“රන් හෝ රිදී හිමි අයකු ඒ සඳහා වූ (සකාත්) නියමය ඉන් ඉටු නොකරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබේ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“රන් හෝ රිදී හිමි අයකු ඒ සඳහා වූ (සකාත්) නියමය ඉන් ඉටු නොකරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබේ. පසුව අපා ගින්නෙහි රත් කරනු ලැබ එමගින් ඔහුගේ ඇලපැත්ත ඔහුගේ නළල සහ ඔහුගේ පිට ගිනි තැටියෙන් මදිනු ලැබේ. එය සිසිල් වන සෑම විටෙකම නැවතත් රත් කරනු ලැබේ. මෙම දඬුවම වසර පනස්දහසක කාල ප්‍රමාණයකින් යුත් එක් මතු දිනයක සිදු වේ. තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහුගේ මඟ ඔහු දකින තුරු නැවත නැවතත් ඔහු වෙනුවෙන් මෙසේ සිදු කරනු ලැබේ.” "අල්ලාහ්ගේ දූතයාණනි! එසේ නම්, ඔටු හිමියන් පිළිබඳ කුමක්ද?" යනුවෙන් විමසන ලදී. එතුමාණෝ: ඔටුවන් සතු අයකු ඒ සඳහා වූ නියමය ඔහු ඉන් ඉටු නොකරන්නේ නම් -ඌ කිරි දෙන දිනයේ උගේ කිරි දොවා (නිකුත් කිරීම ද) ඌ සතු නියමයක් වන්නේය.- මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විශාල සහ සමතලා ස්ථානයක ඔහු විසිකරනු ලැබේ. ඔටුවන්ට බාධාවකින් තොරව පාගා දැමීම සඳහා එය වඩාත් ඉඩකඩ සහිත වනු ඇත. ඔහු සතු වූ සියළු ඔටුවන් ඔහු වෙත පැමිණ උගේ කුරවලින් ඔහුව පාගා දමා උගේ කටින් ඔහුව සපා කයි. උන්ගෙන් ප්‍රථම ඔටුවා ඔහු පසු කර ගිය සෑම අවස්ථාවකම උන්ගෙන් තවත් ඔටුවෙකු ඔහු වෙත නැවත යොමු කරනු ලැබේ. මෙම දඬුවම වසර පනස්දහසක කාල ප්‍රමාණයකින් යුත් එක් මතු දිනයක සිදු වේ. තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහුගේ මඟ ඔහු දකින තුරු නැවත නැවතත් ඔහු වෙනුවෙන් මෙසේ සිදු කරනු ලැබේ.” "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ගව හා එළු හිමියා ගැන කුමක්ද?" යැයි විමසන ලදී. "ගවයන් හා එළුවන් හිමි පුද්ගලයා ඒවායෙහි නියමයන් ඔහු ඉන් ඉටු නොකරන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විශාල සහ සමතලා ස්ථානයක ඔහු විසිකරනු ලැබේ. උන්ගෙන් කිසිවක් අඩු නොකරනු ඇත. එහි ඇඹුරුණු අං හෝ අං රහිත උන් හෝ ඇතුළතින් අං කැඩුණු සෑම සතෙකුම උන්ගේ අංවලින් ඔහුට අණින්නට ගනී. උන්ගේ කුර වලින් ඔහුව පාගන්නට ගනී. උන්ගෙන් ප්‍රථම සතා ඔහු පසු කර ගිය සෑම අවස්ථාවකම උන්ගෙන් තවත් සතෙකු ඔහු වෙත නැවත යොමු කරනු ලැබේ. මෙම දඬුවම වසර පනස්දහසක කාල ප්‍රමාණයකින් යුත් එක් මතු දිනයක සිදු වේ. තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහුගේ මඟ ඔහු දකින තුරු නැවත නැවතත් ඔහු වෙනුවෙන් මෙසේ සිදු කරනු ලැබේ.”" යැයි පැවසුහ. "අල්ලාහ්ගේ දූතයාණනි! එසේ නම් අශ්ව හිමියා