Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 110 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (48)
"ඔබ අතුරින් කිසිවකු හෝ ඔහුගේ ශරීරයේ නිරෝගී භාවයෙන් යුතුව ඔහුගේ පිරිස අතර සුරක්ෂිතව, ඔහු සතු ඔහුගේ දෛනික ආහාරය ලබා අවදි වූයේ ද මුලු ලෝකයම ඔහු සන්තකයට පත් වූවාක් මෙනි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
“සැබැවින්ම ජනයා කිසිදු යුක්තියකින් තොරව අල්ලාහ්ගේ සම්පත් අතර ගනුදෙනු කරති. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්න ඔවුනට හිමිය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුව ය. සෑම පුද්ගලයකුටම ඔහුගේ චේතනාව මත ප්‍රතිඵලය පිහිටනු ඇත. එබැවින් කවරෙකුගේ හිජ්රත් හෙවත් දේශාන්තරය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් කරන්නේද, ඔහුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ හිජ්රතය ලෞකික ප්‍රතිලාභ සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා සිදු කරන්නේ ද ඔහුගේ හිජ්රතය ඔහු කවර දෙයක් වෙත හිජ්රත් කරන්නේ ද ඒ සඳහා පිහිටනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ අබ්දුල්ලාහ් මුහම්මද් බින් ඉස්මාඊල් බින් ඉබ්‍රාහීම් බින් අල්-මුගීරා බින් බර්දිස්බා අල්-බුහාරි හා අබුල් හුසෙයින් මුස්ලිම් බින් අල්-හජ්ජාජ් බින් මුස්ලිම් අල්-කුෂෙයිරි අන්-නෙයිසාබූරි යන හදීස්වේදීන්ගේ ඉමාම්වරුන් දෙදෙනා, සම්පාදිත ග්‍රන්ථ අතුරින් වඩාත් නිවැරදිම ග්‍රන්ථ දෙක වන තම සහීහ් ග්‍රන්ථවල එය වාර්තා කර ඇත.
“උත්තරීතර අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස ඔබ අතරින් කිසිවකු මිය නොයා යුතුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
හදිසි බැල්ම ගැන මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසා සිටියෙමි. එවිට මගේ බැල්ම මා වෙනතකට යොමු කළ යුතු යැයි එතුමාණෝ මට නියෝග කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අල්ලාහ් තහනම් කර ඇති මෙම අපිරිසිදුකමින් ඔබ වැළකී සිටින්න. එහෙයින් කවරෙකු මෙම දේවල් සිදු කළේ ද අල්ලාහ්ගේ ආවරණයෙන් ඔහු සඟවා ගත යුතු අතර අල්ලාහ් වෙත පාපක්ෂමාවෙහි නිරත විය යුතුය. කවරෙකු තම පාපය අපට හෙළි කරන්නේ ද අපි ඔහු වෙත සර්වබලධාරී අල්ලාහ්ගේ නියමය ක්‍රියාත්මක කරන්නෙමු."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය හාකිම් හා බයිහකී විසින් වාර්තා කොට ඇත.
“සැබැවින්ම මෙලොව මිහිරිය; හරිතය. සැබැවින්ම අල්ලාහ් එහි නුඹලා නියෝජිතයින් බවට පත් කරන්නාය. පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේදැ?යි ඔහු නිරීක්ෂණය කරයි. එබැවින් නුඹලා ලෝකය ගැන අල්ලාහ්ට බියවනු. කාන්තාවන් ගැන ද බියවනු. ඉස්රාඊල් දරුවන්ගේ අර්බූධ අතරින් පළමුවැන්න කාන්තාවන් විෂයයෙහි සිදු විය.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"පිරිමින්ට මහත් හානිදායක අර්බුදයක් ලෙස කාන්තාවන්ට වඩා වෙනත් දෙයක් මගෙන් පසු ව මම ඉතිරි නොකළෙමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.