Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 79 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"ඔබ අතුරින් කිසිවකු හෝ ඔහුගේ ශරීරයේ නිරෝගී භාවයෙන් යුතුව ඔහුගේ පිරිස අතර සුරක්ෂිතව, ඔහු සතු ඔහුගේ දෛනික ආහාරය ලබා අවදි වූයේ ද මුලු ලෝකයම ඔහු සන්තකයට පත් වූවාක් මෙනි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
"යමෙකු තමාට හෝ අන් අයට හානියක් නොකළ යුතුය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය ඉබ්නු මාජා, දාරකුත්නී යන ඉමාම්වරු හා තවත් අය විසින් මුස්නද් වශයෙන් වාර්තා කොට ඇත.
"අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටියෙමු, ඒ වන විට අපි ශක්තිමත් තරුණයින් වූයෙමු. එබැවින් අපි අල්-කුර්ආනය ඉගෙන ගැනීමට පෙර ඊමානය (දේව විශ්වාසය) ඉගෙන ගත්තෙමු. පසුව අපි කුර්ආනය ඉගෙන ගත්තෙමු. එමඟින් අපගේ විශ්වාසය වැඩි විය."
පූර්ව සාධක සහිත හදීසයකි. ඉබ්නු මාජහ් එය වාර්තා කර ඇත.
"කවරෙකු නොසැලකිලිමත්කමින් ජුමුආ සලාත් වාර තුනක් මඟ හැරියේ ද අල්ලාහ් ඔහුගේ හදවත මත මුද්‍රා තබනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දකුණතින් රත්‍රන් ද තම වම් අතින් සේද ද රැගෙන සිටිනු මම දුටුවෙමි. පසු ව ඒ දෙක අතැති ව එතුමාණන් තම දෑත් ඔසවා මෙසේ පැවසීය: "මේ දෙක මගේ උම්මාවේ පිරිමින්ට තහනම්ය. ඔවුන්ගේ ගැහැණුන්ට අනුමතය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, නසාඊ හා ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කවරෙකු යම් ආහාරයක් අනුභව කොට, ‘අල්හම්දු ලිල්ලාහිල්ලදී අත්අමනී හාදා වරසකනීහි මින් ගයිරි හවුලින් මින්නී වලා කුව්වා’ (මා හට කිසිදු බලයක් හෝ හැකියාවක් හෝ නොතිබියදී මෙම ආහාරය පිරිනමා මා පෝෂණය කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා) යැයි පවසා සිටියේ ද පෙර කළ ඔහුගේ පාපයන් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
"සත්‍යය දුටු විටෙක හෝ එය දැනගත් විටෙක ඔබ අතරින් කිසිදු පුද්ගලයකු හෝ මිනිසුනට බියෙන් ඒ ගැන කතා කිරීමෙන් වැළකී නොසිටිය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජුනුබ් (අනිවාර්‍ය ස්නානය කළ යුතු) තත්ත්වයට පත් නොවූ තාක්කල් අනෙකුත් සෙසු සෑම අවස්ථාවකම අල් කුර්ආනය අපට කියවා පෙන්වූහ.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.