Skip to content

ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයාට විරුද්ධව ආයුධය නොපෙන්විය යුතුය. හේතුව, සැබැවින්ම (කුමක් සිදුවේදැයි) ඔහු නොදන්නා බැවිනි. ඇතැම් විට ෂෙයිතාන් ඔහුගේ අතින් එය ලිස්සන්නට සළස්වයි. එවිට ඔහු අපා ගින්නේ ආගාදය තුළට ඇද වැටෙනු ඇත

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයාට විරුද්ධව ආයුධය නොපෙන්විය යුතුය. හේතුව, සැබැවින්ම (කුමක් සිදුවේදැයි) ඔහු නොදන්නා බැවිනි. ඇතැම් විට ෂෙයිතාන් ඔහුගේ අතින් එය ලිස්සන්නට සළස්වයි. එවිට ඔහු අපා ගින්නේ ආගාදය තුළට ඇද වැටෙනු ඇත.

«لاَ يُشِيرُ أَحَدُكُمْ عَلَى أَخِيهِ بِالسِّلاَحِ، فَإِنَّهُ لاَ يَدْرِي، لَعَلَّ الشَّيْطَانَ يَنْزِعُ فِي يَدِهِ، فَيَقَعُ فِي حُفْرَةٍ مِنَ النَّارِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මුස්ලිම්වරයකු තම සහෝදරයාට කවර වර්ගයේ ආයුධයක් වුව ද නො පෙන්විය යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. හේතුව සැබැවින්ම තම අතෙහි ඇති ආයුධය ෂෙයිතාන් විසින් ක්‍රියාත්මක වන්නට සලස්වනු ඇතැයි ඔහු නොදන්නා බැවිනි. පසුව ඔහු ඔහුගේ සහෝදරයා මරා දමනු ඇත. එසේ නැතහොත් හානි කරනු ඇත. එවිට ඔහු අපා ගින්නේ ආගාදය තුළට සේන්දු කරවන පාපය තුළට ඔහු ඇද වැටෙනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

මුස්ලිම්වරයකුගේ ජීවිතයට ගරු කිරීම ගැන පැහැදිලි කිරීම.

මුස්ලිම්වරයාට ගරු කළ යුතු අතර ඔහුට වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ හානි පමුණුවීම ගැන ප්‍රවේසම් විය යුතුය. විහිළුවට හෝ වේවා, යකඩයක් හෝ ආයුධයක් හෝ‌ පෙන්වීම ද මෙහි ඇතුළත් වේ. ඊට හේතුව ෂෙයිතාන් ඔහුගේ අතින් එය ලිස්සන්නට සළස්වා ඔහුගේ සහෝදරයාට පහර දීමට උසි ගන්වයි. එසේ නැතහොත් ආයුධය ඔහුගේ අතින් ගිලිහී ගොස් ඔහු නොසිතූ දෑ සිදු වී තම සහෝදරයාට හානි ගෙන දෙන්නට පුළුවන.

අවධානමට තුඩු දෙන දේ තහනම් කිරීම මගින් කඩතුරාව අවහිර කිරීම.

සමාජයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මිනිසුන් අතර සබඳතා ආරක්ෂා කිරීම, (ආයුධයක්) පෙන්වීමෙන් හෝ තර්ජනය කිරීමෙන් හෝ ඔවුන් බිය ගැන්වීම හෝ ත්‍රස්ත බිය ඇති කිරීමෙන් වැළකී සිටීම.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (9/ 49) (7072).

සහීහ් මුස්ලිම් (4/ 2020) (2617).

තවත් බලන්න (1)

عمدة القاري شرح صحيح البخاري (24/ 187).