ගැන කුමක්ද?" යැයි විමසන ලදී. එතුමා: අශ්වයින් වර්ග තුනකි: ඌ විටෙක මිනිසාට බරකි. තවත් විටෙක ඌ මිනිසාට ආවරණයකි. තවත් විටෙක ඌ මිනිසාට කුසල් හිමි කර දෙන්නකි. මිනිසාට බරක් වන උන් වනාහි, ඉස්ලාම් වාසීන්ට එරෙහිව මිනිසකු විසින් මුහුණිච්ඡාව, උඩඟුකම සහ අපකීර්තිය උදෙසා බැද දමා තිබෙන සතුන්ය. උන් ඔහුට එය බරකි. ඔහුට ආවරණයක් වන උන් වනාහි, මිනිසකු විසින් අල්ලාහ්ගේ මාර්ගයේ ගමන් කිරීම සඳහා බැඳ දමා ඇති සතුන්ය. පසුව උන්ගේ පිටවල් හා බෙලි මත අල්ලාහ් නියම කළ නියමය ඔහු අමතක නොකළේය. උන් ඔහුට ආවරණයකි. ඔහුට කුසල් හිමි කර දෙන උන් වනාහි, මිනිසෙකු ඉස්ලාම් වැසියන් සඳහා තණ බිමක හෝ සරුසාර වත්තක හෝ ඌන් බැඳ දමා තිබෙයි. එසේ තණ බිමෙන් හෝ සරුසාර වත්තෙන් අනුභව කරන ප්‍රමාණයට ඔහුට යහපත ලියනු ලැබේ. උන්ගේ අසූචි හා රෝම ප්‍රමාණයට යහපත ලියනු ලැබේ. ඌ කඹය කඩා උස් තැනි තලාවක් හෝ තවත් තැනිතලාවන් දෙකකට ගමන් ගත්තේ නම් ද උගේ අඩි සළකුණු හා උගේ බෙටිවල ප්‍රමාණයට අල්ලාහ් ඔහුට කුසල් ලියන්නේමය. උගේ හිමිකරු ඌ කැටුවාගෙන ගඟක් අසළින් ගමන් ගත් විට, ඌ ඉන් පානය කළේ නම්, ඌට ජලය සැපයීමට ඔහු අපේක්ෂා නොකළ ද ඌ බොන වතුරේ ප්‍රමාණයට අල්ලාහ් ඔහුට කුසල් ලියන්නේමය." යැයි පැවසුහ. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එසේ නම් බූරුවා ගැන කුමක්ද?, යැයි විමසනු ලැබීය. එතුමාණෝ: "අද්විතීය විස්තීරණ මෙම වැකිය මිස වෙනත් කිසිවක් බූරුවා සම්බන්ධයෙන් මා වෙත පහළ වී නැත." යැයි පවසා සිටියහ. “එනම් කවරෙකු පරමාණුවක බර තරම් යහපතක් කරන්නේ ද එය ඔහු දැක ගනී. කවරෙකු පරමාණුවක බර තරම් නපුරක් සිදු කරන්නේ ද එය ද ඔහු දැක ගනී. (99ඃඅස්-සිල්සාල ; 7,8)
«مَا مِنْ صَاحِبِ ذَهَبٍ وَلَا فِضَّةٍ، لَا يُؤَدِّي مِنْهَا حَقَّهَا، إِلَّا إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ، صُفِّحَتْ لَهُ صَفَائِحُ مِنْ نَارٍ، فَأُحْمِيَ عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ، فَيُكْوَى بِهَا جَنْبُهُ وَجَبِينُهُ وَظَهْرُهُ، كُلَّمَا بَرَدَتْ أُعِيدَتْ لَهُ، فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ، حَتَّى يُقْضَى بَيْنَ الْعِبَادِ، فَيَرَى سَبِيلَهُ، إِمَّا إِلَى الْجَنَّةِ، وَإِمَّا إِلَى النَّارِ» قِيلَ: يَا رَسُولَ اللهِ، فَالْإِبِلُ؟ قَالَ: «وَلَا صَاحِبُ إِبِلٍ لَا يُؤَدِّي مِنْهَا حَقَّهَا، وَمِنْ حَقِّهَا حَلَبُهَا يَوْمَ وِرْدِهَا، إِلَّا إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ، بُطِحَ لَهَا بِقَاعٍ قَرْقَرٍ، أَوْفَرَ مَا كَانَتْ، لَا يَفْقِدُ مِنْهَا فَصِيلًا وَاحِدًا، تَطَؤُهُ بِأَخْفَافِهَا وَتَعَضُّهُ بِأَفْوَاهِهَا، كُلَّمَا مَرَّ عَلَيْهِ أُولَاهَا رُدَّ عَلَيْهِ أُخْرَاهَا، فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ، حَتَّى يُقْضَى بَيْنَ الْعِبَادِ، فَيَرَى سَبِيلَهُ إِمَّا إِلَى الْجَنَّةِ، وَإِمَّا إِلَى النَّارِ» قِيلَ: يَا رَسُولَ اللهِ، فَالْبَقَرُ وَالْغَنَمُ؟ قَالَ: «وَلَا صَاحِبُ بَقَرٍ، وَلَا غَنَمٍ، لَا يُؤَدِّي مِنْهَا حَقَّهَا، إِلَّا إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ بُطِحَ لَهَا بِقَاعٍ قَرْقَرٍ، لَا يَفْقِدُ مِنْهَا شَيْئًا، لَيْسَ فِيهَا عَقْصَاءُ، وَلَا جَلْحَاءُ، وَلَا عَضْبَاءُ تَنْطَحُهُ بِقُرُونِهَا وَتَطَؤُهُ بِأَظْلَافِهَا، كُلَّمَا مَرَّ عَلَيْهِ أُولَاهَا رُدَّ عَلَيْهِ أُخْرَاهَا، فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ، حَتَّى يُقْضَى بَيْنَ الْعِبَادِ، فَيَرَى سَبِيلَهُ إِمَّا إِلَى الْجَنَّةِ، وَإِمَّا إِلَى النَّارِ» قِيلَ: يَا رَسُولَ اللهِ، فَالْخَيْلُ؟ قَالَ: «الْخَيْلُ ثَلَاثَةٌ: هِيَ لِرَجُلٍ وِزْرٌ، وَهِيَ لِرَجُلٍ سِتْرٌ، وَهِيَ لِرَجُلٍ أَجْرٌ، فَأَمَّا الَّتِي هِيَ لَهُ وِزْرٌ، فَرَجُلٌ رَبَطَهَا رِيَاءً وَفَخْرًا وَنِوَاءً عَلَى أَهْلِ الْإِسْلَامِ، فَهِيَ لَهُ وِزْرٌ، وَأَمَّا الَّتِي هِيَ لَهُ سِتْرٌ، فَرَجُلٌ رَبَطَهَا فِي سَبِيلِ اللهِ، ثُمَّ لَمْ يَنْسَ حَقَّ اللهِ فِي ظُهُورِهَا وَلَا رِقَابِهَا، فَهِيَ لَهُ سِتْرٌ وَأَمَّا الَّتِي هِيَ لَهُ أَجْرٌ، فَرَجُلٌ رَبَطَهَا فِي سَبِيلِ اللهِ لِأَهْلِ الْإِسْلَامِ، فِي مَرْجٍ وَرَوْضَةٍ، فَمَا أَكَلَتْ مِنْ ذَلِكَ الْمَرْجِ، أَوِ الرَّوْضَةِ مِنْ شَيْءٍ، إِلَّا كُتِبَ لَهُ، عَدَدَ مَا أَكَلَتْ حَسَنَاتٌ، وَكُتِبَ لَهُ، عَدَدَ أَرْوَاثِهَا وَأَبْوَالِهَا، حَسَنَاتٌ، وَلَا تَقْطَعُ طِوَلَهَا فَاسْتَنَّتْ شَرَفًا، أَوْ شَرَفَيْنِ، إِلَّا كَتَبَ اللهُ لَهُ عَدَدَ آثَارِهَا وَأَرْوَاثِهَا حَسَنَاتٍ، وَلَا مَرَّ بِهَا صَاحِبُهَا عَلَى نَهْرٍ، فَشَرِبَتْ مِنْهُ وَلَا يُرِيدُ أَنْ يَسْقِيَهَا، إِلَّا كَتَبَ اللهُ لَهُ، عَدَدَ مَا شَرِبَتْ، حَسَنَاتٍ» قِيلَ: يَا رَسُولَ اللهِ، فَالْحُمُرُ؟ قَالَ: «مَا أُنْزِلَ عَلَيَّ فِي الْحُمُرِ شَيْءٌ، إِلَّا هَذِهِ الْآيَةَ الْفَاذَّةُ الْجَامِعَةُ»: {فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ، وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ} [الزلزلة: 8].
