Skip to content

ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහු වෙත ඔහුගේ පාවහන් පටියට වඩා සමීපයෙන් ස්වර්ගය පිහිටයි. එමෙන්ම අපා ගින්න ද පිහිටයි

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

"ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහු වෙත ඔහුගේ පාවහන් පටියට වඩා සමීපයෙන් ස්වර්ගය පිහිටයි. එමෙන්ම අපා ගින්න ද පිහිටයි."

«الْجَنَّةُ أَقْرَبُ إِلَى أَحَدِكُمْ مِنْ شِرَاكِ نَعْلِهِ، وَالنَّارُ مِثْلُ ذَلِكَ».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

පාවහන් මතුපිටින් ඇති පටිය සමීපයෙන් පවතින්නාක් මෙන් සැබැවින්ම ස්වර්ගය හා නිරය මිනිසාට සමීපයෙන් පවතින බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ. හේතුව සැබැවින්ම ඔහු සර්වබලධාරී අල්ලාහ්ට තෘප්තිමත් කටයුතු අතරින් අවනත වීමේ කටයුතු වල නිරත වෙයි. එමගින් ඔහු ස්වර්ගයට පිවිසෙයි. එසේ නැතහොත් ඔහු පාපයක් සිදු කරයි. එය නිරයට පිවසීමට හේතුවක් වේ.

වචනාර්ථ

....:

හදීසයෙන් උගත හැකි පාඩම්

යහපත සුළුවෙන් වුව ද සිදු කිරීමට උනන්දු කරවීම, අයහපත ද සුළුවෙන් වුව ද ඒ ගැන අනතුරු ඇඟවීම.

මුස්ලිම්වරයකුට තම ජීවිතය තුළ යහපත් අපේක්ෂාව හා බිය යන දෙක අතර ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ. සැමවිටම ශුද්ධ වූ අල්ලාහ්ගෙන් කන්නලව් කිරීම ආරක්ෂාව ලබා, තමන් එහි නොරැවටෙන තරමට සත්‍යය මත ස්ථාවර සිටීමට උපකාරී වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 102) (6488).

තවත් බලන්න (8)

شرح رياض الصالحين.

لابن عثيمين (2/ 99).

فتح الباري.

لابن حجر(11/ 321).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 186).

نزهة المتقين شرح رياض الصالحين.

لمصطفى الخِن وغيره (1/ 136).