Skip to content

අල්ලාහ්ගේ දූතයාන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල් කුර්ආන් පාරායනය ගැන හෆ්සා තුමියගෙන් විමසා සිටිනු මම දැක ඇත්තෙමි

ඉබ්නු අබී මුලෙයිකා තුමා විසින් වාර්තා කරන ලදී:

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් බිරියක් විසින් මෙය වාර්තා කරන ලදී: නාෆිඃ තුමා මෙසේ ප්‍රකාශ කළ බව අබූ ආමිර් තුමා පවසයි. එනම්: අල්ලාහ්ගේ දූතයාන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල් කුර්ආන් පාරායනය ගැන හෆ්සා තුමියගෙන් විමසා සිටිනු මම දැක ඇත්තෙමි. එවිට එතුමිය: එලෙස පාරායනය කිරීමට ඔබට නොහැකිය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: එවිට එතුමියගෙන් ඒ ගැන අපට දන්වා සිටින්නැයි විමසනු ලැබීය. ඔහු මෙසේ පැවසීය: පසුව එතුමාය එහි දී තාලානුකූලාව ඇද පාරායනය කර පෙන්වීය. නාෆිඃ තුමා පැවසූ බවට අබූ ආමිර් තුමා තවදුරටත් මෙසේ පැවසීය. ඉබ්නු අබී මුලෙයිකා තුමා (සූරා අල්-ෆාතිහාවේ 2වන පාඨය වන) "අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්" කියවා පෙන්වා නතර කර පසුව "අර්-රහ්මානිර් රහීම්) කියවා පෙන්වීය. පසුව නැවත නතර කර "මාලිකි යව්මිද් දීන්" කියවා පෙන්වීය.

عَنْ بَعْضِ أَزْوَاجِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ -قَالَ: أَبُو عَامِرٍ، قَالَ نَافِعٌ: أُرَاهَا حَفْصَةَ- أَنَّهَا سُئِلَتْ عَنْ قِرَاءَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ: إِنَّكُمْ لَا تَسْتَطِيعُونَهَا قَالَ: فَقِيلَ لَهَا أَخْبِرِينَا بِهَا. قَالَ: فَقَرَأَتْ قِرَاءَةً تَرَسَّلَتْ فِيهَا قَالَ أَبُو عَامِرٍ: قَالَ نَافِعٌ: فَحَكَى لَنَا ابْنُ أَبِي مُلَيْكَةَ {الحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ} [الفاتحة: 2] ثُمَّ قَطَّعَ {الرَّحْمَنِ الرَّحِيمِ} [الفاتحة: 1] ثُمَّ قَطَّعَ {مَالِكِ يَوْمِ الدِّينِ}.

අහ්මද් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අල්-කුර්ආනය කියවීමේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පාරායනය කෙසේ වී දැයි මුඃමින්වරුගේ මෑණියක වූ හෆ්සා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් මෙසේ විමසන ලදී. එවිට එතුමිය: ඒ හා සමානව කියවීමට ඔබට හැකියාව නැත යැයි පැවසුවාය. එවිට එතුමියගෙන් අපට එය දන්වන්නැයි විමසන ලදී. නාෆි තුමා මෙසේ පැවසීය: එවිට ඉබ්නු අබී මලීකා අපට මන්දගාමී ලෙස පාරායනය කර පෙන්වීය. එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කියවීමේ ආකාරය ඔවුන්ට පැහැදිලි කර ගත හැකි වනු පිණිසය. එතුමා "අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්" යැයි පාරායනය කර පසුව පාරායනය නතර කළේය. නැවත "අර්-රහ්මානිර් රහීම්" යැයි පාරායනය කර නතර කළේය. පසුව "මාලිකි යව්මිද් දීන්" යනාකාරයෙන් පාරායනය කළහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

අල්-කුර් ආනය කියවීමේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මග පෙන්වීම පැහැදිලි කිරීම.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පාරායනය කළ ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමේ ප්‍රායෝගික භාවිතය.

අල්-කුර්ආනය කියවීමේ දී තාලානුකූලව පාරායනය කිරීම ආගමානුගත කර ඇත. එය ඒ ගැන පරිශීලනය කිරීමට වඩාත් හිතකර වේ.

මුල් පරම්පරා තුනේ පෙරගමන්කරුවන් වන සලෆුස් සාලිහීන්වරුන් ශුද්ධ වූ අල් කුර්ආනය කියවීමට හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ක්‍රියාව අනුගමනය කිරීමට දැක්වූ උනන්දුව.

තජ්වීද් කලාව හා අල් කුර්ආන් කලාව දැනගැනීමේ වැදගත්කම.

මූලාශ්‍ර

මුස්නද් අහ්මද් (44/ 70) (26470).

තවත් බලන්න (1)

الفتح الرباني لترتيب مسند أحمد الشيباني (3/237).