“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, තම පරමාධිපතියාණන් ඔහුගේ ආවරණය ඔහු මත තබන තරමට දේවත්වය විශ්වාස කරන්නා ඔහු වෙත සමීප කරවනු ලැබේ. පසුව ඔහුගේ පාපයන් පිළිගන්නට සළස්වයි
සෆ්වාන් ඉබ්නු මුහ්රිස් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. 'අල්ලාහ්ගේ හමුව සම්බන්ධයෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයවලට ඔබ කවර ආකාරයෙන් සවන් දී ඇත්තේ දැ?' යි මිනිසකු ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමාණන් මෙසේ ප්‍රකාශ කරනු මම සවන් දී ඇත්තෙමි යැයි හෙතෙම ප්‍රකාශ කළහ.
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, තම පරමාධිපතියාණන් ඔහුගේ ආවරණය ඔහු මත තබන තරමට දේවත්වය විශ්වාස කරන්නා ඔහු වෙත සමීප කරවනු ලැබේ. පසුව ඔහුගේ පාපයන් පිළිගන්නට සළස්වයි. පසුව "ඔබ මෙය දන්නෙහි ද?" යැයි විමසයි. එවිට 'මාගේ පරමාධිපතියාණනි! එසේය, මම දනිමි' යැයි ඔහු පවසයි. පසුව මෙලොවෙහි සැබැවින්ම ඔබට එරෙහිව තිබූ දෑ මම වසන් කළෙමි. අද දින ඔබ වෙනුවෙන් ඒවාට සමාව දුනිමි. පසුව ඔහුට ඔහුගේ යහපත් කුසල්හි පත්‍රිකාව දෙනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර්වරු හා කුහකයෝ වනාහි, 'අල්ලාහ්ට එරෙහිව බොරු කළවුන් මොවුහුය' යැයි පෙන්වා දෙමින් සියලුම මැවීම්වලට ඉහළින් ඔවුන් අමතනු ලැබේ."
«يُدْنَى الْمُؤْمِنُ يَوْمَ الْقِيَامَةِ مِنْ رَبِّهِ عَزَّ وَجَلَّ، حَتَّى يَضَعَ عَلَيْهِ كَنَفَهُ، فَيُقَرِّرُهُ بِذُنُوبِهِ، فَيَقُولُ: هَلْ تَعْرِفُ؟ فَيَقُولُ: أَيْ رَبِّ أَعْرِفُ، قَالَ: فَإِنِّي قَدْ سَتَرْتُهَا عَلَيْكَ فِي الدُّنْيَا، وَإِنِّي أَغْفِرُهَا لَكَ الْيَوْمَ، فَيُعْطَى صَحِيفَةَ حَسَنَاتِهِ، وَأَمَّا الْكُفَّارُ وَالْمُنَافِقُونَ، فَيُنَادَى بِهِمْ عَلَى رؤُوسِ الْخَلَائِقِ هَؤُلَاءِ الَّذِينَ كَذَبُوا عَلَى اللهِ».
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් දේවත්වය විශ්වාස කළ තම ගැත්තා සමග වන හමුව ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේවත්වය විශ්වාස කරන ගැත්තා තම පරමාධිපති වෙත සමීප කරනු ලබන අතර, අන් කිසිවෙකුට එබී බැලිය නොහැකි සේ ආවරණය කරයි. එවිට ඔහුට මෙසේ පවසයි: පසුව 'ඔබ මේ මේ දේ දන්නෙහි ද?' යැයි විමසා, ගැත්තා හා ඔහුගේ පරමාධිපතියාණන් අතර සිදු වූ පාපයන් ඔහුට පිළිගන්නට සළස්වයි. එවිට ඔහු 'මාගේ පරමාධිපතියාණනි! එසේය' යැයි ඔහු පවසයි. අවසානයේ දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයා බිය වූ විට, අල්ලාහ් ඔහුට මෙසේ පවසයි: "මෙලොවෙහි සැබැවින්ම ඔබට එරෙහිව තිබූ දෑ මම වසන් කළෙමි. අද දින ඒවා වෙනුවෙන් ඔබට මම සමාව දුනිමි." පසුව ඔහුට ඔහුගේ යහපත් කුසල්හි පත්‍රිකාව දෙනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කළ තැනැත්තා හා කුහකයා වනාහි, 'අල්ලාහ්ට එරෙහිව බොරු කළවුන් මොවුහුය' යැයි පෙන්වා දෙමින් සියලුම මැවීම්වලට ඉහළින් ඔවුන් අමතනු ලබති. අපාරාධකරුවන් හට අල්ලාහ්ගේ ශාපය අත් නොවේ ද!
දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්හට මෙලොව මෙන්ම මතුලොව ඔවුන්ගේ පාපයන් වසන් කිරීම තුළින් ඔවුනට පිරිනමන අල්ලාහ්ගේ භාග්‍යය හා කරුණාව.
හැකි පමණින් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ වැරදි සැඟවීමට උනන්දු කරවීම.
ගැත්තන්ගේ සියලු ක්‍රියාවන් ඔහු ඔහුගේ පරමාධිපති සීමා කොට තබා ඇත. එහෙයින් කවරෙකු යහපතක් දුටුවේ ද ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුයි. එමෙන්ම කවරෙකු ඒ හැර වෙනත් දෙයක් දුටුවේ ද ඔහු ඔහුටම මිස වෙනත් කිසිවෙකුටත් දොස් නොනැගිය යුතුය. එය අල්ලාහ්ගේ කැමැත්ත යටතේ පවතින්නකි.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අතරින් පාපිෂ්ඨයෝ කණ්ඩායම් දෙකක පසුවන බව හදීස් සමස්තය පෙන්වා දෙයි. පළමු කණ්ඩායම නම්, ඔහු අතර හා ඔහුගේ පරමාධිපති අතර සිදුවන පාපයන්. ඉබ්නු උමර් තුමාගේ හදීසය පෙන්වා දෙනුයේ සැබැවින්ම මෙම කොටස තවත් කොටස් දෙකකට බෙදී යන බවය. කොටසක් ඔහුගේ පාපය මෙලොවෙහි සඟවන ලබන්නක් වීම. අල්ලාහ් එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද සඟවන්නක් වනු ඇත. ඒ ගැන සඳහන් කරනු ලැබ ඇත. අනෙක් කොටස: ඔහුගේ පාපය ප්‍රසිද්ධියට පත් කරනු ලබන්නක් වීමය. මෙය එයට වඩා හාත්පසින්ම වෙනස් බව පෙන්වා දෙයි. දෙවන කණ්ඩායම: ඔහු අතර හා ඔහුගේ පරමාධිපති අතර සෙසු ගැත්තන් සම්බන්ධව සිදුවන පාපය. එය ද කොටස් දෙකකි. ඔවුන්ගේ පාපක්‍රියා ඔවුන්ගේ යහපත් ක්‍රියාවන්ට වඩා වැඩි පිරිසකි. ඔවුන් අපායේ සිටිති. පසුව ශෆාඅත් නම් මැදිහත්වීම තුළින් ඔවුන් ඉන් බැහැර වනු ඇත. දෙවන කොටස: ඔවුන්ගේ පාපක්‍රියා හා ඔවුන්ගේ යහපත් ක්‍රියා එක සමානව පැවතීමය. ඔවුනට තීන්දුවක් ලැබෙන තුරු ඔවුන් ස්වර්ගයට පිවිසෙන්නේ නැත.
සහීහුුල් බුහාරි (6/ 74) (4685).
සහීහ් මුස්ලිම් (4/ 2120) (2768).
තවත් බලන්න (10)
شرح رياض الصالحين.
لابن عثيمين (3/ 323).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (7/ 12).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 501).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 390).
جامع العلوم والحكم في شرح خمسين حديثا من جوامع الكلم.
لابن رجب الحنبلي (1/ 452).