Skip to content

“මාගේ මහප්පාණනි, අල්ලාහ් අබියස ඔබ වෙනුවෙන් මා කතා කළ හැකි පරිදි ඔබ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත’ යැයි පවසන්න.” යැයි කීහ

සඊද් ඉබ්නු අල්-මුසයියිබ් තුමා, තම පියාගෙන් ලබා මෙසේ වාර්තා කරයි:

අබූ තාලිබ්ට මරණය ළඟා වූ කල්හි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහු වෙත පැමිණියේය. ඔහු අසල අබ්දුල්ලාහ් ඉබ්නු අබූ උමය්යා හා අබූ ජහ්ල් සිටිනු දුටුහ. එවිට එතුමා ඔහුට: “මාගේ මහප්පාණනි, අල්ලාහ් අබියස ඔබ වෙනුවෙන් මා කතා කළ හැකි පරිදි ඔබ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත’ යැයි පවසන්න.” යැයි කීහ. එවිට අබූ ජහල් සහ අබ්දුල්ලාහ් ඉබ්නු අබී උමය්යා: ‘ඔබ අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙතින් ඉවත් වීමට අපේක්ෂා කරන්නෙහි ද?' යැයි විමසූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නැවතත් එතුමාට ඇරයුම් කළේය. ඔවුන් දෙදෙනාද එම ප්‍රකාශයම නැවත නැවතත් පැවසූහ. අවසානයේ අබ්දුල් මුත්තලිබ් ඔවුන්ගේ ප්‍රකාශයම පවසා සිටියේය. එනම් තමන් අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙත මත සිටින බවය. ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පැවසීමට ඔහු ප්‍රතික්ෂේප කළේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔබ ගැන මා නො වළක්වන තාක්කල් සැබැවින්ම මම ඔබට සමාව අයැද සිටින්නෙමි. එවිට අල්ලාහ් මෙම පාඨය පහළ කළේය. “නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාස කරන්නන්ට සුදුසු නොවීය.” (අත්-තව්බා: 113) එමෙන්ම අබූ තාලිබ් තුමා විෂයයෙහි අල්ලාහ් මෙසේ පහළ කළේය. “නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට ඔබට මග පෙන්විය නො හැකිය. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නාය." (අල්-කසස්: 56)

لَمَّا حَضَرَتْ أَبَا طَالِبٍ الْوَفَاةُ، جَاءَهُ رَسُولُ اللهِ صلى الله عليه وسلم فَوَجَدَ عِنْدَهُ أَبَا جَهْلٍ وَعَبْدَ اللهِ بْنَ أَبِي أُمَيَّةَ بْنِ الْمُغِيرَةِ، فَقَالَ: «أَيْ عَمِّ، قُلْ: لَا إِلَهَ إِلَّا اللهُ، كَلِمَةً أُحَاجُّ لَكَ بِهَا عِنْدَ اللهِ»، فَقَالَ أَبُو جَهْلٍ وَعَبْدُ اللهِ بْنُ أَبِي أُمَيَّةَ: أَتَرْغَبُ عَنْ مِلَّةِ عَبْدِ الْمُطَّلِبِ، فَلَمْ يَزَلْ رَسُولُ اللهِ صلى الله عليه وسلم يَعْرِضُهَا عَلَيْهِ، وَيُعِيدَانِهِ بِتِلْكَ الْمَقَالَةِ، حَتَّى قَالَ أَبُو طَالِبٍ آخِرَ مَا كَلَّمَهُمْ: عَلَى مِلَّةِ عَبْدِ الْمُطَّلِبِ، وَأَبَى أَنْ يَقُولَ: لَا إِلَهَ إِلَّا اللهُ، قَالَ: قَالَ رَسُولُ اللهِ صلى الله عليه وسلم: «وَاللهِ لَأَسْتَغْفِرَنَّ لَكَ مَا لَمْ أُنْهَ عَنْكَ»، فَأَنْزَلَ اللهُ: {مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ} [التوبة: 113]، وَأَنْزَلَ اللهُ فِي أَبِي طَالِبٍ، فَقَالَ لِرَسُولِ اللهِ صلى الله عليه وسلم: {إِنَّكَ لا تَهْدِي مَنْ أَحْبَبْتَ وَلَكِنَّ اللهَ يَهْدِي مَنْ يَشَاءُ} [القصص: 56].

