Skip to content

“කවර හෝ ගැත්තෙකුට අල්ලාහ් යටත් වැසියන් පාලනය කිරීමට සළස්වා, ඔහු මිය යන දින ඔහුගේ යටත් වැසියන් රවටා සිටි තත්ත්වක මිය යන්නේ නම්, අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කරනු මිස වෙනත් කිසිවක් නැත.”

සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට සවන් දී ඇත්තෙමි යැයි පවසා මඃකිල් ඉබ්නු යසාර් අල්-මුදනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“කවර හෝ ගැත්තෙකුට අල්ලාහ් යටත් වැසියන් පාලනය කිරීමට සළස්වා, ඔහු මිය යන දින ඔහුගේ යටත් වැසියන් රවටා සිටි තත්ත්වක මිය යන්නේ නම්, අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කරනු මිස වෙනත් කිසිවක් නැත.”

«مَا مِنْ عَبْدٍ يَسْتَرْعِيهِ اللهُ رَعِيَّةً، يَمُوتُ يَوْمَ يَمُوتُ وَهُوَ غَاشٌّ لِرَعِيَّتِهِ، إِلَّا حَرَّمَ اللهُ عَلَيْهِ الْجَنَّةَ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සැබැවින්ම අල්ලාහ් සෑම කෙනෙකුවම ජනයාට වගකිව යුතු භාරකරුවකු බවට පත් කර ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. එය නායකයකු මෙන් පොදු භාරකාරත්වයක් වුව ද නිවසේ බිරියක් සිටින ගෘහ මුලිකයා මෙන් විශේෂිත භාරකාරත්වයක් වුව ද එක සමානය. ඔහු ඔහුගේ පාලනයේ අඩුපාඩු දක්වයි. ඇයට වංචා කරයි. ඇයට උපදෙස් නොදෙයි. ඇයගේ ආගමික මෙන්ම ලෞකික අයිතිවාසිකම් අපතේ යවයි. මෙම දරුණු දඬුවමට මොහු ද සුදුසුකම් ලබනු ඇත.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

මෙම අනතුරු ඇඟවීම ප්‍රධාන නායකයාට සහ ඔහුගේ නියෝජිතයින්ට පමණක් විශේෂිත වූවක් නොවේ. නමුත් අල්ලාහ් යමක් භාර දී ඇති සෑම කෙනෙකුටම එය පොදු වේ.

මුස්ලිම්වරුන්ගේ කටයුතු භාරව සිටින සෑම කෙනෙකුම ඔවුන්ට උපදෙස් දීම, වගකීම් හා පැවරුම් ඉටු කිරීමට උත්සාහ කිරීම සහ වංචා කිරීමෙන් වැළකී සිටීම අනිවාර්ය වේ.

මහා හෝ කුඩා විෂයයක වේවා පෞද්ගලික හෝ පොදු විෂයයක වේවා ඒ එක් එක් භාරකරුගේ වගකීමේ ශ්‍රේෂ්ඨත්වය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (9/ 64) (7150).

සහීහ් මුස්ලිම් (1/ 125) (142).

තවත් බලන්න (6)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 706).

فيض القدير شرح الجامع الصغير.

للمناوي (5/ 488).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 543).