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඇතැම් වස්තු සඳහන් කරමින් ඒවාට අදාළ සකාත් නියමය ඉටු නො කළවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හිමිවන ප්‍රතිඵල පිළිබඳ පැහැදිළි කළහ. පළමුව: රන් රිදී හා එම නීතියට ඇතුළත් වන වස්තු හා ව්‍යාපාරික භාණ්ඩ ය. එහි දී සකාත් නිකුත් කිරීම අනිවාර්යය වී, එය ඉටු කරනු නොලැබුවේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා උණු කරනු ලැබ, කැබලි මෙන් හැඩයට ඒවා නිමවා, අපා ගින්නේ ඒවා රත් කර, එමගින් අදාළ පුද්ගලයාට දඬුවම් දෙනු ලැබේ. පසුව එමගින් ඔහුගේ ඇළපත, ඔහුගේ නළල හා ඔහුගේ පිට මදිනු ලැබේ. එය සිසිල් වූ සෑම විගසම නැවතත් එය උණු කරනු ලැබේ. දඬුවම් විඳින මෙම තත්ත්වයේ වසර පනස් දහසක ප්‍රමාණයෙන් යුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පුරාම අඛණ්ඩව මෙම වද හිංසාව පවතිනු ඇත. අවසානයේ අල්ලාහ් මැවීම් අතර තීන්දු ලබා දෙයි. ඔහු ස්වර්ග වාසීන් අතරට හෝ අපා වාසීන් අතරට හෝ පත් වනු ඇත. දෙවැන්නා: ඔටුවන් තිබී ඒවාට අදාළ සකාත් හා අයිතිය ඉටු නොකරන ඔටු හිමිකරුය. උගේ කිරි දොවන විට ඒ අසළ සිටින දුප්පතුන්ට ද ඉන් කොටසක් නිකුත් කිරීම ද වගකීමකි. මෙම ඔටුවන් වෙනුවට පුෂ්ටිමත් හා විශාල මෙන්ම උන්ගේ ප්‍රමාණයට වඩා අධික දෑ දෙනු ලැබේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විශාළ භූමියකු අදාළ තැනැත්තාව උන් සඳහා ඉදිරිපත් කර කොටු කර තබයි. උන්ගේ පාදවලින් ඔහු පාගා දමයි. උන්ගේ දත්වලින් ඔහුව සපා කයි. උන්ගෙන් අවසානයා ඔහු පසු කර ගිය සෑම අවස්ථාවකම නැවත ඔහු වෙත පළමුවැන්නා යවයි. දඬුවම් විඳින මෙම තත්ත්වයේ වසර පනස් දහසක ප්‍රමාණයෙන් යුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පුරාම අඛණ්ඩව ඔහු සිටිනු ඇත. අවසානයේ අල්ලාහ් මැවීම් අතර තීන්දු ලබා දෙයි. ඔහු ස්වර්ග වාසීන් අතරට හෝ අපා වාසීන් අතරට හෝ පත් වනු ඇත. තුන්වැන්නා: ගව හා එළු හිමිකරුය. - එහි බැටළුවන් හා එළුවන් ද ඇතුළත් වේ- එම හිමිකරු විසින් උන් සඳහා නිකුත් කළ යුතු අනිවාර්යය සකාතය ඉටු කර නැත. එවිට උන්ගේ ප්‍රමාණයේ කිසිවක් අඩු නොකර උන් වෙනුවට පිරිසක් පිරිනමනු ලැබේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තැනිතලා