Skip to content

අදාන් පවසා සලාතයට ඇරයුම් කරන උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අතර වඩාත් දිගු බෙලිවලින් යුක්ත අය වෙති

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"අදාන් පවසා සලාතයට ඇරයුම් කරන උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අතර වඩාත් දිගු බෙලිවලින් යුක්ත අය වෙති."

«الْمُؤَذِّنُونَ أَطْوَلُ النَّاسِ أَعْنَاقًا يَوْمَ الْقِيَامَةِ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සලාතය සඳහා අදාන් පවසා ඇරයුම් කරන උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අතර වඩාත් දිගු බෙලි සහිත අය වෙති. එය ඔවුන්ගේ ක්‍රියාව, ඔවුනට හිමි අධික යහපත හා ඔවුනට හිමි ඉමහත් ප්‍රතිඵලයේ පවතින ගෞරවය හේතුවෙනි.

හදීසයෙන් උගත හැකි පාඩම්

අදාන් පැවසීමේ මහිමය හා ඒ සඳහා ආශාව ඇති කිරීම.

අදාන් පවසන්නන්ගේ ගෞරවය හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ උසස් නිළය පැහැදිලි කිරීම.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 290) (387).

තවත් බලන්න (8)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 251).

شرح رياض الصالحين.

لابن عثيمين (5/ 31).

شرح صحيح مسلم.

النووي (4/ 89).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 768).