Skip to content

“කිසිදු නබිවරයකු තම සමූහයාට දජ්ජාල් ගැන නො පැවසූ කරුණක් මා ඔබට පවසා සිටිය යුතු නොවේ ද? සැබැවින්ම ඔහු එක් ඇහැක් අන්ධ අයෙකි. ස්වර්ගයට හා අපා ගින්නට සමාන දෑ ඔහු රැගෙන එයි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“කිසිදු නබිවරයකු තම සමූහයාට දජ්ජාල් ගැන නො පැවසූ කරුණක් මා ඔබට පවසා සිටිය යුතු නොවේ ද? සැබැවින්ම ඔහු එක් ඇහැක් අන්ධ අයෙකි. ස්වර්ගයට හා අපා ගින්නට සමාන දෑ ඔහු රැගෙන එයි. නමුත් සැබැවින්ම එය ස්වර්ගය යැයි ඔහු පවසන දෑ නිරය වේ. නූහ් තුමා තම ප්‍රජාවට ඔහු ගැන අවවාද කර සිටියාක් මෙන් මම ද ඔබට අවවාද කරමි.”

«أَلاَ أُحَدِّثُكُمْ حَدِيثًا عَنِ الدَّجَّالِ، مَا حَدَّثَ بِهِ نَبِيٌّ قَوْمَهُ؟ إِنَّهُ أَعْوَرُ، وَإِنَّهُ يَجِيءُ مَعَهُ بِمِثَالِ الجَنَّةِ وَالنَّارِ، فَالَّتِي يَقُولُ إِنَّهَا الجَنَّةُ هِيَ النَّارُ، وَإِنِّي أُنْذِرُكُمْ كَمَا أَنْذَرَ بِهِ نُوحٌ قَوْمَهُ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දජ්ජාල් පිළිබඳවත් තමන්ට පෙර වෙනත් කිසිදු නබිවරයකු දන්වා නොසිටි ඔහුගේ ගති ගුණ හා ඔහුගේ සළකුණු පිළිබඳවත් දන්වා සිටියහ. ඒ අතරින් ‌කිහිපයක් මෙසේය: සැබැවින්ම ඔහු ඇසක් අන්ධ අයෙකි. සැබැවින්ම අල්ලාහ් ඔහුට ස්වර්ගය හා අපාය මෙන් ප්‍රතිරූපයක් ඇති කීරීමට හැකියාව ලබා දී ඇත. නමුත් ඔහුගේ ස්වර්ගය නිරයයි. ඔහුගේ නිරය ස්වරගයයි. කවරෙකු ඔහුට යටත් වූයේ ද මිනිසුන් දකින ස්වර්ගයට ඔහු ඇතුළත් කරනු ඇත. නමුත් එය පිළිස්සෙන ගින්නය. කවරෙකු ඔහුට පිටුපාන්නේ ද මිනිසුන් දකින නිරයට ඔහු ඇතුළත් කරනු ඇත. නමුත් එය සැපවත් ස්වර්ගයයි. පසුව නූහ් තුමා තම ප්‍රජාවට ඔහු ගැන අනතුරු ඇඟෙව්වාක් මෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ද ඔහුගේ අර්බූදයන් ගැන අපට අනතුරු අඟවා සිටියහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

දජ්ජාල්ගේ අර්බූදවල ඇති බිහිසුණුකම.

දජ්ජාල්ගේ අර්බූදවලින් මිදීම සිදු වනුයේ සැබෑ දේව විශ්වාසය, උත්තරීතර අල්ලාහ් වෙත යොමු වීම, අවසන් අත්තහය්යාත්හි ඔහුගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීම හා සූරා අල්-කහ්ෆ්හි ආරම්භක පාඨ දහය කටපාඩම් කිරීම තුළිනි.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමූහයා වෙත දැක්වූ දැඩි උනන්දුව. එතුමාණන් තමන්ට පෙර කිසිදු නබිවරයකු පැහැදිළි නො කළාවූ දජ්ජාල්ගේ ගුණාංග පිළිබඳ මුස්ලිම්වරුන්ට පැහැදිළි කළේය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (4/ 134) (3338).

සහීහ් මුස්ලිම් (4/ 2250) (2936).