Skip to content

“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මා කවර කරුණක් මත එව්වේ ද ඒ කරුණ මතම මා ඔබවත් යැවිය යුතු නොවේද? යම් පිළිරුවක් වී නම් ඔබ එය විනාශ නොකර හෝ යම් ගෞරවනීය සොහොනක් වී නම්, එය සමතලා නොකර හෝ අත් හැර නොදමන්න

අබුල් හය්යාජ් අල්-අසදී තුමා විසින් වාර්තා කරන ලදී.

අලී ඉබ්නු අබී තාලිබ් මට මෙසේ පවසා සිටියේය: “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මා කවර කරුණක් මත එව්වේ ද ඒ කරුණ මතම මා ඔබවත් යැවිය යුතු නොවේද? යම් පිළිරුවක් වී නම් ඔබ එය විනාශ නොකර හෝ යම් ගෞරවනීය සොහොනක් වී නම්, එය සමතලා නොකර හෝ අත් හැර නොදමන්න."

قَالَ لِي ‌عَلِيُّ بْنُ أَبِي طَالِبٍ: أَلَا أَبْعَثُكَ عَلَى مَا بَعَثَنِي عَلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ؟ أَنْ لَا تَدَعَ تِمْثَالًا إِلَّا طَمَسْتَهُ، وَلَا قَبْرًا مُشْرِفًا إِلَّا سَوَّيْتَهُ.

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "මානව හෝ අසංවිධිත ආත්මයක් ඇති රූපයක්- "ප්‍රතිමාවක් වී නම් එය ඉවත් නොකර හෝ මකා නොදමා අත් නොහරින මෙන් පවසා තම සගයන් යැවීමට පුරුදුව සිටියහ." එමෙන්ම උසට ඉදි කරන ලද සොහොනක් වී නම් එය පොළොවට සමතලා කර ඒ මත ඉදි කර ඇති ගොඩනැගිල්ල විනාශ නොකර අත් නොහරින මෙන් හෝ එය මහපොළොවට වඩා අධික උසින් නො තබා වියතක තරම් උසින් සැකසිය යුතු යැයි ද පවසා සිටියහ.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

ප්‍රාණය සහිත දේ රූප ගත කිරීමේ තහනම; සැබැවින්ම එය දෙවියන්ට ආදේශ තැබීමේ මාධ්‍යයක් වේ.

පිළිකුල් සහගත දෙයක් වී නම් එය අතින් ඉවත් කිරීමට බලය හෝ හැකියාව ඇතොත් එය ඉවත් කිරීම ආගමානුගත කරන ලද්දකි.

අඥාන යුගයේ සළකුණු පෙන්වා දෙන පිළිරූ, ප්‍රතිමා සහ සොහොන් මත වන ඉදිකිරීම් වැනි සෑම දෙයක්ම ඉවත් කිරීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දු වූහ.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (2/ 666) (969).

තවත් බලන්න (8)

القول المفيد على كتاب التوحيد.

لابن عثيمين (2/ 446).

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص402).

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص447).

كتاب التوحيد.

للإمام محمد بن عبد الوهاب (ص138).