Skip to content

අහෝ බිලාල් ඔබ සලාත් ඉටු කරන්න; එමගින් සැනසුම ලබන්න

සාලිම් ඉබ්නු අබුල් ජඃද් තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසකු: මම සලාත් ඉටු කර සැනසුම ලැබිය යුතු නොවේ ද! යැයි පැවසීය. එය ඔවුන් ඔහුට දොස් නගන්නාක් මෙන් විය. එවිට ඔහු: අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා මෙසේ දන්වා සිටියේය:

"අහෝ බිලාල් ඔබ සලාත් ඉටු කරන්න; එමගින් සැනසුම ලබන්න"

«يا بلالُ، أقِمِ الصَّلاةَ، أرِحْنا بها».

අබූ දාවූද් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සහාබාවරුන් අතරින් මිනිසෙකු: 'මම සලාත් ඉටු කර විවේක ගත යුතු නොවේ ද' යැයි පැවසීය. එය ඔහු අවට සිටි අය ඒ සඳහා දොස් නගන්නාක් මෙන් විය. එවිට ඔහු 'අහෝ බිලාල්! ඔබ සලාතය සඳහා අදාන් උස් හඬින් පවසන්න. තවද ඒ සඳහා ඉකාමත් පවසන්න. එමගින් අපි සැනසුමට පත්වන්නෙමු. එය උත්තරීතර අල්ලාහ් සමග එහිදී ඇති කරගන්නා ඍජු සම්බන්ධතාවය හා හදවතට හා ආත්මයට දැනෙන සැනසුමයි'.යනු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තමාණන් පවසනු මම අසා ඇත්තෙමි.' යැයි කීය.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

හදවතේ සැනසුම සලාතය තුළින් ඇති වේ. එහිදී උත්තරීතර අල්ලාහ් සමග ඍජු සම්බන්ධතා පවත්වන බැවිනි.

නැමදුම බරක් බවට පත් කර ගන්නා තැනැත්තා හෙළා දැකීම.

තමන්ට පැවරුණු අනිවාර්ය කටයුත්ත ඉටු කර තම වගකීමෙන් නිදහස් වන්නා, එතුළින් සැනසුම ලබන අතර තැන්පත්කම ඔහුට දැනෙනු ඇත.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (7/ 338) (4985).

තවත් බලන්න (4)

الكاشف عن حقائق السُّنن (4/1217).

عون المعبود وحاشية ابن القيم (13/ 225).

مرقاة المفاتيح (3/939).

شرح سنن أبي داود للعباد (567/ 6).