එසේ නම්, අපි කවර කරුණක් සඳහා ඔබට ප්‍රතිඥා දිය යුතුද?" යනුවෙන් විමසුවෙමු. එතුමාණෝ: “අල්ලාහ්ට නැමදුම් කරන මෙන් ද ඔහුට කිසිවක් ආදේශ නොකරන මෙන් ද පස්වේල සලාත් ඉටු කරන බවට ද අල්ලාහ්ට අවනත වන මෙන් ද.“ යැයි කීහ. තවදුරටත් එතුමා සිහින් වචනයෙන් “මිනිසුන්ගෙන් කිසිවක් නොඉල්ලන බවට ද ප්‍රතිඥා දෙන්න."යැයි කීහ
අබූ මුස්ලිම් අල්-හඃව්ලානී විසින් වාර්තා කරන ලදී. හබීබුල් අමීන් මට මෙසේ පැවසීය. ඔහු මා වෙත ප්‍රයමනාප අයෙකි. එමෙන්ම මා ඉදිරියේ ඔහු විශ්වාස වන්ත අයෙකි. අව්ෆ් ඉබ්නු මාලික් අල් අෂ්ජඊ (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අබියස අපි හත් අට දෙනෙක් හෝ නව දෙනෙක් පමණ සිටියෙමු. එවිට එතුමා 'ඔබලා අල්ලාහ්ගේ දූතයාණන්ට ප්‍රතිඥා දිය යුතු නොවේ ද?' යැයි පැවසූහ. එවිට අපි බය්ආ හි ප්‍රතිඥා දුන්නේ ටික වේලවකට පෙරය. එහෙයින් අපි : “අල්ලාහ්ගේ දූතයාණනි! අපි ඔබට ප්‍රතිඥා දී ඇත්තෙමුයි" පැවසුවෙමු. පසුව ද එතුමාණෝ: "ඔබලා අල්ලාහ්ගේ දූතයාණන්ට ප්‍රතිඥා දිය යුතු නොවේ ද?" යැයි විමසූහ. පසුව අපගේ අත් දිගුකොට "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ඔබට ප්‍රතිඥා දීමට -කැමෙත්තෙන්- සිටිමු. එසේ නම්, අපි කවර කරුණක් සඳහා ඔබට ප්‍රතිඥා දිය යුතුද?" යනුවෙන් විමසුවෙමු. එතුමාණෝ: “අල්ලාහ්ට නැමදුම් කරන මෙන් ද ඔහුට කිසිවක් ආදේශ නොකරන මෙන් ද පස්වේල සලාත් ඉටු කරන බවට ද අල්ලාහ්ට අවනත වන මෙන් ද.“ යැයි කීහ. තවදුරටත් එතුමා සිහින් වචනයෙන් “මිනිසුන්ගෙන් කිසිවක් නොඉල්ලන බවට ද ප්‍රතිඥා දෙන්න."යැයි කීහ. මෙම පිරිසෙන් ඇතැමුන් වෙත මගේ අවධානය යොමු කර ඇත්තෙමි. ඔවුන්ගෙන් කිසිවකුගේ සැරයටිය බිම වැටුණ ද එය තමන්ට ලැබෙන්නට සලස්වන මෙන් කිසිවකුගෙන් ඉල්ලීමක් නොකළෝය.
