Skip to content

දැනගන්න! මත්පැන් තහනම් කර ඇත

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

මම අබූ තල්හාගේ නිවසේ, මිනිසුන්ට බීම සපයන්නෙකු ලෙස මම සිටියෙමි. ඔවුන්ගේ බීම වර්ග සකස් කළේ රට ඉඳි වලින් ය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "දැනගන්න! මත්පැන් තහනම් කර ඇත" යැයි ප්‍රකාශ කරන ලෙස නිවේදකයකු වෙත නියෝග කළේය. එතුමා තවදුරටත් මෙසේ පැවසීය: "අබු තල්හා තුමා පිටතට ගොස් ඒවා හළා දමන ලෙස මට අණ කළේය. පසුව මම පිටතට ගොස් ඒවා හළා දැමුවෙමි. එය මදීනාවේ වීදිවල ගලා යන්නට විය." එවිට ඇතැම් පිරිස්: "එය කුස තුළ තිබිය දීම පිරිසක් ඝාතනය කරනු ලැබ ඇතැ'යි පවසා සිටියේය. එවිට අල්ලාහ් මෙසේ පහළ කළේය: "විශ්වාස කර යහපත් ක්‍රියාවන් කරන අයට ඔවුන් (අතීතයේ) ඔවුන් භුක්ති විඳි දෑ සම්බන්ධයෙන් වරදක් නැත." (අල්-මාඉදා: 93)

كُنْتُ سَاقِيَ القَوْمِ فِي مَنْزِلِ أَبِي طَلْحَةَ، وَكَانَ خَمْرُهُمْ يَوْمَئِذٍ الفَضِيخَ، فَأَمَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُنَادِيًا يُنَادِي: أَلاَ إِنَّ الخَمْرَ قَدْ حُرِّمَتْ، قَالَ: فَقَالَ لِي أَبُو طَلْحَةَ: اخْرُجْ، فَأَهْرِقْهَا، فَخَرَجْتُ فَهَرَقْتُهَا، فَجَرَتْ فِي سِكَكِ المَدِينَةِ، فَقَالَ بَعْضُ القَوْمِ: قَدْ قُتِلَ قَوْمٌ وَهِيَ فِي بُطُونِهِمْ، فَأَنْزَلَ اللَّهُ: {لَيْسَ عَلَى الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُوا} [المائدة: 93] الآيَةَ.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා, තම මවගේ සැමියා වන අබූ තල්හා (රළියල්ලාහු අන්හු) තුමාගේ නිවසේ සිටින උදවියට මත්පැන් සැපයීමේ කාර්යයේ තමන් යෙදී සිටි බවත්, එකල ඔවුන්ගේ බීම වර්ග රට ඉඳි වලින් පෙරන ලද දෑ වූ බවත්, එය රට ඉඳියෙන් හා ගැට රට ඉඳියෙන් මුසු වී තිබිය බවත් දන්වා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නිවේදකයකු මෙසේ නිවේදනය කර සිටියේය. "දැනගන්න! මත්පැන් තහනම් කරන ලදී." එතුමා තවදුරටත් මෙසේ පැවසීය. එවිට අබු තල්හා මා දෙස බලා, "ඔබ එළියට ගොස් එය හළා දමන්න. විසිකර දමන්න" යැයි මට අණ කළේය. පසුව මම එළියට ගොස් එය හළා දැමුවෙමි. විසි කර දැමුවෙමි. එය මදීනාවේ වීදිවල ඒ මත්පැන් ගලා යන්නට විය. එවිට ඇතැම් පිරිස්, "මත්පැන් බඩ තුළ තිබිය දීම, එය තහනම් කිරීමට පෙර නබි සහගාමීන් අතරින් පිරිසක් ඝාතනය කරනු ලැබ ඇතැ"යි පවසා සිටියේය. එවිට අල්ලාහ් මෙසේ පහළ කළේය. "විශ්වාස කර යහපත් ක්‍රියාවන් කරන අයට ඔවුන් (අතීතයේ) ඔවුන් භුක්ති විඳි දෑ සම්බන්ධයෙන් වරදක් නැත." (අල්-මාඉදා: වාක්‍ය 93) එනම්: මත් පැන් තහනම් කිරීමට පෙර ඒවා රස විඳිමින් පානය කළ දෑහි පාපය දේවත්වය විශ්වාස කළවුන් මත පිහිටන්නේ නැත.

හදීසයෙන් උගත හැකි පාඩම්

අබූ තල්හා සහ අනෙකුත් සහාබාවරුන්ගේ මහිමය. ඔවුන් අල්ලාහ්ගේ නියෝගයට කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ක්ෂණිකව පිළිතුරු සැපයීම. මෙය සැබෑ මුස්ලිම්වරයකු සතුව තිබිය යුතු ගුණාංගයකි.

මත් පැන් යනු: මත් බව ඇති කරන සෑම දෙයක්ම ආවරණය කරයි.

අල්-ෆළීහ් යනු: ගින්නෙන් පිසීමෙන් තොරව රට ඉඳි හා බුසර් නම් (රට ඉඳි) බීජ යොදා ගනිමින් නිශ්පාදනය කරන බීම වර්ගයකි. බුස්ර් යනු පැහෙන්නට පෙර පවතින ගැට රට ඉඳි වේ.

මහ්ලබ් තුමා පැවසූ බව ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "සැබැවින්ම එය මාර්ගයේ හළා දැමුවේ එය ප්‍රතික්ෂේප කළ බව නිවේදනය කිරීමට හා එය අත්හැර දැමූ බව ප්‍රසිද්ධ කිරීමට ය. මෙසේ මාර්ගයේ එය හළා දැමීම අයහපතට වඩා යහපතට වඩාත් උචිත විය."

අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි දක්වන කාරුණිකභාවය පැහැදිලි කිරීම. නීතිය පහළ කිරීමට පෙර සිදු කළ දෑ සම්බන්ධයෙන් ඔහු ගණන් නොගනී.

සර්වබලධාරී අල්ලාහ් පත්පැන් තහනම් කළේය. ඊට හේතුව එමගින් බුද්ධියට හා ධනයට හානි ගෙන දෙන අවභාවිතයන් සිදුවන බැවිනි. මිනිසාගේ බුද්ධිය පහව යන විට, පාපකම් බොහොමයක් සිදු කරන්නට මිනිසා පෙළඹෙනු ඇත.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (3/ 132) (2464).

සහීහ් මුස්ලිම් (3/ 1570) (1980).

තවත් බලන්න (3)

النهاية في غريب الحديث والأثر (709) (1006).

فتح الباري لابن حجر (1/ 133).

إرشاد الساري لشرح صحيح البخاري (4/ 267).