Skip to content

අල්ලාහ් මත දිවුරමින්! ඔබගෙන් කෙනෙකු අයුතු ලෙස යමක් ගන්නේ නම්, ඔහු නියත වශයෙන්ම විනිශ්චය දිනයේදී එය දරාගෙන සර්වබලධාරී අල්ලාහ් හමුවනු ඇත

අබූ හුමෙයිද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉබ්නු අල්-ලුත්බියා නම් මිනිසෙකු සුලෙයිම් ගෝත්‍රයේ සකාත් එකතු කරන්නෙකු ලෙස සේවයේ යෙදවීය. ඔහු ගණන් හිලව් කිරීමට ආපසු පැමිණි කල්හි, මෙසේ පැවසීය: "මෙය ඔබලා සතුය. මෙය මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී." එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: “ඔබ සත්‍යවාදී නම්, ඔබේ තෑග්ග ඔබ වෙත පැමිණෙන තෙක් ඔබ ඔබේ පියාගේ සහ මවගේ නිවසේ රැඳී නො සිටියේ මන්ද?” පසුව එතුමාණෝ අප වෙත දේශනාවක් කළහ. අල්ලාහ්ට ප්‍රශංසා කිරීමෙන් හා පැසසුම් කිරීමෙන් පසු, මෙසේ පැවසූහ: "අල්ලාහ් මට පවරා ඇති අධිකාරියේ කොටසක් ලෙස, සේවය කිරීම සඳහා මම ඔබ අතරින් මිනිසෙකු යොදවා ගත්තෙමි. ඔහු පැමිණ මෙසේ කියයි: 'මෙය ඔබලා සතුයි. මෙය මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී. ඔහුට තෑගි ලැබේදැයි බැලීමට ඔහු තම පියාගේ හෝ මවගේ නිවසේ රැඳී නොසිටියේ ඇයි? අල්ලාහ් මත දිවුරමින්! ඔබගෙන් කෙනෙකු අයුතු ලෙස යමක් ගන්නේ නම්, ඔහු නියත වශයෙන්ම විනිශ්චය දිනයේදී එය දරාගෙන සර්වබලධාරී අල්ලාහ් හමුවනු ඇත. එසේ ඔබ අතරින් කෙනෙකු අල්ලාහ් හමුවන්නේ, කෑ ගසන ඔටුවෙකු හෝ කෑ ගසන එළදෙනක් හෝ කෑ ගසන බැටළුවෙකු රැගෙන බව මම නිසැකවම දනිමි. ඉන්පසු, එතුමාණන්ගේ කිහිලිවල සුදු පැහැය අපට පෙනෙන තෙක් දෑත් ඔසවා “අහෝ දෙවිඳුනි! මම (ඔබේ පණිවිඩය) ප්‍රකාශ කර තිබේ ද? මාගේ දෑසේ බැල්ම හා මාගේ දෙකන්හි ශ්‍රවණය සහතිකය." යැයි පැවසුහ.

اسْتَعْمَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلًا عَلَى صَدَقَاتِ بَنِي سُلَيْمٍ، يُدْعَى ابْنَ اللُّتْبِيَّةِ، فَلَمَّا جَاءَ حَاسَبَهُ، قَالَ: هَذَا مَالُكُمْ وَهَذَا هَدِيَّةٌ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «فَهَلَّا جَلَسْتَ فِي بَيْتِ أَبِيكَ وَأُمِّكَ، حَتَّى تَأْتِيَكَ هَدِيَّتُكَ إِنْ كُنْتَ صَادِقًا» ثُمَّ خَطَبَنَا، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ، ثُمَّ قَالَ: «أَمَّا بَعْدُ، فَإِنِّي أَسْتَعْمِلُ الرَّجُلَ مِنْكُمْ عَلَى العَمَلِ مِمَّا وَلَّانِي اللَّهُ، فَيَأْتِي فَيَقُولُ: هَذَا مَالُكُمْ وَهَذَا هَدِيَّةٌ أُهْدِيَتْ لِي، أَفَلاَ جَلَسَ فِي بَيْتِ أَبِيهِ وَأُمِّهِ حَتَّى تَأْتِيَهُ هَدِيَّتُهُ، وَاللَّهِ لاَ يَأْخُذُ أَحَدٌ مِنْكُمْ شَيْئًا بِغَيْرِ حَقِّهِ إِلَّا لَقِيَ اللَّهَ يَحْمِلُهُ يَوْمَ القِيَامَةِ، فَلَأَعْرِفَنَّ أَحَدًا مِنْكُمْ لَقِيَ اللَّهَ يَحْمِلُ بَعِيرًا لَهُ رُغَاءٌ، أَوْ بَقَرَةً لَهَا خُوَارٌ، أَوْ شَاةً تَيْعَرُ» ثُمَّ رَفَعَ يَدَهُ حَتَّى رُئِيَ بَيَاضُ إِبْطِهِ، يَقُولُ: «اللَّهُمَّ هَلْ بَلَّغْتُ» بَصْرَ عَيْنِي وَسَمْعَ أُذُنِي.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඉබ්නු අල්-ලුත්බියා නම් මිනිසෙකු සුලෙයිම් ගෝත්‍රයේ සකාත් එකතු කිරීම සඳහා සේවයේ යෙදවූූහ. ඔහු ලබා ගත් දෑ හා වියදම් කළ දෑ සම්බන්ධව ගණන් හිලව් කිරීමට ආපසු පැමිණි කල්හි, ඉබ්නු අල්-ලුත්බිය්යා මෙසේ පැවසීය: "මම සකාත් වශයෙන් රැස්කළ මෙය ඔබලා සතුය. මේ වස්තුව මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී." එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "ඔබ සත්‍යවාදී නම්, ඔබේ තෑග්ග ඔබ වෙත පිරිනමනු ලබන තෙක් ඔබ ඔබේ පියාගේ සහ මවගේ නිවසේ බලාපොරොත්තුවෙන් රැඳී නො සිටියේ මන්ද? ඔබ සේවය කළ ඔබේ මෙම වගකීම් ඔබට ත්‍යාග ලැබීමට හේතුවයි. ඔබ නිවසේ සිටියේ නම් ඔබට කිසිවක් තෑගි ලෙස ලැ‌බෙන්නේ නැත. එය ඔබට තෑග්ගක් ලෙස ලබා දුන් පමණින් ඔබ එය අවසරයක් ලෙස නොසැලකිය යුතුය." පසුව එතුමාණෝ කෝපයෙන් යුතුව මින්බර් වේදිකාවට නැග අල්ලාහ්ට ප්‍රශංසා කිරීමෙන් හා පැසසුම් කිරීමෙන් පසු, මෙසේ පැවසූහ: මෙම ප්‍රකාශයෙන් පසු සකාත්, හා ඝනීමත් භාණ්ඩ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අල්ලාහ් මට පවරා ඇති අධිකාරියේ වැඩ කරන සේවකයකු මම පත් කළෙමි. පසුව ඔහු සේවය නිමා කර පැමිණ මෙසේ කියයි. මෙය ඔබලා සතුයි. මෙය මට තෑග්ගක් ලෙස පිරිනමන ලදී.! ඔහුට තෑගි ලැබෙන තෙක් ඔහු තම පියාගේ හෝ මවගේ නිවසේ රැඳී නොසිටියේ ඇයි? අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ අතරින් කෙනෙකු පිරිනමන ලද දැයින් අයුතු ලෙස යමක් ගන්නේ නම්, ඔහු නියත වශයෙන්ම විනිශ්චය දිනයේදී එය දරාගෙන සර්වබලධාරී අල්ලාහ් හමුවනු ඇත. එය ඔටුවෙකු හෝ එළදෙනක් හෝ බැටළුවෙකු හෝ වේ නම් උන් කෑ ගසන තත්ත්වයේ ඔහු රැගෙන එනු ඇත. ඉන්පසු, එතුමාණන්ගේ කිහිලිවල සුදු පැහැය වාඩි වී සිටින්නන් දකින තෙක් දෑත් ඔසවා “දෙවිඳුනි! අල්ලාහ්ගේ නියමය ඔබලා වෙත මම දන්වා සිටියෙමි." යැයි පැවසූහ. පසුව අබූ හමීද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියේය: "සැබැවින්ම මෙය මාගේ ඇසින් දුටු මාගේ කනින් සවන් දුන් දෑය."

හදීසයෙන් උගත හැකි පාඩම්

පාලකයා තම සේවකයින්ට ඔවුන්ගෙන් අපේක්ෂා කරන දෑ හා ඔවුන්ගේ සේවයේ දී තහනම් කර ඇති දේ පැහැදිලි කිරීම.

ජනතාවගේ මුදල් අසාධාරණ ලෙස ගන්නා අය සඳහා වන අවවාදය.

කිසියම් අපරාධකරුවකු වී නම් ඔහු කළ අපරාධය සමග මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින පැමිණෙනු ඇත.

