Skip to content
සූරා ලැයිස්තුව /

الأنبيَاء

الأنبيَاء is chapter 21 of the Quran and has 112 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

112 වැකි සූරා අංකය 21
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

ٱقۡتَرَبَ لِلنَّاسِ حِسَابُهُمۡ وَهُمۡ فِي غَفۡلَةٖ مُّعۡرِضُونَ

ජනයාට ඔවුන්ගේ විනිශ්චය ළඟා විය. එහෙත් ඔවුහු (ඒ ගැන) නො සැලකිලිමත්ව පිටුදකින්නන් ලෙස සිටිති.

مَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّن رَّبِّهِم مُّحۡدَثٍ إِلَّا ٱسۡتَمَعُوهُ وَهُمۡ يَلۡعَبُونَ

ඔවුන් වෙත ඔවුන්ගේ පරමාධිපතිගෙන් නව උපදෙසක් පැමිණි සෑම විටෙකම ඔවුන් හාස්‍යයට ලක් කරමින් එයට ඔවුහු සවන් දුන්නේ ම ය.

لَاهِيَةٗ قُلُوبُهُمۡۗ وَأَسَرُّواْ ٱلنَّجۡوَى ٱلَّذِينَ ظَلَمُواْ هَلۡ هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡۖ أَفَتَأۡتُونَ ٱلسِّحۡرَ وَأَنتُمۡ تُبۡصِرُونَ

ඔවුන්ගේ හදවත් නො සැලකිලිමත් ලෙසින් පවතී. තවද "මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස වෙන කවුරු ද? නුඹලා දැක දැකම හූනියම වෙතට යන්නෙහු දැ?" යි අපරාධ කළවුන් රහස් සාකච්ඡාවන් රහසින් කතා කර ගත්හ.

قَالَ رَبِّي يَعۡلَمُ ٱلۡقَوۡلَ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

මාගේ පරමාධිපති අහස්හි හා මහපොළොවෙහි (සිදු කරන) ප්‍රකාශයන් දනී. තවද ඔහු සර්ව ශ්‍රාවක ය. සර්වඥානී ය යැයි ඔහු (නබිවරයා) පැවසුවේ ය.

بَلۡ قَالُوٓاْ أَضۡغَٰثُ أَحۡلَٰمِۭ بَلِ ٱفۡتَرَىٰهُ بَلۡ هُوَ شَاعِرٞ فَلۡيَأۡتِنَا بِـَٔايَةٖ كَمَآ أُرۡسِلَ ٱلۡأَوَّلُونَ

නැත. එය සිහිනවල ව්‍යාකූලත්වයකි. එසේ නොව ඔහු එය ගෙතුවේ ය. නැත. ඔහු කවියෙකි. එහෙයින් මුතුන්මිත්තන්ට එවනු ලැබුවාක් මෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙන එත්වා යැයි ඔවුහු පැවසූහ.