Skip to content

ඍජු මාර්ගයක් උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අන්-නව්වාස් ඉබ්නු සම්ආන් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

"ඍජු මාර්ගයක් උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය. එම මාර්ගය දෙපස බිත්ති දෙකකි. ඒ දෙක අතර විවෘත වූ දොරවල්ය. එම දොරවල් මත එල්ලෙමින් පවතින තිරය. එම මාර්ගයේ දොරටුව මත සිටින ඇරයුම් කරන්නෙක්: "අහෝ මිනිසුනි! ඔබ සැවොම මාර්ගයට පිවිසෙන්න. අක්‍රමවත් ලෙස ගමන් නොකරන්න." යැයි පවසයි. තවත් ඇරයුම් කරන්නෙක් මාර්ගයට උඩින් සිට, යමෙක් දොරටුවලින් එකක් විවෘත කරන්නට සිතු විට, "ඔබ මෙය විවෘත නොකරන්න. එසේ ඔබ එය විවෘත කළේ නම්, එහි ඔබ පිවිසෙනු ඇත." යැයි පවසයි. එම මාර්ගය ඉස්ලාමයයි. බිත්ති දෙක අල්ලාහ්ගේ සීමාවන් වෙති. විවෘත කරනු ලැබූ දොරටු අල්ලාහ් තහනම් කළ දෑය. මාර්ගයට මුඳුනින් සිට අමතන්නා අල්ලාහ්ගේ ග්‍රන්ථයයි. පාලමට ඉහළින් සිට අමතන්නා සෑම මුස්ලිම්වරයකුගේම හදවත තුළ ඇති අල්ලාහ්ගේ උපදෙස්කරුය."

«ضَرَبَ اللهُ مَثَلًا صِرَاطًا مُسْتَقِيمًا، وَعَلَى جَنْبَتَيْ الصِّرَاطِ سُورَانِ، فِيهِمَا أَبْوَابٌ مُفَتَّحَةٌ، وَعَلَى الْأَبْوَابِ سُتُورٌ مُرْخَاةٌ، وَعَلَى بَابِ الصِّرَاطِ دَاعٍ يَقُولُ: أَيُّهَا النَّاسُ، ادْخُلُوا الصِّرَاطَ جَمِيعًا، وَلَا تَتَعَرَّجُوا، وَدَاعٍ يَدْعُو مِنْ فَوْقِ الصِّرَاطِ، فَإِذَا أَرَادَ يَفْتَحُ شَيْئًا مِنْ تِلْكَ الْأَبْوَابِ، قَالَ: وَيْحَكَ لَا تَفْتَحْهُ، فَإِنَّكَ إِنْ تَفْتَحْهُ تَلِجْهُ، وَالصِّرَاطُ الْإِسْلَامُ، وَالسُّورَانِ: حُدُودُ اللهِ، وَالْأَبْوَابُ الْمُفَتَّحَةُ: مَحَارِمُ اللهِ، وَذَلِكَ الدَّاعِي عَلَى رَأْسِ الصِّرَاطِ: كِتَابُ اللهِ، وَالدَّاعِي مِنِ فَوْقَ الصِّرَاطِ: وَاعِظُ اللهِ فِي قَلْبِ كُلِّ مُسْلِمٍ».

මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිළි කළහ. සැබැවින්ම අල්ලාහ් ඉස්ලාමය සඳහා උපමාවක් ලෙස කිසිදු ඇදයක් නැති දිගු, ඍජු මාර්ගයක් ඉදිරිපත් කළේය. එම මාර්ගයේ දෙපස බිත්ති දෙකකි. එසේ නැතිනම් තාප්ප දෙකකි ඒ දෙක, පැත්තේ ඇති දෑ ඒ දෙක ආවරණය කරති. ඒ දෙක අල්ලාහ්ගේ සීමාවන් වෙති. මෙම බිත්ති දෙක විවෘත දොරටුවලින් බැඳි පවතී. ඒවා අල්ලාහ් තහනම් කළ දෑය. එම දොරටු මත තිර වෙති. එහි ඇතුළේ සිටින අය ගැන එම මාර්ගයේ ගමන් කරන්නන්ට දිස් නොවේ. මාර්ගය ආරම්භයේ ඇරයුම් කරන්නෙකු සිට ජනයා දෙසට හැරී ඔවුනට මඟ පෙන්වමින් මෙසේ පවසයි. "ඒ මත ඔබ සැවොම ගමන් කරන්න. එහි අයින් හා කෙළවරවල් වෙත නැඹුරු නොවනු." එසේ ඇරයුම් කරන්නා අල්ලාහ්ගේ ග්‍රන්ථයයි. එහි තවත් ඇරයුම් කරන්නෙක් එම මාර්ගය ඉහළින් සිටියි. එම ඇරයුම්කරු එම මාර්ගයේ ගමන් කරන්නා එම දොරටු තිරවලින් යම් ප්‍රමාණයක් විවෘත කරන්නට තැත් කළ සෑම විටකම, "ඔබට විනාශයම වේවා ඔබ එය විවෘත නොකරන්න. එසේ ඔබ එය විවෘත කරන්නෙහි නම්, එහි ඔබ පිවිසෙනු ඇත. පිවිසීමෙන් ඔබව ඔබටම පාලනය කිරීමට නොහැකි වනු ඇත." එම ඇරයුම් කරු සෑම මුස්ලිම්වරයකුගේ හදවත තුළ සිටින අල්ලාහ්ගේ උපදෙස් කරුය.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

ඉස්ලාමය යනු සත්‍යය දහමයි. සැබැවින්ම එය අප ස්වර්ගය වෙත ් කරවන ඍජු මාර්ගයයි.

අල්ලාහ් පැන වූ සීමාවන් ඔහු අනුමත කළ දෑ හා ඔහු තහනම් කළ දෑ පිළිපැදීම අනිවාර්යය වේ. එහි නොසැළකිලිමත්භාවය විනාශය උරුම කර දෙනු ඇත.

මහඟු අල් කුර්ආනයේ මහිමය. ඒ අනුව ක්‍රියා කිරීමට උනන්දු කිරීම. එහි ඍජුමඟ, ආලෝකය හා සාර්ථකත්වය ඇත.

තම ගැත්තන් කෙරෙහි වූ අල්ලාහ්ගේ කරුණාව. දේවත්වය විශ්වාස කළවුන්ගේ හදවත් තුළ අල්ලාහ් තැන්පත් කළ දැයින් ඔවුන් විනාශයේ වැටීමෙන් ඔවුන් වළක්වාලයි. ඔවුනට උපදෙස් දෙයි.

අල්ලාහ් තම දයාව තුළින් ගැත්තන් පාපයේ වැටීමෙන් ඔවුන් වළක්වාලන බාධක ඇති කළේය.

අර්ථය පැහැදිලි කර දීම හා සමීප කරවීම සඳහා උපමා ඉදිරිපත් කිරීම ඉගැන්වීමේ ක්‍රම අතරින් එකකි.

මූලාශ්‍ර

සුනන් අත් තිර්මිදි (4/ 539) (2859).

මුස්නද් අහ්මද් (29/ 181.

183) (17634).

තවත් බලන්න (4)

جامع العلوم والحكم (2/161).

فيض القدير (4/253).

التنوير شرح الجامع الصغير (7/100).

الفتح الرباني لترتيب مسند الإمام أحمد بن حنبل الشيباني (1/ 83).