Skip to content

පේළි අතරින් පිරිමින් සඳහා හොඳම පේළිය පළමු පේළිය වන අතර නරකම පේළිය අවසාන පේළිය වේ. ‌එමෙන්ම කාන්තාවන් සඳහා හොඳම පේළිය අන්තිම පේළිය වන අතර නරකම පේළිය පළමු පේළිය වේ

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

පේළි අතරින් පිරිමින් සඳහා හොඳම පේළිය පළමු පේළිය වන අතර නරකම පේළිය අවසාන පේළිය වේ. ‌එමෙන්ම කාන්තාවන් සඳහා හොඳම පේළිය අන්තිම පේළිය වන අතර නරකම පේළිය පළමු පේළිය වේ.

«خَيْرُ صُفُوفِ الرِّجَالِ أَوَّلُهَا، وَشَرُّهَا آخِرُهَا، وَخَيْرُ صُفُوفِ النِّسَاءِ آخِرُهَا، وَشَرُّهَا أَوَّلُهَا».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සලාතයේ දී පේළි අතරින් පිරිමින් සඳහා හොඳම සහ කුසලින් හා භාග්‍යයෙන් අධික පේළිය වනුයේ පළමු පේළියයි. හේතුව එය ඔවුන් ඉමාම්ට සමීපයෙන් සිටින බැවින් ද ඔහුගේ අල් කුර්ආන් පාරායනය ඔවුනට සවන් දිය හැකි බැවින් ද, කාන්තාවන්ගෙන් දුරස් ව සිටින බැවින් ද වේ. ඒ අතරින් නරකම, කුසලින් හා භාග්‍යයෙන් අඩුම සහ ෂරීආව අපේක්ෂා කරන දැයින් දුරස්ම පේළිය අවසාන පේළිය වේ. ‌ එමෙන්ම කාන්තාවන් සඳහා පේළි අතරින් හොඳම පේළිය අන්තිම පේළිය වේ. එය ඔවුන් ආවරණය වීමට වඩාත් සුදුසු වන අතරම පිරිමින් සමග මිශ්‍රවීමෙන්, ඔවුන් දැකීමෙන්, ඔවුන්ගෙන් ඇතිවන අර්බූදවලින් ඔවුන් ව දුරස් කරවන බැවිනි. එමෙන්ම නරකම පේළිය පළමු පේළිය වේ. ‌එය පිරිමින්ට සමීපයෙන් පවතින බැවින් හා අර්බූධ ඇති වීමට හේතුවක් වන බැවිනි.

හදීසයෙන් උගත හැකි පාඩම්

නැමදුම් කටයුතු සම්බන්ධයෙන් හා සලාතයේ පළමු පේළි අතරට යෑම සම්බන්ධයෙන් යුහුසුළු වීමට උනන්දු කිරීම.

මස්ජිදයේ පිරිමින් සමඟ කාන්තාවන් වෙනම පේළිවල සලාතය ඉටු කිරීමට අවසරය ඇත. නමුත් ආවරණය විය යුතු අතර නිහතමානීද විය යුතුය.

කාන්තාවන් මස්ජිදයේ රැස් වූ විටක, පිරිමින්ගේ පේළි මෙන් ඔවුන් ද පේළි සකසා ගනිති. ඔවුන් වෙන් වෙන්ව නොසිටිය යුතු අතර පිරිමින්ගේ පේළි මෙන් හිඩැස් පුරවා පේළි සමාන්තරව සකසා ගත යුතුය.

නැමදුම් කරන ස්ථානවල වුව ද කාන්තාවන් පිරිමින්ගෙන් දුරස්විය යුතු බවට දිරිගන්වමින් ෂරීආව දැඩි සැලකිල්ලෙන් යුතුව පැහැදිලි කර ඇත.

මිනිසා ඔවුන්ගේ ක්‍රියාකාරකම් අනුව වෙනස් ‌වනු ඇත.

ඉමාම් නවවි තුමා මෙසේ පවසයි: පිරිමින්ගේ පේළි ගත් කල, ඒවා සාමාන්‍යය වේ. නමුත් ඒ අතරින් පළමු පේළිය නිරන්තරයෙන්ම ශ්‍රේෂ්ට වේ. එමෙන්ම එහි අවසන් පේළිය නිරන්තරයෙන්ම නපුරු වේ. කාන්තාවන්ගේ පේළි ගත්කල, මෙම හදීසයේ අදහස් කරන්නේ : පිරිමින් සමග සලාත් ඉටු කරන්නියන්ගේ පේළි සම්බන්ධව ය. නමුත් ඔවුන් පිරිමින් සමග එකතු නොවී, පිරිමින් මෙන් වෙනමම ඉටු කරන විට, ඔවුන්ගේ පේළි අතරින් ශ්‍රේෂ්ට වනුයේ පළමු පේළිය වන අතර ඒ අතරින් නපුරු පේළිය වනුයේ එහි අවසාන පේළියයි.

නවවි තුමා තවදුරටත් මෙසේ පවසයි: හදීසයේ එහි මහිමය සඳහන් කර ඇති ආකාරයෙන් පළමු පේළිය ප්‍රශංසනීය වන්නේය. එසේ උනන්දු කරවා ඇත්තේ ඉමාම්ට පරව ඇති පේළිය සම්බන්ධයෙනි. අදාළ තැනැත්තා ‌කල් ඇතිව පැමිණිය ද ප්‍රමාද වී පැමිණිය ද එක සමානය. එමෙන්ම කෙටි කරන ලද සලාතයක් වැන්නක් වුව ද එසේ නොවුව ද එක සමානය.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 326) (440).

තවත් බලන්න (8)

سبل السلام شرح بلوغ المرام.

للصنعاني (1/ 374 ).

توضيح الأحكام مِن بلوغ المرام.

لعبد الله البسام (2/ 495).

فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.

لابن عثيمين (2/ 272).

مرقاة المفاتيح شرح مشكاة المصابيح.

للتبريزي (3/ 851).