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම මහප්පා වන අබූ තාලිබ් මරණයට පත්වෙමින් සිටිය දී ඔහු වෙත ප්‍රවේශ වී මෙසේ පැවසීය. අහෝ මාගේ මහප්පාණනි! "අල්ලාහ් අබියස ඔබ වෙනුවෙන් මා සාක්ෂි දැරිය හැකි ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත’ යන ප්‍රකාශය පවසන්න". එවිට අබූ ජහල් සහ අබ්දුල්ලාහ් ඉබ්නු අබී උමය්යා: ‘අහෝ අබූ තාලිබ්! ඔබ ඔබේ පියා වන අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙත අත්හැර දමන්නෙහි ද? එය පිළිම වන්දනාවයි.' ඔවුන් පවසා සිටි දෑ ඔහු අවසානයට පවසා සිටින තෙක්ම එසේ කතා කරමින්ම සිටියෝය. එනම්: අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙත මත වීමය. එය බහුදේවාදී පිළිවෙතය; පිළිම වන්දනාමානය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: 'මාගේ පරමාධිපති ඒ ගැන මා වළක්වන තාක්කල් මම ඔබ වෙනුවෙන් සමාව අයැද සිටිමි' යැයි පැවසූහ. එවිට උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය පහළ විය. “නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාස කරන්නන්ට සුදුසු නොවීය.” (අත්-තව්බා: 113) එමෙන්ම අබූ තාලිබ් තුමා විෂයයෙහි අල්ලාහ් මෙසේ පහළ කළේය. “නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට ඔබට මග පෙන්විය නොහැක. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නාය." (අල්-කසස්: 56) ඔබ කවරෙකුට යහමඟ ලබා දෙන්නට ප්‍රිය කළෙහි ද එසේ ඔබ විසින් ඔහුට යහමග ලබා දෙන්නට නොහැක. ඔබේ වගකීම වනුයේ ඉස්ලාමයට ඇරයුම් කිරීම පමණි. තමන් අභිමත අයට යහමඟ පිරිනමනුයේ අල්ලාහ් ය.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

බහුදේවවාදීන්ගේ ඥාතිත්වය, ඔවුන්ගේ ක්‍රියාව හා ඔවුන්ගේ පුණ්‍ය කර්ම තිබුණ ද ඔවුන් වෙනුවෙන් පාපක්ෂමාව අයැදීමේ තහනම.

මුතුන් මිත්තන් හා වැඩිහිටියන් අන්ධානුභාවයෙන් යුතුව අනුගමනය කිරීම අඥාන ජනයාගේ සිරිතකි.

මිනිසුනට ඇරයුම් කිරීම හා ඔවුනට මඟ පෙන්වීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට තිබූ පූර්ණ ආශාව හා දැඩි උනන්දුව.

අබූ තාලිබ් ඉස්ලාමය වැළඳ ගත් බවට පවසන අයට ප්‍රතිචාරය.

ක්‍රියාවන් අවසානය අනුව පිහිටීම.

යහපත ගෙන දෙන බවටත් අයහපතින් වළක්වන බවටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හා වෙනත් අය සමග පවත්වන සම්බන්ධතාවේ නිෂ්ඵල බව.

කවරෙකු දැනුම සහිතව, විශ්වාසයෙන් යුතුව, තිරසාරව 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' යැයි පැවසුවේ ද ඔහු ඉස්ලාමය තුළට පිවිසේ.

මිනිසුනට බලපාන නපුරු පුද්ගලයින්ගේ හා නපුරු මිතුරන්ගේ හානිය.

"ලා ඉලාහ ඉල්ලල්ලාහු" යන්නෙහි අර්ථෙය. එනම් පිළිම වන්දනාව සහ දැහැමියන්ට හා දේව සමීපතයින්ට නැමදීම අත්හැර දැමීම. නැමදුම අල්ලාහ්ට පමණක් වෙන් කිරීම. සැබැවින්ම බහුදේවවාදීහු මෙහි තේරුම දැන සිටිති.

බහුදේව වාදී රෝගියකු ඉස්ලාමය පිළිගනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ නම්, එවන් රෝගියෙකුගේ සුවදුක් විමසීමේ අනුමැතිය.

යහමඟ පිරිනැමීමේ ආශිර්ව‍ෙදය අල්ලාහ්ට පමණක් සතු කාර්යකි. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සැබැවින්ම ධර්ම දූතයාණන් කෙරෙහි අනිවාර්යය වනුයේ යහමඟ පෙන්වීම, සත්‍ය වෙත මඟ පෙන්වීම හා එය වෙත ඇරයුම් කිරීම පමණි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (6/ 112) (4772).

සහීහ් මුස්ලිම් (1/ 54) (24).

තවත් බලන්න (4)

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص155).

الجديد في شرح كتاب التوحيد.

للقرعاوي (ص169).