Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යමන් දේශයට එතුමාව යැවූහ. එහි නිශ්පාදිත බීමක් සම්බන්ධයෙන් එතුමාණෝ ඔහුගෙන් විමසා සිටිමින් "මේ කුමක්දැ?"යි ඇසීය. එතුමා "අල්-බිත්උ, වල් මිද්ර්" යනුවෙන් පැවසීය. "බිත්උ" යනු කුමක්දැ?"යි අබූ බුර්දා තුමාගෙන් විමසන ලදී. එතුමා: "එය මී පැණි සාරයයි." 'මිද්ර්' යනු බාර්ලි සාරයයි. එවිට එතුමාණෝ මත්බව ඇති කරන සෑම දෙයක්ම තහනම්ය." යැයි පැවසූහ. (මෙය ඉමාම් බුහාරි තුමා විසින් වාර් තා කර ඇත.)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
මත් බව ඇති කරන සියලු දෑ මත් ද්‍රව්‍ය වේ. මත් බව ඇති කරන සියලු දෑ තහනම් වේ. කවරෙකු මෙලොවෙහි මත් පැන් පානය කොට ඔහු එයට ඇබ්බැහි වී, පාපක්ෂමාවෙහි නිරත නොවූ තත්ත්වයේ මිය ගියේ ද ඔහු මතුලොවෙහි එය පානය නො කරන්නේමය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය මුස්ලිම් විසින් දන්වා ඇති අතර බුහාරි විසින් එහි අවසාන වාක්‍යය කොටස වාර්තා කොට ඇත.
"යම් දෙයක් අධික ලෙස ගැනීම මත් බව ඇති කරන්නේ ද, එය සුළු ප්‍රමාණයෙන් වුව ද තහනම් වේ."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
මම අබූ තල්හාගේ නිවසේ, මිනිසුන්ට බීම සපයන්නෙකු ලෙස මම සිටියෙමි. ඔවුන්ගේ බීම වර්ග සකස් කළේ රට ඉඳි වලින් ය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "දැනගන්න! මත්පැන් තහනම් කර ඇත" යැයි ප්‍රකාශ කරන ලෙස නිවේදකයකු වෙත නියෝග කළේය. එතුමා තවදුරටත් මෙසේ පැවසීය: "අබු තල්හා තුමා පිටතට ගොස් ඒවා හළා දමන ලෙස මට අණ කළේය. පසුව මම පිටතට ගොස් ඒවා හළා දැමුවෙමි. එය මදීනාවේ වීදිවල ගලා යන්නට විය." එවිට ඇතැම් පිරිස්: "එය කුස තුළ තිබිය දීම පිරිසක් ඝාතනය කරනු ලැබ ඇතැ'යි පවසා සිටියේය. එවිට අල්ලාහ් මෙසේ පහළ කළේය: "විශ්වාස කර යහපත් ක්‍රියාවන් කරන අයට ඔවුන් (අතීතයේ) ඔවුන් භුක්ති විඳි දෑ සම්බන්ධයෙන් වරදක් නැත." (අල්-මාඉදා: 93)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.