විශාල භූමියක අදාළ පුද්ගලයාව උන් ඉදිරියේ කොටු කර තබයි. උන් අතර අං ඇද වූ සතුන් හෝ අං නැති සතුන් හෝ අං කැඩුණු සතුන් හෝ දැක ගන්නට නොලැබේ. ඒවා සම්පූර්ණ ස්වභාවයෙන්ම පවතිනු ඇත. පසුව උන්ගේ අං වලින් ඔහුට අණිනු ඇත. උන්ගේ පාදවලින් ඔහුව පාගා දමනු ඇත. උන්ගේ අවසාන සත්වයා ඔහු පසු කර ගිය පසුව නැවතත් උන්ගේ ආරම්භක සත්වයාව ඔහු වෙත යොමු කරනු ලැබේ. ඔහු දඬුවම් විඳින මෙම තත්ත්වයේ වසර පනස් දහසක ප්‍රමාණයෙන් යුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා පුරාවටම අඛණ්ඩව සිටිනු ඇත. අවසානයේ අල්ලාහ් මැවීම් අතර තීන්දු ලබා දෙයි. ඔහු ස්වර්ග වාසීන් අතරට හෝ අපා වාසීන් අතරට හෝ පත් වනු ඇත. සිව්වැන්න: අශ්ව හිමිකරුවා, ඔවුන් වර්ග තුනකි. පළමු වැන්න: ඌ විටෙක මිනිසාට පව් හිමි කර දෙන්නෙකි. මුහුණිච්ඡාව, උඩඟුකම පෙන්වීම සඳහා හිමි කර ගත්තේ නම් හෝ මුස්ලිම්වරුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම සඳහා බැඳ තැබුවේ නම් එවැනි අවස්ථාවක එය පවකි. දෙවැන්න: උන් ඔහුට ආවරණයකි. අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම සඳහා වෙන් කරන ලද සතුන්ය. ඔහු ද උන් සමග නිසි අයුරින් කටයුතු කරයි. උන්ට අවශ්‍ය ආහාර සපයයි. අනෙකුත් වියදම් ද දරයි. උන්ගේ අනෙකුත් අවශ්‍යතා ද ඉටු කර දෙයි. තුන්වැන්නා: ඔහුට කුසල් හිමි කර දෙනවුන්ය. එනම්, අල්ලාහ්ගේ මාර්ගයේ කැප කිරීම සඳහා වෙන්කරන ලද සතුන්ය. උලාකෑම සඳහා තණ බිමක හෝ සරුසාර වත්තක හෝ ඔහු විසින් ඌන් බැඳ දමා තිබෙයි. එහි උන් අනුභව කරන ප්‍රමාණයට ඔහුට යහපත ලියනු ලැබේ. උන්ගේ අසූචි හා රෝම ප්‍රමාණයට යහපත ලියනු ලැබේ. ඌ සිටින තාක් කල් ඒවා විසන්ධි නොවේ. ඌ කඹය කඩා උස් තැනිතලාවක ගමන් ගත්තේ නම්, උගේ අඩි සළකුණු හා උගේ අසූචිවල ප්‍රමාණයට අල්ලාහ් ඔහුට කුසල් ලියන්නේමය. උගේ හිමිකරු ඌ කැටුවාගෙන ගඟක් අසළින් ගමන් ගත් විට, ඌ ඉන් පානය කළේ නම්, ඔහු ඌට ජලය සැපයීමට අපේක්ෂා නො කළ ද ඌ බොන ජලයේ ප්‍රමාණයට අල්ලාහ් ඔහුට කුසල් ලියන්නේමය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් බූරුවා පිළිබඳ අසා ඌ අශ්වයාට සමාන වේදැයි විමසන ලදී. එවිට එතුමාණෝ, අද්විතීය විස්තීරණ වූ මෙම වැකිය මිස වෙනත් විශේෂ කිසිවක් ඌ සම්බන්ධයෙන් පහළ නොවූ බව පවසා සිටියහ. මෙය සියලුම වර්ග සඳහා ඔවුන්ගේ අවනතවීම හා පිටුපෑම යන්නෙහි පොදු නියමයකි. උත්තරීතර අල්ලාහ්ගේ එම ප්‍රකාශය මෙසේය: “එනම් කවරෙකු පරමාණුවක බරක් තරම් යහපතක් කරන්නේ ද එය ඔහු දැක ගනී. කවරෙකු පරමාණුවක බරක් තරම් නපුරක් සිදු කරන්නේ ද එය ද ඔහු දැක ගනී. (සූරා අස්-සල්සාල් 99: 7,8) බූරුවන් හිමිව තිබිය දී ඔහු අවනතව කටයුතු කර තිබුණේ නම්, එහි කුසල් ඔහු දකිනු ඇත. ඔහු පිටුපාමින් කටයුතු කර තිබුණේ නම් එහි විපාකය ද ඔහු දකිනු ඇත. මෙය සියලුම ක්‍රියාවන් සඳහා වූ පොදු කාරණාවකි.
සකාත් නිකුත් කිරීම අනිවාර්යය. ඉන් වැළකී සිටියහොත් ඒ සඳහා වන දැඩි අවවාදය.
සකාත් නිකුත් නොකර සිටීම අලසකම නිසාවෙන් නම් ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු නොවේ. එනමුත් ඔහු සිටිනුයේ බරපතල අනතුරක ය.
පුද්ගලයෙකු අවනත වීමේ ක්‍රියාකාරකම් හි සිදුවන සංකීර්ණ කරුණු සඳහා ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ. ඔහු ඒවායෙහි මූලාරම්භයේ ඒවා ගැන අදිටන් කළේ නම්, එම සිදුවන කරුණු ගැන අදිටන් නොකළ ද ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ.
සකාත් නිකුත් කළ යුතු ප්‍රමාණය හැර සෙසු ධනයේ අයිතිය පවතියි.
ඔටුවා සම්බන්ධයෙන් පවතින වගකීමක් වනුයේ කිරි දොවන විට, ඌ ජලය බොන ස්ථානයට දුප්පතුන් පැමිණ තිබේ නම්, ඔවුනට ද කිරි දොවා ඉන් කොටසක් පිරිනැමීමය. මෙය නිවෙස් කරා යෑමට වඩා අසරණ අයට පහසුව සැලසීම හා පශු සම්පත් කෙරෙහි කරුණාව දැක්වීම පිණිසය. ඉබ්නු බත්තාල් තුමා මෙසේ පවසයි: වස්තුවේ වගකීම් දෙකක් ඇත. ෆර්ළු අයින් හි වගකීම් හා වෙනත් වගකීම්ය. කිරි දොවා නිකුත් කිරීම වගකීමක් බවට පත් වනුයේ සදාචාරාත්මක ගුණාංග අතරින් ය.
ඔටුවන් ගවයින් හා එළුවන් සම්බන්ධයෙන් වන තවත් අනිවාර්යය වගකීමක් වනුයේ උන්ගේ ලිංගික අවශ්‍යතා දකින විට උන්ගේ පිරිමි සත්වයා ඌ වෙත මුදා හැරීමය.
බූරුවාගේ නීතිය හා සඳහන් කරනු නො ලැබූ සෙසු සත්වයන්ගේ නීතිය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය තුළට පිවිසෙයි. එනම්: "එනම් කවරෙකු පරමාණුවක බර තරම් යහපතක් කරන්නේ ද එය ඔහු දැක ගනී. කවරෙකු පරමාණුවක බර තරම් නපුරක් සිදු කරන්නේ ද එය ද ඔහු දැක ගනී."
