Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 11 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"පාපයක් සිදු කළ යම් කිසි මිනිසෙක්, ඔහු නැගිට පිරිසිදු වී පසුව සලාත් ඉටු කර පසුව අල්ලාහ්ගෙන් පාපක්ෂමාව පතන්නේ නම් අල්ලාහ් ඔහුට සමාව දෙනු මිස වෙනත් කිසිවක් නැත." පසුව (ආලු ඉම්රාන් 135 වැනි) පාඨය කියවා පෙන්වූහ. "තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත් ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නොවෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
"මට හා මෙලොවට කිසිවක් නැත. මා මෙලොවෙහි ගසක් යට හෙවණ සොයා, පසුව විවේකය ලබා, එය අත්හැර දමා යන මගියෙකු මෙන් මිස නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
"මිනිසා තම කුසට වඩා නරක ලෙස පුරවන වෙනත් කිසිදු භාජනයක් නැත. ආදම්ගේ පුත්‍රයා තම කොඳු ඇට පෙළ ඍජුව තබා ගන්නා තරමට අනුභව කිරීම ප්‍රමාණවත්ය. එය නොවැළැක්විය හැකි නම්, තුනෙන් එකක් ආහාර සඳහා ද තුනෙන් එකක් බීම සඳහා ද ඉතිරි තුනෙන් එක ඔහුගේ හුස්ම සඳහා ද විය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අහ්මද්, තිර්මිදී, අන්නසාඊ සහ ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ආශාවන් බිඳ දමන දෑ මෙනෙහි කිරීම වැඩි කර ගන්න" එනම් මරණයයි.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදී, අන් නසාඊ සහ ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝ මෝඩයන් සමඟ වාද කිරීමට හෝ දැනුම නොසොයන්න. සභාවක හොඳම ආසනය තෝරා නොගන්න. කවරෙකු හෝ එසේ කරන්නේ ද ගින්න, ගින්නමය."
පූර්ව සාධක සහිත හදීසයකි. ඉබ්නු මාජහ් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම මෙලොව ශාප කරනු ලබන්නකි. එමෙන්ම එහි ඇති දෑ ද ශාප කරනු ලබන්නකි. නමුත් අල්ලාහ්ව මෙනෙහි කිරීම, ඔහු සමීප කරගත් දෑ හා දැනුම ලද්දා හෝ දැනුම හදාරන්නා හැර."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
"ඔබ අතුරින් කිසිවකු හෝ ඔහුගේ ශරීරයේ නිරෝගී භාවයෙන් යුතුව ඔහුගේ පිරිස අතර සුරක්ෂිතව, ඔහු සතු ඔහුගේ දෛනික ආහාරය ලබා අවදි වූයේ ද මුලු ලෝකයම ඔහු සන්තකයට පත් වූවාක් මෙනි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
"මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමාණෝ: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා යහපත් ගතිගුණ වේ” යැයි පැවසූහ. තවදුරටත්, මිනිසුන් අධික ලෙස නිරයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි එතුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ: “කට හා ලිංගේන්ද්‍රි ය” යැයි පැවසූහ.
හසන් සහීහ් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.