“තම සහෝදරයාව රාත්‍රී තුනකට වඩා වෙන් කිරීම මුස්ලිම්වරයකුට අනුමත වන්නේ නැත. ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ ගැසී, ඔහුට මොහු පෙනෙයි. මොහුට ඔහු පෙනෙයි. ඔවුන් දෙදෙනාගෙන් උතුම් වනුයේ සලාම් මගින් ආරම්භ කරන තැනැත්තාය.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අය්යූබ් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් ව්ර් තා කරන ලදී:
“තම සහෝදරයාව රාත්‍රී තුනකට වඩා වෙන් කිරීම මුස්ලිම්වරයකුට අනුමත වන්නේ නැත. ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ ගැසී, ඔහුට මොහු පෙනෙයි. මොහුට ඔහු පෙනෙයි. ඔවුන් දෙදෙනාගෙන් උතුම් වනුයේ සලාම් මගින් ආරම්භ කරන තැනැත්තාය.”
«لَا يَحِلُّ لِرَجُلٍ أَنْ يَهْجُرَ أَخَاهُ فَوْقَ ثَلَاثِ لَيَالٍ، يَلْتَقِيَانِ، فَيُعْرِضُ هَذَا وَيُعْرِضُ هَذَا، وَخَيْرُهُمَا الَّذِي يَبْدَأُ بِالسَّلَامِ».
මුස්ලිම්වරයෙක් තම සහෝදර මුස්ලිම්වරයකු හමු වන විට, ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් අනෙකාට සලාම් නොපවසා, කතා නොකර රාත්‍රි තුනකට වඩා දුරස්ව සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කළේය. මෙසේ ආරවුල් කරන දෙදෙනා අතර වඩාත් උතුම් වනුයේ, එම වෙන් කිරීමට තුඩු දුන් සාධක ඉවත් කිරීමට උත්සාහ කරන, සලාම් පවසා ආරම්භ කරන තැනැත්තාය. මෙහි වෙන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ තමන් වෙනුවෙන් දුරස් කිරීමය. සර්වබලධාරී අල්ලාහ්ගේ අයිතිය සඳහා වෙන් කිරීම වනාහි, පාපිෂ්ඨයින්, නව ආගමික කටයුතු බිහි කරන්නන් සහ නපුරු සහචරයන්ගෙන් වෙන්වීම වැනිය. ඒ සඳහා නියම කරන ලද කාලයක් නැත. වෙන්වීමේ යහපත පවතින තාක් කල් එය බැඳී තිබේ. එය ඉවත් වීමෙන් එම බැඳීම ද ඉවත් වේ.
...:
මිනිස් ස්වභාවය සැළකිල්ලට ගනිමින්, දින තුනක් හෝ ඊට අඩු දින ගණනක් වෙන් වී සිටීමේ අනුමැතිය. එබැවින් දින තුනක් තුළ බාධක පහව යන පරිදි, එසේ වෙන්වී හැර යාමට සමාව දෙනු ලැබේ.
සලාම් පැවසීමේ මහිමය. සැබැවින්ම එය සිත් තුළ ඇති දෑ ඉවත් කරන අතර එය ආදරයේ සංකේතය වේ.
ඉස්ලාමය තම ප්‍රජාව අතර සහෝදරත්වය හා සෙනෙහස සම්බන්ධයෙන් උනන්දු වෙයි.
සහීහුුල් බුහාරි (8/ 21) (6077).
සහීහ් මුස්ලිම් (4/ 1984) (2560).
තවත් බලන්න (6)
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 111).
فتح ذي الجلال والإكرام بشرح بلوغ المرام.
لابن عثيمين (6/ 293).
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 339).
පොත්වල උපුටා දක්වා ඇත
2 පොත්තවත් බලන්න (2)
- المناهج التعليمية - الصف السادسالمناهج الدراسية - الحديث - الصف السادس - الفصل الأول «لَا يَحِلُّ لِمُسْلِمٍ أَنْ يَهْجُرَ أَخَاهُ فَوْقَ ثَلَاثِ لَيَالٍ، يَلْتَقِيَانِ فَيُعْرِضُ هَذَا وَيُعْرِضُ هَذَا، وَخَيْرُهُمَا الَّذِي يَبْدَأُ بِالسَّلَامِ»
- المناهج التعليمية - الصف السادسالمناهج الدراسية - الحديث - الصف السادس - الفصل الأول «وخَيْرُهُما الذي يَبْدَأ بِالسَّلَامِ».