كُنَّا عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، تِسْعَةً أَوْ ثَمَانِيَةً أَوْ سَبْعَةً، فَقَالَ: «أَلَا تُبَايِعُونَ رَسُولَ اللهِ؟» وَكُنَّا حَدِيثَ عَهْدٍ بِبَيْعَةٍ، فَقُلْنَا: قَدْ بَايَعْنَاكَ يَا رَسُولَ اللهِ، ثُمَّ قَالَ: «أَلَا تُبَايِعُونَ رَسُولَ اللهِ؟» فَقُلْنَا: قَدْ بَايَعْنَاكَ يَا رَسُولَ اللهِ، ثُمَّ قَالَ: «أَلَا تُبَايِعُونَ رَسُولَ اللهِ؟» قَالَ: فَبَسَطْنَا أَيْدِيَنَا وَقُلْنَا: قَدْ بَايَعْنَاكَ يَا رَسُولَ اللهِ، فَعَلَامَ نُبَايِعُكَ؟ قَالَ: «عَلَى أَنْ تَعْبُدُوا اللهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا، وَالصَّلَوَاتِ الْخَمْسِ، وَتُطِيعُوا -وَأَسَرَّ كَلِمَةً خَفِيَّةً- وَلَا تَسْأَلُوا النَّاسَ شَيْئًا» فَلَقَدْ رَأَيْتُ بَعْضَ أُولَئِكَ النَّفَرِ يَسْقُطُ سَوْطُ أَحَدِهِمْ، فَمَا يَسْأَلُ أَحَدًا يُنَاوِلُهُ إِيَّاهُ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සහාබාවරුන් කිහිප දෙනෙකු අතර සිටියදී, තමන්ට ප්‍රතිඥා දෙන ලෙසත් කරුණු කිහිපයක් පිළිපදින බවට දිවුරුම් දෙන ලෙසත් තුන් වරක්ම ඉල්ලා සිටියහ. පළමුවැන්න: අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් එමෙන්ම ඔහුට කිසිවක් ආදේශ නොකරමින් ඔහුට පමණක් නැමදුම් ඉටු කිරීම. දෙවැන්න: දහවලේ හා රාත්‍රියේ නියම කරන ලද පස්වාර සලාත් ඉටු කිරීම. තුන්වැන්න: මුස්ලිම්වරුන්ගේ කටයුතු භාර උදවියට යහපත් කටයුතුවලදී සවන් දීම හා අවනත වීම. සිව්වැන්න: තම සියලු ආකාරයේ අවශ්‍යතා අල්ලාහ්ගෙන් පැතීම, ඒ කිසිවක් මිනිසුන්ගෙන් නොපැතිය යුතුය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඒ පිළිබඳ පවසා සිටියේ සිහින් හඬිනි. සහාබාවරු එතුමාණන්ට ප්‍රතිඥා දුන් පරිදිම කටයුතු සිදු කර ඇත්තාහ. එය කෙතරම් ද යත් හදීස් වාර්තාකරු මෙසේ පැවසීය: 'අතැම් සහාබාවරුන් මම දැක ඇත්තෙමි. ඔවුන්ගෙන් කිසිවකුගේ සැරයටිය බිම වැටුණ ද එය තමන්ට ලැබෙන්නට සලස්වන මෙන් කිසිවකුගෙන් ඉල්ලීමක් නොකරති.'
...:
මිනිසුන්ගෙන් ඉල්ලිම අත්හැර දැමීමට උනන්දු කරවීම, ඉල්ලීම් යන නමින් ඇති සියලුම ආකාරයන්ගෙන් පිරිසිදු වීම හා කුඩා කරුණක වුව ද මිනිස් අවශ්‍යතා පැතීමෙන් ස්වාධීන වීම.
තහනම් කරන ලද ඉල්ලීම යනු, ලෞකික කටයුතු හා බැඳුණු ඉල්ලීම්ය. එබැවින් දැනුම හා ආගමික කටයුතු ගැන කරන ඉල්ලීම් අදාළ වන්නේ නැත.
සහීහ් මුස්ලිම් (2/ 721) (1043).
තවත් බලන්න (4)
بهجة الناظرين.
لسليم الهلالي (1/ 588).
نزهة المتقين.
مجموعة من الباحثين (1/ 463).
පොත්වල උපුටා දක්වා ඇත
2 පොත්තවත් බලන්න (2)
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 3«علىٰ أن تَعْبُدُوا الله ولا تُشْرِكُوا بِه شَيْئاً، والصَّلَوَاتِ الخَمْسِ، وَتُطِيعوا»، وَأَسَرَّ كَلِمَةً خَفِيَّةً: «وَلا تَسْأَلُوا النَّاسَ شَيْئاً».
- فتاوى المرضىفتاوى المرضى كنا عند رسول الله صلى الله عليه وسلم، تسعة أو ثمانية أو سبعة، فقال: «ألا تبايعون رسول الله؟» وكنا حديث عهد ببيعة، فقلنا: قد بايعناك يا رسول الله، ثم قال: «ألا تبايعون رسول الله؟» فقلنا: قد بايعناك يا رسول الله، ثم قال: «ألا تبايعون رسول الل