීන් අතර ධාරණය කිරීම ක්‍රම දෙකක් මත විය. සිතින් හා හදවතින් ධාරණය කිරීම හා ලිවීමෙන් හා ලේඛනගත කිරීමෙන් ධාරණය කිරීම. මෙම හදීසය තුළ සඳහන්ව ඇති ප්‍රාර්ථනාව මේ කරුණු දෙක සඳහාම අදාළ වේ.

මිනිසුන් අවබෝධකර ගැනීමේ මට්ටම විවිධය. ප්‍රචාරය කරන්නා සවන් දුන් තැනැත්තාට වඩා ධාරණ හැකියාව තිබිය හැක. අවබෝධය උසුලා සිටින තැනැත්තා නීතිවාදියෙකු නොවිය හැක.

මූලාශ්‍ර

සුනන් අත් තිර්මිදි (4/ 394) (2657).

සුනන් ඉබ්නු මාජහ් (1/ 157) (232).

මුස්නද් අහ්මද් (7/ 221) (4157).

තවත් බලන්න (10)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 476).

شرح رياض الصالحين.

لابن عثيمين (5/ 446).

فيض القدير شرح الجامع الصغير.

لعبدالرؤوف المناوي (3/ 206).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (16/ 496).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (2/ 956).