Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 23 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කණ්ඩායමක් යවා අන්සාර් වරුන්ගෙන් කෙනෙකු ඔවුන්ගේ නායකයා ලෙස පත් කර, ඔවුන්ට කීකරු වන මෙන් උපදෙස් දුන්හ. වරක් ඔහු කෝපයට පත් ව මෙසේ පැවසීය: "මට කීකරු වන ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔබට අණ කළේ නැද්ද?" ඔවුන් 'එසේය' යැයි පැවසූහ. එවිට ඔහු: "එසේ නම්, මට දර එකතු කර දෙන්න." ඒ අනුව ඔවුන් ඒවා එකතු කළහ. ඉන්පසු ඔහු ගින්නක් දල්වන්නැයි පැවසීය. එවිට ඔවුන් එසේ ද කළහ. ඉන්පසු ඔහු: 'එයට ඇතුළු වන්න' යැයි පැවසීය. ඔවුන් එසේ කිරීමට සූදානම්ව සිටිය ද, සමහරු අනෙක් අයව වළක්වා ගනිමින් මෙසේ පැවසූහ: 'අපි ගින්නෙන් බේරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පලා ගියෙමු.' ගින්න නිවී ඔහුගේ කෝපය පහව යන තෙක් ඔවුන් එලෙසම සිටියහ. මේ බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැනුම් දුන් විට, එතුමාණෝ මෙසේ පැවසූහ.: "ඔවුන් එයට ඇතුළු වූයේ නම්, විනිශ්චය දිනය දක්වා ඔවුන් කිසි විටෙකත් එයින් පිටතට නොඑනු ඇත. කීකරුකම ඇත්තේ යහපත් කටයුතුවල පමණි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් පැළඳීමේ දී ද හිසකෙස් සැකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එතුමාණන්ගේ සෙසු සියලු කටයුතු වල දී ද එතුමාණෝ දකුණත ප්‍රිය කරන්නෙකු වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උත්තරීතර අල්ලාහ් වෙත ඇරයුම් කරමින් කිස්රා, කයිසර් හා නජ්ජාසි වෙත මෙන්ම පාලකයින් සෑම කෙනෙකු වෙතම ලිපි යැවූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාත් ඉටු කළ නජ්ජාසි මොහු නොවීය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ අය එක් දිනක දෙවරක් ආහාර ගත්තේ නැත, එසේ ගෙන තිබුණත් දෙවේලෙන් එකක් රටඉඳි වලින් විය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි ප්‍රිය කරන, එමෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ද ඔහු කෙරෙහි ප්‍රිය කරන පුද්ගලයකුට හෙට දින ධජය පිරිනමමි. ඔහුගේ අතින් අල්ලාහ් ජය ලබා දෙනු ඇත.” යැයි පැවසූහ. පසුව ජනයා ඔවුන් අතර එය කවරෙකුට පිරිනමනු ලබනු ඇත්දැ?යි අපේක්ෂාවෙන් ඔවුන්ගේ රාත්‍රිය ගත කළෝය. අළුයම උදා වූ කල්හි උදෑසනම තමන්ට එය පිරිනමනු ඇතැයි යන අපේක්ෂාවෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත ගියෝය. පසුව එතුමා: "අබූ තාලිබ්ගේ පුත් අලී කොහේදැ?"යි විමසූහ. එවිට ඔහු ඇස් අමාරුවෙන් පසුවන බව ප්‍රකාශ කරන ලදී. පසුව එතුමාණෝ ඔහු වෙත පිරිසක් යවා, ඔහුව ගෙන්වා ගෙන, ඔහුගේ දෑසට කෙළ තැවරූහ. ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කළහ. වේදනාවක් ඇති නොවූවාක් මෙන් ඔහු සුව අතට පත් විය. පසු ව ඔහුට ධජය පිරිනැමූහ. එවිට අලී තුමා, "අල්ලාහ්ගේ දූතයාණනි! අප මෙන් ඔවුන් ද පත්වන ‌තුරු මම ඔවුන් සමග සටන් කරමි" යැයි පැවසීය. එවිට එතුමාණෝ, "ඔවුන්ගේ වැලිකතරට ගොඩ බසින තෙක් ඔබ සන්සුන්ව ගමන් කරන්න. පසුව ඔවුන්ව ඉස්ලාමය වෙත ඇරයුම් කරන්න. අල්ලාහ්ගේ විෂයයෙහි ඔවුනට අනිවාර්යය වන දෑ ඔවුනට දන්වා සිටින්න. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ තුළින් එක් මිනිසෙකුට අල්ලාහ් මඟ පෙන්වන්නේ නම් එය රතු ඔටුවන් ලැබීමට වඩා ඔබට උතුම් වන්නේය” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇඳ ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය." මුස්ලිම් තුමා සතු වාර් තාවක: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හාන්සි වූ කොට්ටය ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනයා අතර වඩාත් සදාචාර සම්පන්න අයකු වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.