Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 110 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (48)
පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි. සලාතය ආලෝකයකි. දානය සාක්ෂියකි. ඉවසීම ප්‍රභාවකි. කුර්ආනය ඔබට පක්ෂව හෝ ඔබට විපක්ෂව පිහිටයි. සියලුම මිනිසුන් පිටව ගොස් තම ආත්මය විකුණයි. එහෙයින්, ඔහු එය නිදහස් කර ගනිත්වා එසේ නැතහොත් විනාශ කර ගනිත්වා!"
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මිනිසා තම කුසට වඩා නරක ලෙස පුරවන වෙනත් කිසිදු භාජනයක් නැත. ආදම්ගේ පුත්‍රයා තම කොඳු ඇට පෙළ ඍජුව තබා ගන්නා තරමට අනුභව කිරීම ප්‍රමාණවත්ය. එය නොවැළැක්විය හැකි නම්, තුනෙන් එකක් ආහාර සඳහා ද තුනෙන් එකක් බීම සඳහා ද ඉතිරි තුනෙන් එක ඔහුගේ හුස්ම සඳහා ද විය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අහ්මද්, තිර්මිදී, අන්නසාඊ සහ ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"කවරෙකු අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු ස්වර්ග උයනට පිවිසෙයි. කවරෙකු ඔහුට ආදේශ කරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු අපා ගින්නට පිිසෙයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහුට යම් විපතක් ඇති වී ඔහු අල්ලාහ් නියෝග කළ දෑ පවසා සිටියේ නම්: "ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්" (සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම ඔහු වෙතම අපි නැවත හැරී යන්නෝ වෙමු.) (අල්-බකරා: 156) අල්ලාහුම්ම අඃජුර්නී ෆී මුසීබතී, වඅඃක්ලිෆ් ලී කඃයිරන් මින්හා (අහෝ දෙවිඳුනි, මා හට අත්ව ඇති විපතෙහි මට ප්‍රතිඵල පිරිනමනු මැනව. ඊට වඩා යහපතක් මා වෙනුවෙන් පසුවට නියම කරනු මැනව" (යැයි පවසා සිටියේ නම්) එවිට අල්ලාහ් ඔහුට ඊට වඩා යහපත් දෙයක් පසුවට පිරිනමනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "අබූ සල්මා තුමා මිය ගිය කල්හි මම මෙසේ විමසා සිටියෙමි. මුස්ලිම්වරුන් අතරින් අබූ සල්මාට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවරෙකු ද? අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත හිජ්රත් ගිය පළමු නිවැසියා ඔහු ය. පසු ව ඇත්තෙන්ම මම එය පවසා සිටියෙමි. අල්ලාහ්, ඔහුගේ දූතයාණන්ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට පසුවට පිරිනැමුවේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ආශාවන් බිඳ දමන දෑ මෙනෙහි කිරීම වැඩි කර ගන්න" එනම් මරණයයි.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදී, අන් නසාඊ සහ ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ස්වර්ගයේ ඔබ අතුරින් කෙනෙකුට හිමි අවම නිලය වනුයේ: ඔබ පතනු" යැයි ඔහුට කියනු ලැබෙයි. එවිට ඔහු පතයි. නැවතත් පතයි. එවිට "ඔබ පැතුවෙහිදැ?" යි විමසයි. එවිට ඔහු: "එසේය" යැයි පවසයි. එවිට ඔහුට: "ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන දෙයක් ද ඔබට හිමිය" යැයි පවසනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) 'යහපත හා පාපය කුමක්දැ?'යි මම විමසුවෙමි. එවිට එතුමාණෝ: “යහපත යනු: යහපත සදාචාරයයි. පාපය යනු ඒ ගැන ඔබේ සිත තුළ හට ගැනෙන සැකයයි. එමෙන්ම ජනයා ඒ ගැන දැන ගැනීම ඔබ පිළිකුල් කරනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝ මෝඩයන් සමඟ වාද කිරීමට හෝ දැනුම නොසොයන්න. සභාවක හොඳම ආසනය තෝරා නොගන්න. කවරෙකු හෝ එසේ කරන්නේ ද ගින්න, ගින්නමය."
පූර්ව සාධක සහිත හදීසයකි. ඉබ්නු මාජහ් එය වාර්තා කර ඇත.