තන්හා, ආශාවන්ගෙන් අපා ගින්න වට වී ඇත. විපත්තිවලින් ස්වර්ගය වට වී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"තන්හා, ආශාවන්ගෙන් අපා ගින්න වට වී ඇත. විපත්තිවලින් ස්වර්ගය වට වී ඇත."
«حُجِبَتِ النَّارُ بِالشَّهَوَاتِ، وَحُجِبَتِ الْجَنَّةُ بِالْمَكَارِهِ».
සැබැවින්ම නිරය මනස ආශා කරන තහනම් කටයුතුවලින් හා අනිවාර්යය කටයුතුවල සිදුවන අඩුපාඩුකම්වලින් වට වී ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. කවරෙකු තම මනස ආශා කරන දෑ පිළිපදින්නේ ද ඔහුට අපා ගින්න නියම වේ. එමෙන්ම ස්වර්ගය, නියම කර ඇති දෑහි අඛණ්ඩව නිරත වීම, තහනම් දෑ අත්හැර දැමීම හා ඒවා කෙරෙහි ඉවසීම යනා දී ආත්මය පිළිකුල් කරන කරුණුවලින් වට වී ඇති බවත් පැහැදිලි කර සිටියි. කවරෙකු ඒවා තරයේ පිළිපදිමින් තම ආත්මය ඒ වෙනුවෙන් කැප කරන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසීම අනිවාර්යය වේ.
حُجبت: حُفت وأُحيطت.
තන්හා, ආශාවන් තුළට වැටීමට හේතුව පිළිකුල් සහගත හා අශීලාචාර දෑ ෂෙයිතාන් විසින් අලංකාරවත් කර පෙන්වීමය. අවසානයේ එය යහපත් ලෙස දැක ඒ වෙත යොමු වෙයි.
තහනම් කරන ලද දැයින් දුරස් වීමේ නියෝගය. හේතුව එය අපා ගින්න වෙත යොමු කරන මාර්ගය වේ. දුෂ්කරතා මත ඉවසීම, එය ස්වර්ගය වෙත යොමු කරන මාර්ගය වේ.
ආත්මය කැප කිරීම, නැමදුම්වල දී කැපවීම, දුෂ්කර කරුණුවල දී ඉවසීම, නැමදුම් වටා ඇති දුෂ්කරතා දරා ගැනීම යනාදියෙහි මහිමය.
සහීහුුල් බුහාරි (8/ 102) (6487).
සහීහ් මුස්ලිම් (4/ 2174) (2822).
සුනන් අබූ දාවූද් (7/ 122) (4744).
සුනන් අත් තිර්මිදි (4/ 274) (2560).
සුනන් අන් නසාඊ (7/ 3) (3763).
තවත් බලන්න (10)
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (2/ 449).
شرح رياض الصالحين.
لابن عثيمين (2/ 87).
المنهاج شرح صحيح مسلم بن الحجاج.
للنووي (17/ 165).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 183).
نزهة المتقين شرح رياض الصالحين.
لمصطفى الخِن وغيره (1/ 134).