Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 116 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (57)
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් බිරියක් විසින් මෙය වාර්තා කරන ලදී: නාෆිඃ තුමා මෙසේ ප්‍රකාශ කළ බව අබූ ආමිර් තුමා පවසයි. එනම්: අල්ලාහ්ගේ දූතයාන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල් කුර්ආන් පාරායනය ගැන හෆ්සා තුමියගෙන් විමසා සිටිනු මම දැක ඇත්තෙමි. එවිට එතුමිය: එලෙස පාරායනය කිරීමට ඔබට නොහැකිය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: එවිට එතුමියගෙන් ඒ ගැන අපට දන්වා සිටින්නැයි විමසනු ලැබීය. ඔහු මෙසේ පැවසීය: පසුව එතුමාය එහි දී තාලානුකූලාව ඇද පාරායනය කර පෙන්වීය. නාෆිඃ තුමා පැවසූ බවට අබූ ආමිර් තුමා තවදුරටත් මෙසේ පැවසීය. ඉබ්නු අබී මුලෙයිකා තුමා (සූරා අල්-ෆාතිහාවේ 2වන පාඨය වන) "අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්" කියවා පෙන්වා නතර කර පසුව "අර්-රහ්මානිර් රහීම්) කියවා පෙන්වීය. පසුව නැවත නතර කර "මාලිකි යව්මිද් දීන්" කියවා පෙන්වීය.
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
"කවරෙකු නොසැලකිලිමත්කමින් ජුමුආ සලාත් වාර තුනක් මඟ හැරියේ ද අල්ලාහ් ඔහුගේ හදවත මත මුද්‍රා තබනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කවරෙකු යම් ආහාරයක් අනුභව කොට, ‘අල්හම්දු ලිල්ලාහිල්ලදී අත්අමනී හාදා වරසකනීහි මින් ගයිරි හවුලින් මින්නී වලා කුව්වා’ (මා හට කිසිදු බලයක් හෝ හැකියාවක් හෝ නොතිබියදී මෙම ආහාරය පිරිනමා මා පෝෂණය කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා) යැයි පවසා සිටියේ ද පෙර කළ ඔහුගේ පාපයන් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත අල්ලා ගෙන “අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. " යැයි පවසා තවදුරටත් "අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම 'අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.' (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබම මට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම ඔබ අත් නොහරින්න.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, නසාඊ හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"සත්‍යය දුටු විටෙක හෝ එය දැනගත් විටෙක ඔබ අතරින් කිසිදු පුද්ගලයකු හෝ මිනිසුනට බියෙන් ඒ ගැන කතා කිරීමෙන් වැළකී නොසිටිය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජුනුබ් (අනිවාර්‍ය ස්නානය කළ යුතු) තත්ත්වයට පත් නොවූ තාක්කල් අනෙකුත් සෙසු සෑම අවස්ථාවකම අල් කුර්ආනය අපට කියවා පෙන්වූහ.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"දේවත්වය විශ්වාස කරන්නන් අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා ඔවුන් අතර සදාචාරයෙන් වඩාත් යහපත් තැනැත්තාය. නුඹලා අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ තැනැත්තා නුඹලා අතර තම බිරියන් හට ශ්‍රේෂ්ඨ තැනැත්තාය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කිසිදු ජනතාවක් (නිසි මඟට) ආරාධනා කරන තුරු ඔවුන් සමඟ සටන් නොකළහ."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය ඉමාම් අහ්මද් සහ බයිහකී වාර්තා කර ඇත.