සෑම අදාන් දෙකක් අතර සලාතයක් ඇත. සෑම අදාන් දෙකක් අතර සලාතයක් ඇත" පසුව තුන්වන වතාවේ "කැමති අයට පමණි" යැයි එතුමාණන් පැවසුහ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මුගෆ්ෆල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"සෑම අදාන් දෙකක් අතර සලාතයක් ඇත. සෑම අදාන් දෙකක් අතර සලාතයක් ඇත" පසුව තුන්වන වතාවේ "කැමති අයට පමණි" යැයි එතුමාණන් පැවසුහ.
«بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلَاةٌ، بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلَاةٌ» ثُمَّ قَالَ فِي الثَّالِثَةِ: «لِمَنْ شَاءَ».
සෑම අදාන් ප්‍රකාශයක් හා ඉකාමත් ප්‍රකාශයක් අතරම අමතර සලාතයක් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එය තුන් වරක්ම ප්‍රකාශ කර, තුන්වැනි වතාවේ එය ඉටු කිරීමට කැමති උදවියට එය යෝග්‍ය ක්‍රියාවක් බව එතුමා දන්වා සිටියහ.
අදාන් ප්‍රකාශය හා ඉකාමත් ප්‍රකාශය අතර සලාතය ඉටු කිරීම සතුටුදායක ක්‍රියාවක් බව සළකන්න.
ප්‍රකාශය නැවත නැවතත් පවසා සිටීම නබි (සල්ලල්ලාහු අලියිහි වසල්ලම්) තුමාණන්ගේ මඟ පෙන්වීමකි. එය ඇහෙන්නට සැළැස්වීමක් හා පවසන දෑහි වැදගත් කම සහතික කිරීමක් වන්නේය.
අදාන් දෙකක් යන්නෙහි අදහස: අදාන් හා ඉකාමත් වෙයි. මෙහි අදාන් දෙකක් යැයි පොදුවේ භාවිත කර ඇත්තේ (හිරු හා සදුට) සඳු දෙකක් යැයි ද (අබූ බක්ර් හා උමර් ට) උමර් දෙදෙනෙක් යැයි ද අතිශයොක්තියෙන් පවසා සිටින්නාක් මෙන් සැලකේ.
අදාන් යනු සලාතයේ වේලාව පැමිණි ඇති බව දැනුම් දීමය. ඉකාමා යනු සලාතයේ ක්‍රියාවට සහභාගී වන මෙන් දැනුම් දීම වේ.
සහීහුුල් බුහාරි (1/ 128) (627).
සහීහ් මුස්ලිම් (1/ 573) (838).
තවත් බලන්න (2)
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (16/ 671).
النهاية في غريب الحديث والأثر (31).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- المختصر المفيد للمؤذن والإمام والخطيب وأحكام المساجد«بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلَاةٌ، بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلَاةٌ»، ثُمَّ قَالَ فِي الثَّالِثَةِ: «لِمَنْ شَاءَ»
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 5«بَيْنَ كُلِّ أذانَيْنِ صَلاةٌ».
- مجموعة زاد الفقه (2)الفقه للمستوى الثاني ( مجموعة زاد )«بين كل أذانين صلاة، بين كل أذانين صلاة، وقال في الثالثة: لمن شاء».