මෙම පාඨයේ සුළුවෙන් වුව ද යහකම් කිරීම සඳහා දිරි ගැන්වා ඇති අතර සුළුවෙන් වුව ද අයහපත කිරීම සම්බන්ධයෙන් අවවාද කර ඇත.
සහීහුුල් බුහාරි (6/ 175) (4962).
සහීහ් මුස්ලිම් (2/ 680) (987).
තවත් බලන්න (16)
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين.
بهجة الناظرين.
لسليم الهلالي (2/ 350).
نزهة المتقين.
لمجموعة من الباحثين (2/ 862).
شرح رياض الصالحين.
لابن عثيمين (5/ 253).
تيسير الكريم الرحمن في تفسير كلام المنان.
لعبد الرحمن آل سعدي (ص335).
فتح الباري شرح صحيح البخاري.
لابن حجر (3/ 268).
شرح الزرقاني على موطأ مالك.
لمحمد الزرقاني (2/ 164).
مرقاة المفاتيح شرح مشكاة المصابيح.
لعلي القاري (4/ 1262).
පොත්වල උපුටා දක්වා ඇත
6 පොත්තවත් බලන්න (6)
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 6«وَلا صَاحِبُ بَقَرٍ وَلا غَنَمٍ لا يُؤَدِّي مِنْهَا حَقَّهَا، إلَّا إذَا كانَ يَوْمُ القِيَامَةِ، بُطحَ لَها بقَاعٍ قَرقَرٍ، لا يَفْقِدُ مِنْها شَيْئاً، لَيْسَ فِيها عَقْصَاءُ، وَلا جَلْحاءُ، وَلا عَضبَاءُ، تَنْطَحُهُ بِقُرُونِهَا، وَتَطَؤ
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 6وَأَمَّا التي هِيَ لَهُ سِتْرٌ، فَرَجُلٌ رَبَطَهَا في سَبِيلِ الله، ثُمَّ لَم يَنْسَ حَقَّ الله في ظُهُورِها وَلا رِقابَها، فَهِيَ لَهُ سِتْرٌ.
- فصول في الصيام والتراويح والزكاة"مَا مِنْ صَاحِبِ ذَهَبٍ وَلَا فِضَّةٍ، لَا يُؤَدِّي مِنْهَا حَقَّهَا، إِلَّا إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ، صُفِّحَتْ لَهُ صَفَائِحُ مِنْ نَارٍ، فَأُحْمِيَ عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ. فَيُكْوَى بِهَا جَنْبُهُ وَجَبِينُهُ وَظَهْرُه
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولى«مَا مِنْ صَاحِبِ ذَهٍَب وَلَا فِضَّةٍ لَا يُؤَدِّي مِنْهَا حَقَّهَا إِلَّا إِذَا كَانَ يَوْمُ القِيَامَةِ، صُفِّحَتْ لَهُ صَفَائِحُ مِنْ نَاٍر، فَأُحْمِيَ عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ، فَيُكْوَى بِهَا جَنْبُهُ وَجَبِينُهُ وَظَهْرُهُ، كُلّ
- قاموس الكبائر«مَا مِنْ صَاحِبِ ذَهٍَب وَلَا فِضَّةٍ لَا يُؤَدِّي مِنْهَا حَقَّهَا إِلَّا إِذَا كَانَ يَوْمُ القِيَامَةِ، صُفِّحَتْ لَهُ صَفَائِحُ مِنْ نَاٍر، فَأُحْمِيَ عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ، فَيُكْوَى بِهَا جَنْبُهُ وَجَبِينُهُ وَظَهْرُهُ، كُلّ
- مجموعة زاد الفقه (2)الفقه للمستوى الثاني ( مجموعة زاد )«ما من صاحب ذهب ولا فضة لا يؤدي منها حقها إلا إذا كان يوم القيامة صُفِّحَت له صفائح من نار، فأُحمِيَ عليها في نار جهنم، فيكوى بها جنبه وجبينه وظهره، كلما بردت رُدَّت له، في يوم كان مقداره خمسين ألف سنة».