ඕනෑම රාජ්‍ය සේවයක නිරත වන සේවකයෙකුගේ යුතුකම වන්නේ තමාට පවරා ඇති දේ ඉටු කිරීමයි. ඔහුගේ කාර්යය සම්බන්ධයෙන් තෑගි ලබා ගැනීමට ඔහුට අවසර නැත. ඔහු ඒවා ලබා ගන්නේ නම්, ඔහු ඒවා පොදු භාණ්ඩාගාරයට දැමිය යුතුය. එය නපුරේ සහ විශ්වාසය කඩ කිරීමේ මාධ්‍යයක් වන බැවින් ඒවා තමා වෙනුවෙන් ගැනීමට ඔහුට අවසර නැත.

ඉබ්නු බත්තාල් තුමා මෙසේ පැවසීය: "හදීසය පෙන්වා දෙනුයේ, සැබැවින්ම සේවකයෙකුට තෑග්ගක් ලැබීම යනු, ඔහුගේ කරුණාවට ස්තූති කිරීම හෝ ඔහු කෙරෙහි සෙනෙහස පෙන්වීම හෝ ඔහු තම යුතුකම ඉටු කරනු ඇතැයි අපේක්ෂා කිරීමයි. ඔහුට එවැනි දේවල් (උපහාර වැනි) ලැබුණු විට, ඔහුත් පොදු මුස්ලිම් ජනතාව අතර සාමාන්‍යයෙකු ලෙස පවතින බවයි. ඔහුට ඔවුන්ට වඩා කිසිඳු විශේෂ අයිතියක් නැත. ඒ නිසා ඒවා එකම පුද්ගලයෙකු විසින් පමණක් භුක්ති විඳිම සුදුසු නැත."

අන් නවවි තුමා මෙසේ පැවසීය: "මෙම හදීසය පැහැදිලි කරන්නේ සේවකයින්ට තෑගි දීම තහනම් සහ අයථා පරිහරණයක් බවයි. මක්නිසාදයත් ඔහු තම අධිකාරිය සහ විශ්වාසය පාවා දුන් නිසාවෙනි. මේ හේතුව නිසා ඔහුට දඬුවම් කිරීම සහ නැවත නැගිටුවනු ලබන දිනයේදී ඔහුට ලබා දුන් දේ ඔහු රැගෙන යාම ගැන හදීසයේ සඳහන් වී ඇත. එමෙන්ම තෑග්ගක් ලබා දුන් තැනැත්තා ගැන එම හදීසයේම සඳහන් වී ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් එම හදීසයේම ඔහුට තෑගි තහනම් කිරීමට හේතුව පැහැදිලි කළ අතර, එය සේවකයෙකු නොවන කෙනෙකුට තෑග්ගක් මෙන් නොව, අධිකාරිය නිසා එසේ තහනම් කෙරෙන බැවිනි."

ඉබ්නු අල්-මුනීර් තුමා මෙසේ පැවසීය: “ඔහු තම පියාගේ සහ මවගේ නිවසේ වාඩි නොවූයේ ඇයි?” යන ඔහුගේ ප්‍රකාශයෙන් එය තේරුම් ගත හැකිය. ඊට පෙර ඔහුට තෑගි දුන් කෙනෙකුගෙන් තෑග්ගක් පිළිගැනීමට අවසර තිබිණ. ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය: 'එහි ස්ථානය පුරුදු පරිදි ලැබෙන දේට අමතරව ඉක්මවා නොයන විටෙක බව නො රහසකි.'

උපදෙස් දීමේ දී නබි තුමාණන්ගේ ක්‍රියා මාර්ගය. එය අපහස කිරීම නොව පොදු උපදෙදෙස් කිරීමකි.

ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය: "විෂයභාර අයෙකු පිළිබඳ පරීක්ෂණ කිරීම ආගමානුගත කරුණකි."

ඉබ්නු හජර් මෙසේ පැවසීය: වැරැද්දක් කරන අයකුට තරවටු කිරීමට මෙහි අවසර ඇත.

ප්‍රාර්ථනාවේ දී අත් දෙක එසවීම සතුටුදායකය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (9/ 28) (6979).

සහීහ් මුස්ලිම් (3/ 1463) (1832).

තවත් බලන්න (10)

جمهرة اللغة.

أبوبكر الأزدي (2/ 1067).

المعجم الوسيط.

مجمع اللغة العربية (2/ 1065).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 305).

تطرز رياض الصالحين.

لفيصل آل مبارك (ص166).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 234).