දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයකු නීතිවිරෝධී ලෙස කිසිවකු ඝාතනය නොකරන තාක් කල් ඔහුගේ ආගම තුළ ඕනෑ තරම් විෂය පථයන් සොයාගනු ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී:
"දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයකු නීතිවිරෝධී ලෙස කිසිවකු ඝාතනය නොකරන තාක් කල් ඔහුගේ ආගම තුළ ඕනෑ තරම් විෂය පථයන් සොයාගනු ඇත"
«لَنْ يَزَالَ المُؤْمِنُ فِي فُسْحَةٍ مِنْ دِينِهِ، مَا لَمْ يُصِبْ دَمًا حَرَامًا».
දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුයකු නීතිවිරෝධී ලෙස මිනිසෙකු ඝාතනය කරන තෙක් ඔහුගේ දැහැමි ක්‍රියාවන්හි පුළුල් බව, අල්ලාහ්ගේ කරුණාවේ අපේක්ෂාව, අල්ලාහ්ගෙන් වූ සමාව යනාදී විෂය පථයන් තුළ සිටිනු ඇත. එසේ මිනිසෙකු ඝාතනය කළ විට, ඒ හේතුවෙන් ඔහුගේ ක්‍රියාවන් සීමා වේ. මක්නිසාද යත් එය මිනීමැරුම් බර සහ එහි මහා පාපය නිවා නොදමන බැවිනි.
කිසිදු යුක්තියකින් තොරව ඝාතනය කිරීම හා උවමනාවෙන්ම ඝාතනය කිරීම බරපතල වරදකි. සැබැවින්ම එය දහම තුළ පවතින පුළුල් නිදහස් භාවයෙන් පටු දෙසට දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාව බැහැර කරන බැවිනි.
තහනම් කරන ලද මිනිස් ඝාතන වර්ග හතරකි. 1- මුස්ලිම්වරයකුගේ ජීවිතය නැසීම. එය බරපතලම වරදකි. 2- දිමිම්වරයාගේ ජීවිත නැසීම. ඔවුන් ඉස්ලාමීය නිවහන තුළ ජිස්යා බදු ගෙවීමට හා ඔවුන් අතර ඉස්ලාමීය නීති ක්‍රියාත්මක කිරීමේ නීතියට බැඳී ඔවුන්ගේ දහමට සහතික කළ යුදෙව්වන් හා කිතුනුවන්ය. 3- ගිවිසුම් ඇති කරගත් ජීවිතයක් නැසීම. ඔවුන් වනාහි, අපි ඔවුන් සමග සටන් නොකරන බවටත්, ඔවුන් අප සමග සටන් නොකරන බවටත් අප අතර හා ඔවුන් අතර සාම ගිවිසුම් ඇති කරගත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ය. 4- ආරක්ෂාව පතා පැමිණ අයගේ ජීවිත නැසීම. ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කළ සටන් කාමියෙකි. අප අතර හා ඔහු අතර කිසිදු බැඳීමක් හෝ කිසිදු ගිවිසුමක් හෝ නැත. නමුත් මුස්ලිම් දේශයකට නියමිත වේලාවකට ඇතුළු වීමට විෂය භාර අයගෙන් හෝ ඒ සඳහා නියෝජනය කරන අයකුගෙන් අවසරය පැතූ විටෙක ඔහුට අපි ආරක්ෂාව සැළසිය යුතු වේ.
සහීහුුල් බුහාරි (9/ 2) (6862).
තවත් බලන්න (2)
إرشاد الساري لشرح صحيح البخاري (10/ 41).
تطريز رياض الصالحين (ص: 171).